IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ නාගරිකරණ ගැටලු විසඳිමට යාන්ත්‍රණයක් සකස් කරනවා’


                            
(නිමල කොඩිතුවක්කු)  

                                   
නාගරිකරණ ගැටලූ බහුලව බලපා ඇති දිස්ත‍්‍රික්ක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර එම ගැටලූ කඩනමින් විසදීමේ යාන්ත‍්‍රණයක් සකස් කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය.


ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයට අමතරව ගම්පහ,  කලූතර, ගාල්ල, මාතර, මහනුවර ආදී දිස්ත‍්‍රික්කවල නාගරිකරණ ගැටලූ විසදීමට සියලූම රාජ්‍ය ආයතන එක්කර ගනිමින් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියේය.


නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට  සමගාමීව සංවිධානය කරනු ලබන ‘‘ජන පියස’’ මහජන ජංගම සේවාව කොළඹ 7, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේ දී අද (18) ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම් අනු කොටස්වලට බෙදීම් හා සම්බන්ධ අනුමැතිය ලබාදීම, මුලික සැලසුම් නිරාකරණ සහතික සහ අනුකූලතා සහතික නිකුත් කිරීම, ඉඩම් සංවර්ධනය ඇතුළු සංවර්ධන බලපත‍්‍රවලට අදාළ ගැටළු රැසකට සාකච්ඡා කර විසඳුම් ලබාදීම එහිදී සිදු කෙරිණි.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.


‘‘කරුණූ 02ක්  මුල් කරගෙන තමන්ට තියෙන ගැටලූ සඳහා අපිව විවෘතව මුණගැහෙන්න කියලා අපි කොළඹ දිස්ත‍්‍රික් ජනතාවට ආරාධනාවක් කළා. මොකද ගොඩනැගිලි ආදිය  ඉදිකිරීම සඳහා අනුමත කර ගැනීමට විවිධ ආයතන 11කට යාමට ජනතාවට සිදුවනවා. ඒ නිසා තමයි අපි මේ ‘‘ජන පියස’’ වැඩසටහන ආරම්භ කලේ.


මෙම වැඩසටහන සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 නියෝජනය කරමින් වගකිව යුතු නිලධාරීන් එක්ව සිටිනවා. එමෙන්ම අනෙකුත් ප‍්‍රධාන රාජ්‍ය ආයතන වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෙරළ සංරක්ෂණ අධිකාරිය, වාර්මාරිග දෙපාර්තමේන්තුව හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරන නිලධාරීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටිනවා.


මෙම කටයුතු  නව ලොවට ගැලපෙන අයුරින් ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමයට, අන්තර්ජාලය හරහා ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තියෙනවා. මෙම අන්තර්ජාල ක‍්‍රමය තුළින් ලෝකයේ   ඕනෑම ස්ථානයක සිට සංවර්ධන අයදුම්පත් ඉදිරිපත් කර බලපත‍්‍රයක් ලබාගැනීමේ හැකියාව මහජනයාට ලබාදී තිබෙනවා.   


මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ ඇතුළු නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (4)

‘ නාගරිකරණ ගැටලු විසඳිමට යාන්ත්‍රණයක් සකස් කරනවා’

Raveendra Monday, 18 June 2018 09:53 AM

අනේ ඉතින් මේ හාදයා හැමදාම කඩිනමින් බතල ඉන්දන ගොයියා නොවැ... කයිවාරු වස්ත්‍රයෙන් බේරෙනවා කියලා කියමනක් තියෙනවා...

:       0       17

ranga Monday, 18 June 2018 10:06 AM

කුණු අඹරණ වගේ යන්ත්‍රයක් වගේද ?

:       0       5

Pradeep Monday, 18 June 2018 10:15 AM

බොහොම හොදයි.. බරපතලම නාගරික ගැටළුව වන කුණු කසල ප්‍රශ්නය විසඳලා අනිත් ඒවාට යනවා නම් වටිනවා. මිනිස් ජීවිත ගණනාවක් බිලි ගත්තට පස්සෙවත් මේ ගැන සැලකිල්ලක් නෑ.

:       0       19

prakaash Monday, 18 June 2018 10:36 AM

පාචගේ බොරු බයිලා සහ ඩොලර්වලට රට පාවාදෙන හැටි තේරුම් ගත යුතුය. මොහු මේ රටට වින කරන පිළිලයකි.

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 18 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 163 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2619 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1422 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1051 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 455 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site