(නිමන්ති රණසිංහ)
මෙරට කොරෝනා වයිරස තත්ත්වය පිළිබ`දව ෆේස්බුක් හරහා තොරතුරු ලැබී ඇති බව ස`දහන් කරමින් මාධ්‍ය ප්‍රකාශයක් ලබාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හෙට (29) කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව ඇත.
හිටපු අමාත්‍ය ෂීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉකුත් මාර්තු මස 18 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා, කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ජනතාව තුළ අනිසි බියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ස`දහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ පැමිණීල්ලකට අදාළ මෙම ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියකු ලංකාදීපයට පැවසිය.
මෙම ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද නියමිතව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පිළිබදව තමා මෑතකදී ෆෙස්බුක් හරහා තොරතුරු බෙදා ගත් බවත් කොරෝනා පැතිරිම නැවැත්වීමට තමා අත්අඩංගුවට ගැනීමෙන් උදව් ලැබේ නම් තමන් සිරගෙට යාමට පවා සූදානම් බවත් ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙම මාධ්‍ය හමුව පවත්වා තිබුණේ ඉකුත් මාර්තු මස 19 වැනිදා කොළඹදීය.
ඒ අනුව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට සිද්ධිය සම්බන්ධයෙන් හෙට (29) පෙරවරු 10.00ට ප්‍රකාශයක් ලබා දීම සදහා පැමිණීමට දැනුම් දී ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ෆොන්සේකා හෙට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවයි
Lion Thursday, 28 May 2020 10:58 AM
මොනවද මේ බොරු වැඩ...? ආණ්ඩුවට කරන්න වැඩ නැද්ද? තාමත් තාජුදීන්ගේ මිනීමරුවන් නිදැල්ලේ... අරජුන් මහේන්ද්‍ර සිංගප්පූරුවේ, බැඳුම්කර හොරු එළියේ... මේවා කොමඩි මිනිස්සු හිනාවෙනවා තමුන්නැහේලාට...
Hafeel Thursday, 28 May 2020 11:43 AM
මහින්දානන්ද, විමල් චන්ද කාලේ කෑගහපු විදියට, මේ වෙනවිට මහබැංකු හොරු ටික හිරේ ඉන්න ඕනේ. නමුත් එක් හොරක් දැන් කියනවා ආණ්ඩුවට සහයෝගය දෙනවලු කියල.
කුමාර Thursday, 28 May 2020 11:44 AM
අර ජාතින් අතර ප්‍රශ්න ඇති කරන්න සංවාදවලදී හොරෙන් කතා කරපු එව්වෝ ගැන නඩු නැහැ... බොරු සෝබන තමයි ....
surath Thursday, 28 May 2020 12:02 PM
අමුතු FCID දාලා අමුතු පරීක්ෂණ කරලා හාමුදුරුවන්ටත් අපහාස කරපු යහපාලන යුගේ දැන් අමතකයි වගේ.
ISURU Thursday, 28 May 2020 12:25 PM
වසර 30 ක යුද්ධය අවසන් කිරීම උදෙසා නායකත්වය දුන් වරදටද..?
KAPILA Thursday, 28 May 2020 12:26 PM
මෙන්න රණවිරුවෝ දඩයම් කරනවෝ...
JAGATH Thursday, 28 May 2020 12:27 PM
ඔන්න රණවිරුවන්ට ශ්‍රී ලංකාවේ යන කල...
IRANTH Thursday, 28 May 2020 12:47 PM
තෙරුවන් සරණයි...!!!
Mahesh Thursday, 28 May 2020 01:10 PM
යහපාලනයත්.. නිකන් සිරිසේන වගේමයි. තනිකරම විහිලුවක් වේගෙන එන්නේ..
WMP Thursday, 28 May 2020 03:04 PM
ආණ්ඩුවේ දඩයම හා නිරුවත තව දුරටත්... කරන්න මෙච්චර වැඩ තියනවා. ඒවා හා ජනතාව අමතක කර විපක්ෂය පස්සෙන් එළවනවා. අනේ මන්දා මෙච්චර බය....
Piyasingha Thursday, 28 May 2020 03:27 PM
දේශපාලන දඩයම් තමයි...
Sitisena Thursday, 28 May 2020 03:33 PM
මෙයාලා කොරෝනා අස්සේ ක්‍රිකට් පිට්ටනි හදන්න යන එක අහන්නත් දෙයක්ද? මේ කරන වැඩවල හැටියට... මේ වෙලාවේ හැමෝම එකමුතුව රට ගොඩගන්න බලමු (යුද්දෙට කළා වගේ) පස්සේ අැණ කොටාගන්න බැරුව...
බද්රානි Thursday, 28 May 2020 03:42 PM
එතකොට දොස්තරලත් කරන්නේ මේ රටේ ජනතාව බය කරන එකද? රජකම ඉහට ගහලා, උඩ පැනලා කරන ඡන්දයේ , ලැබෙන ප්‍රතිඵලය බිමට වැටුණාම බලාගන්න පුළුවන් වෙයි? හිතාගෙන ඇති, දෙපිලේම හොරු (මහා බැංකු හොරු සමග) කරන තක්කඩි සෙල්ලම මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නේ නැහැ කියලා..
ධම්ම Thursday, 28 May 2020 04:15 PM
කොහොමහරි අත්අඩංගුවට පත් වුණොත් ඡන්දේ දිනුම්.
Nandalal DE SILVA - France Thursday, 28 May 2020 06:49 PM
යහපාලන රජයේ හිටපු ඇමතිවරු පස්සේ පන්න පන්නා රජයේ බෝඩිමට යැවීම හැර රජයට වෙන වැඩක් ඇත්තෙම නැද්ද?