IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශිය පත්වීම්වලට දේශපාලන බලපෑම්

(බිඟුන් මේනක ගමගේ)

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් 116 දෙනාටම පත්වීම් ලබාදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබියදී ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය හිතාමතාම එම කටයුත්ත කල් දමන්නට කටයුතු කරමින් සිටින බවට අමාත්‍යංශයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ප්‍රාදේශීය ළමා ආරක්ෂක තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනිදා පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවා ඔක්තෝම්බර් 12 වැනිදා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අතර එයින් ඉහළම ලුකුණු ලබාගත් 116 දෙනා මෙසේ පත්වීම් ප්‍රදානයට සුදුස්සන් හැටියට අධිකාරිය විසින් තෝරා ගනු ලැබූහ.

සුදුස්සන් හැටියට තෝරා ගත් බව පසුගිය දෙසැම්බර් 12 වැනිදා ඔවුන්ට දැන් වූ නමුත් එතැන් පටන් විවිධ හේතු දක්වමින් එම පත්වීම් ප්‍රදානය මාස අටකට අධික කාලයක් තිස්සේ පමා කරන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කළේය. 

හැට හය දෙනෙකුගේ නම් සහිත දේශපාලන ලැයිස්තුවකට පත්වීම් දෙන්නට යාම ඊට ප්‍රධාන හේතුව වූ අතර ලංකාදීප පුවත්පත අවස්ථා ගණනාවකදීම ඊට අදාළ කරුණු හෙළිදරව් කිරීමට කටයුතු කළේය.

මේ අතර සුදුසුකම්ලාභීන් විසින් කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඞ්ස්මන්වරයාට, ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ද මේ ගැන පැමිණිලි කරනු ලැබිණි.

කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා  පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා විසින් මේ ගැන විමර්ශන දෙකක් ආරම්භ කරනු ලැබුවේ එම පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.

විමර්ශන ආරම්භ කිරීමත් සමග පත්වීම් ප්‍රදානයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කළ අතර එහි සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසුවේ මෙම පත්වීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් කෙරුණු පැමිණිලි හා විමර්ශනවලට අදාළව කටයුතු කර අධිකාරිය මෙම තීරණය ගත් බවයි.

එහෙත් මේ වනවිට එම පත්වීම් නැවතත් පමා කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් ඒ ගැන තමන් කරන විමසීමකට ප්‍රතිචාරයක් දැක්වීමටවත් කාරුණික නොවන බවත් පත්වීම් අපේක්ෂිත උපාධිධාරිහු රැසක්ම ලංකාදීපයට පැවසූහ.
 

   මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරියගෙන් කරුණු විමසුව ද ඇය අත්‍යවශ්‍ය සාකච්ඡාවක බැවින් ප්‍රතිචාර දැක්විය නොහැකි යැයි ද ඇයගේ සම්බන්ධීකරණ ලේකම් රංජිත් කුලසිංහ මහතාගෙන් ඒ ගැන විමසන්නැයි ද ඇමැතිවරියගේ ආරක්ෂකයෙක් පැවසීය.

ඒ අනුව කළ විමසීමේදී ඇමැතිවරියගේ සම්බන්ධීකරණ ලේකම් රංජිත් කුලසිංහ මහතා පැවසුවේ ඔක්තෝම්බර් 1 වැනිදා අදාළ පත්වීම් ප්‍රදානය කිරීමට කටයුතු සම්පාදනය කළ ද ලෝක ළමා දින සැමරුම එදිනට යෙදී ඇති බැවින් පත්වීම් ප්‍රදානය කල්දැමීමට සිදු වූ බවයි.



අදහස් (0)

ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශිය පත්වීම්වලට දේශපාලන බලපෑම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1973 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1014 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 789 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 374 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 642 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 581 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site