IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෝර්ටන්තැන්නේ ජල පෝෂක ප්‍රදේශවලට හානි කළ තිදෙනෙකුට දඩ

(ශාන්ත චන්ද්‍රසිරි)

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ ස්වාභාවික මංපෙත්වලින් බැහැරව ගමන් කිරීම හා බේකර්ස් දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයට හානි කිරීම යන චෝදනා සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකුට දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (04) නියෝග කළේය.


එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000 ක දඩයක් මෙසේ නියම කෙරිණි. කොළඹ හා නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකු හට මෙම දඩ  නියම කෙරිණි.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට ස්වාභාවික පිහිටි මාර්ගවලින් බැහැරව ගොස් බේකර්ස් දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂක කලාපයට හානි සිදු කරමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර, සහකාර වනෝද්‍යානය භාරකරු ටී. පී. දයාරත්න, වනඅඩවි ආරක්ෂක ජයරත්න, වනසත්ත්ව නියාමක සනත්, කේෂ්ත්‍ර සහායක රවීන් ලක්මාල් යන නිලධාරීහු මෙම වැටලීම කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 



අදහස් (4)

හෝර්ටන්තැන්නේ ජල පෝෂක ප්‍රදේශවලට හානි කළ තිදෙනෙකුට දඩ

ප්‍රසන්න Thursday, 04 April 2019 08:01 AM

එතකොට විල්පත්තුව ?

:       1       38

Amila Thursday, 04 April 2019 08:57 AM

නියමයි

:       0       1

Bamunuarachchi Thursday, 04 April 2019 10:16 AM

අපේ අයට, ප්‍රදේශයකට ගිහිල්ලා එහි සිරි නරබන්න, ලස්සන දැක රසවිඳීමේ හැකියාවක් නැත. සතුටුවන්නේ ඒවාට හානියක් කිරීමෙන්ය. චිත්‍රයක් දැක්කොත් එය කුරුටු ගාවි නැතිනම් මොනවා හෝ අසික්කිත දෙයක් ලියාවි. පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගියොත් එහි රූප වලට ඇඟිල්ලෙන් අනීවී.

:       0       63

tikiri Thursday, 04 April 2019 11:03 AM

මෙතරම් විශාල දඩ මුදලක් අය කිරීමට හෝටන් තැන්නේ අක්කර ලක්ෂ ගණනක් විනාශ වෙන විදියේ වැඩක් කරන්න ඇති . විල්පත්වේ නම් ඉතින් අක්කර දෙදහස් ගණන නේ .

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 72 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 74 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 77 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 234 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 166 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 610 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site