IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරෙන් ඡන්දය දන්න ගිය ලංකාපූර ප්‍රා. සභාපති පුනානි යවයි

(ඩබ්. ඒ. පියතිලක)

නිරෝධායන නිතී අනුව නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී  ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු  හොරෙන් ගොස් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වර්තාවේ. කෙසේ වෙතත් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනා නිරෝධායනය කිරිම සදහා වහාම පුනානි  නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව  ලංකාපුර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ  කාර්යාලය පවසයි.

මෙසේ ස්වයං නිරෝධානය කර සිටියදී  ඡන්දය දමා ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ  බිරිඳ වේ.

අද පස්වරුවේ මොවුන් ඡන්දය දමා පැමිණ නිවසට වි සිටියදී පොලිසියට  ලැබුණ තොරතුරක් මත  පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමග සභාපතිවරයාගෙන් විමසා සිටියදී ඡන්දය දැමිමට තමන් සහ තම බිරිද ගිය බව පිළිගෙන තිබේ. ඒ අනුව සභාපතිවරයා  සහ දරුවන් දෙදෙනා නිරෝධායනය කිරිම සදහා පුණානි  නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව  ලංකාපුර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ  කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්තප්‍රිය බණ්ඩාර විජේකොන් මහතා මෙසේ පැවසීය.

‘කොරෝනා රෝගීන් හමු වුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.  නමුත් අපේ සභාවයි ලේකම් කාර්යාලයේ සියලු දෙනාම නිවාසවල නිරෝධායනය වෙන්න කියලා සෞඛ්‍ය අංශ අපව දැනුවත් කළා....නමුත් අද අපේ සභාවේ මන්ත්‍රිවරු සහ කාර්යාලයේ අයයි ලේකම් කාර්යාලයේ අයයි ඡන්දය දාලා. පස්සේ මමයි නෝනයි දෙන්නාත් ගිහින් ඡන්දේ දාලා ආවා. “

“රටේ නීතිය හැමෝටම එකයි නම්  මේ කාර්යාල දෙකේ මන්ත්‍රිවරු සහ නිලධාරිනුත් නිරෝධායනය කරන්න . සෞඛ්‍ය නිති සහ රටේ නිති රටේ සියලු දෙනාට එක සමාන විය යුතුයි.“ යයිද සුසන්තප්‍රිය බණ්ඩාර විජේකොන් මහතා පැවසීය.



අදහස් (6)

හොරෙන් ඡන්දය දන්න ගිය ලංකාපූර ප්‍රා. සභාපති පුනානි යවයි

විජේ Wednesday, 05 August 2020 10:56 PM

මේ හරක් යවන්න ඕනේ හිරේ. ඒවාට නිසි දඬුවමුත් දෙයි කියලා හිතනවා.

:       0       67

RaveendraThursday, 06 August 2020 06:08 AM

සහතික ඇත්ත මෙවන් පාදඩයින් තෝරන්න උදව් කරන ටකරන් ගිලින අයට තලන්න ඕනෑ.. මෙම අදහස් "ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිට " මෙන්ම එයාගේ ගෙදර උන්දෑට ඍජුවම කියවීමට හැකි වේවා...!!!

:       0       57

damith Thursday, 06 August 2020 03:52 AM

උසස් පෙළවත් නැති අයගෙන් ඔයිට වඩා හොඳ ආකල්ප බලාපොරොත්තු වෙන්න බෑ.

:       0       80

Raveendra Thursday, 06 August 2020 06:14 AM

ගමේ පට්ටියේ ලගින්න ලැබී මෙහෙම උගත්, බුද්ධිමත් විදියට හැසිරෙනවා නම් දියවන්නාව අසුචි වලට ගියොත් මොනවා කරයිද?

:       0       30

sena Thursday, 06 August 2020 06:47 AM

හොරකමයි, නීතියට වෙට්ටු දැමීමයි අපේ ජාතික ක්‍රීඩාව කරන්න ඕනේ.

:       0       0

දිමුත් Thursday, 06 August 2020 06:53 AM

මේ මනුස්සයාත් අනිත් අයටත් එරෙහිව අපරාධ නඩු පවරන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 423 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 448 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 704 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 610 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site