ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජූඩ් සමන්ත
රුපියල් 1000 හොර නෝට්ටු තුනක්, ඒවා මුද්‍රණය කිරීමට යොදා ගත්තේයැයි සැකකෙරෙන උපකරණ ද සමඟ හිමි නමක් (27) හලවාතදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ සුව දුක් බැලිමට පැමිණි බව කියන මෙම භික්ෂුව රෝහල ඉදිරිපිස ඇති වෙළඳසැල් දෙකකට ගොස් රුපියල් 1000 නෝට්ටු දෙකක් දී කිසියම් භාණ්ඩයක් මිල දී ගැනිමට ගිය අවස්ථාවේ වෙළද සැල් හිමියන්ට නෝට්ටු සම්බන්ධයෙන් ඇති වූ සැකයෙන් එම හිමි නම හා නෝට්ටු දෙක හලාවත රෝහල් පොලිසිය වෙත බාර දි ඇති අතර පසුව භික්ෂුව පරීක්ෂා කිරිමේ දී තවත් නෝට්ටුවක් තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
එම හිමියන් තාවකාලිකව වැඩ වාසය කළ විහාරස්ථානයට ගොස් පරීක්ෂා කිරිමේ මුද්‍රණ යන්ද්රයක්, නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගත් පත්‍රිකා තොගයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම හිමි නම ප්‍රදේශයේ තරුණයකු සමඟ එක්ව හොර නොට්ටු මුද්‍රණය කර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බවත්, එම තරුණයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හොර සල්ලි සමඟ හිමිනමක් සැකපිට
Mahee Saturday, 21 July 2018 06:01 AM
මං හිතන්නේ මෙහෙම කෙනෙක් ඔය අහු වුනාමයි.
Mallika Saturday, 21 July 2018 06:40 AM
දෙවියනේ මොකද මේ ශ්‍රී ලංකාවට වුනේ? අනාගත දරුවෝ ලංකාවේ ජිවත් වෙන්නේ කොහොමද?
sirimal Saturday, 21 July 2018 06:41 AM
දෙයි හාමුදුරුවනේ. මොකද්ද මේ අපේ සංඝ ශාසනයට වෙලා තියෙන්නේ? බුද්ධ සාසන අමාත්‍යාංශය සහ මහනායක ස්වාමින් වහන්සේලා එකතුව භික්ෂුන් වහන්සේලා අතර මේ ඇතිවී තිබෙන විනාශකාරී පරිහානිය නැවත්වීමට කටයුතු නොකලොත් ශාසනයක් පඬු හැලියත් දෙකම කම්මුතුයි. වෙන ආගම් අදහන අයට බැනලා වැඩක් නැහැ. අපේ වල අපිමයි කපාගෙන යන්නේ. දවසට එකගානේ අහන්න ලැබෙන ආරංචි අනුව දැන් උනත් ප්‍රමාද වැඩිද කියන්නත් බැහැ. ධර්මය වෙනුවට රස්සාවල් බලාපොරොත්තුව අධ්‍යාපනය හැදෑරීම තමා මේ පරිහානියේ මුල.
ගයාන් Sunday, 22 July 2018 12:27 AM
බුද්ධ ශාසනය රකින්න පෙර රජදරුවන් කළේ ධර්ම විනය සංඝායනා පැවැත්වීම. මේ ආණ්ඩුවත් ඒක මුලින් පටන් ගන්න
PerakumSunday, 22 July 2018 02:27 PM
මහනායක හිමිවරුන්ට නැතිරුදාවක් අපට කොයින්ද? ඒ ගොල්ලන් නමට නායක. සංඝයා පරිපාලනයට කවුරුත් නෑ. බුද්ධ සාසනය මහනායකලත් එක්කම අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවෙයි.
saliya Saturday, 21 July 2018 07:08 AM
ශාසනයට වෙච්ච දෙයක්. ”යොමා බුදු නෙත කුලුනිනේ, වඩිනු මැන නිදුකානනේ”
niresh Saturday, 21 July 2018 01:45 PM
සිංහල බෞද්ධ රටට ගිය කලක්.
kumar (gulf) Sunday, 22 July 2018 06:08 AM
කොහෙද ලංකාවේ බෞද්ධයෝ ඉන්නේ? ලංකාවේ බෞද්ධ කියන මිනිස්සු අඩුමගානේ පන්සිල් පද පහවත් රකිනවාද?
Sanath Saturday, 21 July 2018 07:53 PM
මුදල් වලට ජීවිතයටත් වැඩි වටිනාකමක් ආරෝපණය කරලා තියෙන සමාජයක ජීවත්වෙන හැමෝම මෝහන්ධකාරයෙන් පෙලෙනබවට හොඳම උදාහරණයක් තමයි මේක.
Perakum Saturday, 21 July 2018 11:40 PM
බෞද්ධ භික්ෂුන්ට රජයේ රැකියා දීම වහාම අත්හිටුවිය යුතුය. සංඝ සාසනය රැකගැනීමේ කාර්යයට මහනායක හිමිවරු පෙරමුණ ගත යුතුය.
Nirman Sunday, 22 July 2018 01:47 AM
ප්රින්ටරුයි කොලයි ඕනෙම පන්සලක තියෙනවා.
Perakum Sunday, 22 July 2018 04:55 AM
මහා නායක හිමිවරුන් සෘජුව ඉන්නවා නම් මේ වගේ තත්ත්ව ඇති වෙන්නේ නෑ නේද. අද හාමුදුරුවරු කොයි තරම් විනය විරෝධී ක්‍රියාකාරකම් වල නියැලෙනවද. ඇයි ඒ ගැන සොයා නොබලන්නේ?
kalani Sunday, 22 July 2018 06:56 AM
බුද්ධ චීවරය සියලුම යහපත් මානව ධර්මතාවල ජීවමාන සංකේතය ලෙස සලකන බෞද්ධ ජනයාගේ හදවත් සසල කරන පුවතකි මේ. වත්මන් සමාජ රටාව තුළ භික්ෂු ජීවිතය කෙතරම් අවදානම් තත්වයකට මුහුණපා සිටීද යන්න මෙම සිද්ධිය පෙන්වා දෙයි. දේශපාලනික, සාමාජික සහ පරිසරාත්මක වශයෙන් අවුල් සහගත තත්වයක් පවතින ලෝකයක මිනිස් සංහතියේ පැවැත්ම සම්බන්ධයෙන් විවෘත ප්‍රශ්නයක් අප හමුවේ ඇත්තේ තෝරා ගැනීමට මාවත් දෙකක් ඉතිරි කරමිනි. එනම් ම්ලේච්ඡත්වය තෙක් පසුපසට හෝ යහපත් මානවයන්ගේ රාජ්‍ය පාලනයක් දක්වා ඉදිරියට යාමයි. ස්වාර්ථය අරමුණු කරගත් භෞතික සමාජයෙන් ඔබ්බට ගිය භික්ෂුවක විසින් ඇදහිය නොහැකි තරම් පහත් හා වංචාකාරී වටපිටාවක් සකස් කරගැනීම ජාතියේම අවාසනාවකි. මන්දයත් හොරකම, වංචාව ප්රබලව තහවුරු වී ඇති තත්වයන් යටතේ මිනිසුන් සිතන්නේ කුමක්ද? මිනිසුන් විශ්වාස කරන්නේ කවුද? ඔවුන් බියවන්නේ එලොවටද? මෙලොවටද? මිනිසුන් පිළිගත යුත්තේ කවර දහමක්ද?
Perera Sunday, 22 July 2018 08:32 AM
ඇත්ත කියවෙන කොට කොහොමද ප්‍රතිචාර වැඩියෙන් වැටිලා තියෙන හැටි? හානේ රටකට ගිය කලක්...
maheshika Sunday, 22 July 2018 12:52 PM
බොහෝ දෙනෙක් හූල්ලනවා සඟ සාසනයට මොකක්ද මේ වෙන්නේ කියලා. මුකුත් වෙන්නේ නැහැ.. එකම දේ තමයි හොරු සිවුරක් පොරවාගෙන හොර වැඩ කරන එක... හෙට අනිද්දාට කුඩු ජාවාරමටත් සිවුර භාවිතා වෙයි.