(සිරංගිකා ලොකුකරවිට)
සහන සේවාවන්හි යෙදී සිටියදී අද උදෑසන කඩා වැටුණේ යයි කියූ එම්. අයි.17 වර්ගයේ හෙලිකොප්ටරය කඩාවැටුණා නොව එහි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් එහි නියමුවා විසින් හදිසියේ ගොඩබාන ලද බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.
හෙලිකොප්ටරය හදිසියේ ගොඩබෑමේදී නිවෙසක වහලකට හානි සිදුවී තිබේ. හෙලිකොප්ටරයේ 11 දෙනකු ගමන් කර ඇතත් සුළු තුවාල සිදුවී ඇත්තේ අයකුට පමණි.
එය ගොඩබාන ලද ස්ථානය තවමත් ජලයෙන් වටවී තිබෙන හෙයින් හෙලිකොප්ටරය ඇති ස්ථානයට ළඟාවීම අසීරු වී තිබේ.
මෙම යානය ගංවතුර ආධාර බෙදීමට යොදවා තිබූ යානයකි.
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හෙලිකොප්ටරය කඩාවැටුණා නොව හදිසි ගොඩබෑමක්
srimala Monday, 29 May 2017 06:19 AM
අනතුරක් නොවුණ එක ගැන නම් සතුටුයි...නියමුවාගේ සහ සියළු දෙනාගේ සේවය ඉතා අගෙයි. නමුත් ගස් කඩාගෙන බිම පතිත වීමට කියන්නේ කඩ වැටුණා කියලා තමයි...
cvc Monday, 29 May 2017 07:56 AM
හෙලිකොප්ටරය කඩා වැටුණා නොව හදිසි ගොඩබෑමක් ... මේකට වගකියන්නේ කව්ද?
නුමා Monday, 29 May 2017 08:25 AM
අනේ මම දන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ට පුදුමාකාර හීනමානයක්නේ තියෙන්නේ... ගෙවල් අස්සට, ලොකු ගස් අස්සට හෙලිකොප්ටර් ගොඩබානවා ඔය ඇහුවමයි. මාරක අනතුරක් නොවුන නිසා ගොඩබාලා. නැත්නම් කඩාවැටිලා. යන්ත්‍රෝපකරණ වල දෝෂ තියෙන්න පුළුවන්... මේ වගේ දේකට ඇත්ත කතා කරන්න ලැජ්ජාවෙන මිනිස්සුන්ගෙන් ඇත්තක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? කෙසේනමුත් කිසිවෙකුටවත් හානියක් නොවුණ එක ගැන නම් සංතෝෂයි.
arschfikaa Monday, 29 May 2017 08:31 AM
කඩාවැටිලා නම් නියමෙට ඇති. මොනවා වුණත් අපි නිදහසේ ඉන්නේ රණවිරුවන් හින්දා තමයි.
shan Monday, 29 May 2017 08:32 AM
අනතුරක් නොවුණ එක ගැන නම් සතුටුයි... නියමුවාගේ සහ සියළු දෙනාගේ සේවය ඉතා අගෙයි. (නමුත් ගස් කඩාගෙන බිම පතිත වීමට කියන්නේ කඩ වැටුණා කියලා තමයි) එහෙම කියන්න බෑ. කඩා වැටුණානම් ඔහොම බේරෙන්න් නෑ. නියමුවාගේ දක්ෂතාව මත අනතුර දැනිල කළහැකි ඉක්මන්ම තීන්දුව ලෙස ගොඩබාගෙන තියෙනවා. ජීවිත සියල්ල බේරගෙන රෝද 4 න් මහපොළවේ යන ඇතැම් අය කරන විනාස හැටියට... මේ නිලධාරියාට පදක්කමක් දෙන්න ඕනේ මේ ක්‍රියාවට..
පිටිගල මිලානෝ Monday, 29 May 2017 08:32 AM
ලෝකයේ ඉතාමත්ම දක්ෂ හමුදාවට... ආධාර බෙදීමේ කටයුත්තත් හරියට කරගන්න බැරිවුණු යම්යම් දෝෂ අපි දුටුවෙමු. ෆීල්ඩ් මාර්ෂල් තුමාට මෙම කටයුතු බාරදී නැවත දක්ෂ හමුදාවක් ගොඩනගමු.
AjanthaMonday, 29 May 2017 09:39 AM
භානුක දෙල්ගහගොඩ කියන්නේ ලංකාවේ එන්න සුපිරිම නියමුවෙක්.... ඔහු හින්දා 15 දෙනෙක් බේරුනා . භානුක ඔබ වීරයෙක්.
පිටිගල මිලානෝ Monday, 29 May 2017 11:18 AM
අජන්ත, හෙලිකොප්ටර් නියමුවන්ව ශ්‍රේණිගත කරන්න තියෙන සුදුසුකම මොකක්ද? ලංකාවේ ගොඩක් අයට ඔය රෝග ලක්ෂණය තියෙනවා.
Nuwan Monday, 29 May 2017 09:20 AM
ගැහුවේ නැහැ ස්වාමිනී... වැදුණා .....
Chathura Monday, 29 May 2017 10:08 AM
ඕක වැටෙන කොට මම යට ඉඳලා අල්ලා ගත්තා ... නැත්නම් මහා විනාශයක්...
Appuhami Monday, 29 May 2017 10:46 AM
කඩා වැටුණයි,.. බිමට බෑවයි කියන එකේ වෙනස මොකක්ද? මහගසුත් කඩාගෙන මෙහෙම හෙලිකොප්ටර් බාන සිරිතක් තියෙනවාද?
Appuhami Monday, 29 May 2017 10:52 AM
පිටිගල මහත්තයෝ, ඔයාට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? යහපාලනයට කඩේ යන එක හැරෙන්න...
lalith Monday, 29 May 2017 04:17 PM
යානාවක් කඩ වැටෙනවා කියන්නේ නියමුවාට කිසිම පාලනයක් නොමැතිව අක්‍රියව බිමට වැටීම. නමුත් හදිසි ගොඩ බෑමක් කියන්නේ යානාවේ දෝෂයක් ඇති බව තේරුම් ගොස් හෝ වෙනත් හේතුවක් මත විනාශය තරමක් හෝ දුරට මගහැරීම සඳහා හැකි වහාම ගොඩබිමට පහත කිරීම. එවැනි අවස්ථාවක යානාව විනාස වීමට වුනත් ඉඩ තිබෙනවා. දැකල නැතිද පාරේ යන බයිසිකලයක් වුනත් වේගෙන් යද්දී බ්රේක් නැතිව හියහම කන්දකට හරි කැලෑවකට හරි අල්ලනවා. එහෙම නොවුනොත් මහා විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. බයිසිකලේට මොනවා වුනහම මොකද අස්ථි නොකැඩි. මේකත් ඒ වගේ වැඩක්. පහත කිරීම සඳහා තැනක් නොමැති වුනත් යනවා විනාශ වුනත් ජිවිත එකොළහක් බේරාගැනීම නියමුවාගේ දක්ෂකමක්. හැම දෙයකම අසුභවාදී පැත්ත විතරක් දකින්නේ නැතුව සුභවාදී පැත්ත දිහත් බලන්න. අනික යුද්ධය අවසානයි කියල අපේ හමුදා නිසි සුදානමින් නොතබා ගැනීමෙන් ඕනෑම හදිසි අවස්ථාවක මෙවැනි ආපදාවන් වෙන්නට පුළුවන්.