IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම්

(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරුණ ශාන්ත පතිනායක නමැත්තාටය.

2012 අගොස්තු  21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම්කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂ  ඒ. මධුර මහතාට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ යෙදී සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

විත්තිකරුට එරෙහිව නඟා ඇති සියළු චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක්  නියම කළේය.

 



අදහස් (1)

හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම්

Mahee Thursday, 21 March 2019 09:09 PM

කුඩු මිලි ග්‍රෑම් 3470 කට අවුරුදු 20 ක් හැටියට ගත්තොත් මිලි ග්‍රෑම් එකකට මාස තුන හමාරයි. එහෙම බැලුවහම, මාස 8 කට හිරේ ගිය මනුස්සය කුඩු මිලි ග්‍රෑම් දෙකකටත් වැඩිය ළඟ තියාගෙන ඉඳල වගේ නොවැ. ඔන්න පුතෝ, හෙම්බිරිස්සාව තියෙනවා නම් උසාවි යන්න එපා, වරෙන්තු වෙන්න අරිනවා ඊට හොඳයි. අපේ නඩුකාර හාමුදුරුවරු නීතියටයි වැඩ, තේරුනාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 423 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 886 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1045 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 698 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 187 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1855 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site