(මනෝප්රිය ගුණසේකර)
කොළඹ මහවත්ත ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ වයස අවුරුදු 25 ක කුඩු ජාවාරම්කරුවෙක්ට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (18) මරණ දඬුවම නියම කළේය.
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුවන්ට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළඹ 10 මහවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණයකු වන ජේ.ඒ. ප්‍රසන්න කුමාර නමැත්තාටය.
2016 ජුනි මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ 10 මහවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10.28 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී කොළඹ උතුර පොලිස් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කොළඹ 10 මහවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී එවකට 22 හැවරිදි වියේ පසුවු මෙම විත්තිකරු පරීක්ෂාවට ලක් කොට ඇති බවත් ඒ අවස්ථාවේ හෙරොයින් අඩංගු පාර්සලය විත්තිකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
අත්අඩංගුවට ගනු ලැබු හෙරොයින් පරීක්ෂාවට ලක් කළ රජයේ රස පරීක්ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්රූම් 10.28 ක් ඇති බව දැනුම් දී තිබු අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම් නියම කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම
asanka Thursday, 18 July 2019 06:35 PM
ඇත්තටම මේක අරුම පුදුම රටක්
Chanak los angelesFriday, 19 July 2019 05:02 AM
කිසිම අරුම පුදුමයක් නැහැ ලෝකය සාධාරණය ඉෂ්ට කර තිබෙනවා. ඔහු ඔය හෙරොයින් තොගයෙන් කී දෙනෙකුට ලෙඩ රෝග අකල් මරණ අත්කර දෙනවාද? සමහර විට මොහු ඔය ජාවාරමේ ප්‍රධාන මුදුන් මුල නොවන්න පුළුවනි ? නමුත් ඔහුට නම් මෙයට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ එය වලක්වන්න කිසිවෙකුටත් බැරිය .
Sanath apura Friday, 19 July 2019 05:00 AM
උසාවියෙන් දෙන මරණ දඩුවමට කොහොමද අනිත් අය විරුද්ද වෙන්න මේක උසාවියට අපහාසයක් නෙවේ ද