IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් ජාවාරමට සෙබළා දිවි ඇති තෙක් හිරේට - දෙදෙනෙක්ට මරණ දඬුවම

(මනෝප්‍රිය ගුණසේකර) 
 
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ ආබාධිත යුද හමුදා සෙබළකු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ තුනකින් ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කෙරිණි.
 
මත්කුඩු ජාවාරමේ යෙදී සිටියදී අල්ලා ගන්නා ලද ආබාධිත යුද හමුදා සෙබලා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා නීතීපතිවරයා විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරු  තිදෙනා  විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළහ.
 
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බවත් ආබාධිත යුද හමුදා සෙබලා ඇතුළු  විත්තිකරුවන් හෙරොයින් ජාවාරමේ යෙදීම හේතූවෙන් සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බවත් පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ඇතුළු නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥවරුන්  කළ ඉල්ලීම් පිළිගත් විනිසුරුවරුන් විත්තිකරුවන්ට අදාළ ද`ඩුවම් නියම කළේය.
 
චෝදනාවන්ට වරදකරුවන්වීම නිසා ආබාධිත යුද හමුදා සෙබලාට ජිවීතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරද`ඩුවම් නියම වු අතර මොහොමඞ් ඊබ‍්‍රාහිම් මොහොමඞ් ජිෆ්රි සහ කනපති ජෙගම් නමැති විත්තිකරුවන් දෙදෙනාට මරණීය දඩුවම්ද නියම විය.
 



අදහස් (3)

හෙරොයින් ජාවාරමට සෙබළා දිවි ඇති තෙක් හිරේට - දෙදෙනෙක්ට මරණ දඬුවම

Perera Thursday, 20 June 2019 10:38 PM

යුද්දෙන් රට බේරපු රණවිරුවන්ව හිරේ දාල හරියනවද??? මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.

:       45       3

kamal Friday, 21 June 2019 01:13 AM

ආබාදිත සෙබළුන්ට මාසිකව ලක්ෂයකට ආසන්න මුදලක් ලැබෙනවා .

:       1       5

sarath Friday, 21 June 2019 01:39 AM

මේක මහා ව්‍යසනයක්. ගම්වල තියෙන කුඩු මාෆියාව ගැන කියන්න ගම්වල මිනිස්සු ඉදිරිපත්වෙන්න බයයි. සිංහල කොල්ලෝ ටික විනාශ වෙලා යනකල් සිංහල දේශපාලකයොයි, පොලිසියයි බකන් නිලාගෙන ඉන්නවා .කන්ජි පානිල කුඩු ගහන්නේ නැහැ ,ගෙන්වල බෙදා හරිනවා විතරයි

:       0       39

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 101 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 472 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 477 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 730 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 632 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 97 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site