IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

(ඩයනා උදයංගනී)

දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි උෂ්ණත්වය හෙට (27) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම වයඹ හා බස්නාහිර පළාත්වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ඇතැම් ප‍්‍රදේශවලත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා උෂ්ණත්වය ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ.

අධික උණුසුම පවතින අවස්ථාවලදී විවිධ ක‍්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය වී මස්පිඬු පෙරලීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ඉහත ප‍්‍රදේශවල ජනතාව ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි පමණ සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැ ඇඳුම් භාවිතය ආදිය අනුගමනය කළ යුතු බවත්, විශේෂයෙන් කුඩා ළමුන් තනිව වාහන තුළ තබායාමෙන් වැළකිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ දිනවල දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැඩි උෂ්ණත්වයක් පවතින අතර අද (26) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලයේ දී දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 36.6ක උෂ්ණත්වයක් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
 



අදහස් (5)

හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

Chinthana Wednesday, 26 February 2020 12:27 PM

අපට ගහක් පේන්න බැරි ජාතියක්නේ.. තව කඩොලාන ගස්කපමු. කැලෑව කපමු. එතකොට තේරෙයි ගස්වල අගය...මම නම් අවුරුදු 10කට කළින් පැනගත්තා.

:       17       145

Pradeep Wednesday, 26 February 2020 01:41 PM

ශාක විසින් නිහඬවම ඉටු කරනා කාර්යය තවමත් බොහෝ දෙනෙක් වටහා නොගැනීම කණගාටුවට කරුණක්. ඔක්සිජන් මොකටද කියා අසනා ජනතාවක් සහ ඊට අනුබල දෙන පාලකයින් ඉන්නා රටක ගහක් කොලක් ඉතිරි වෙයිද..? කවදා හෝ ඔක්සිජන් වල ඇති වැදගත්කම මේ අයට වැටහෙන තාක්කල් මේ තත්වය පවතිනු ඇත. නමුත් ප්‍රමාද වී හෝ එය වැටහෙනා විට අප බොහෝ ප්‍රමාදය. දැනටමත් අප බොහෝ ප්‍රමාදය.. එන්න අපි තව තවත් ගස් කපමු..

:       9       157

ranjith Thursday, 27 February 2020 05:47 AM

විල්පත්තු විනාශ කරන කාලකන්නින්ට තවම දඬුවමක්නේ... රටේ අනාගත දරුවන්ට නේද මේ අය රටක් නැති කරන්නේ? වනාන්තරවලට නඩු කියලා අයිති කරගන්න පුලුවන්ද? තව වනාන්තර වැඩි කරන්න නේද අද අවශ්‍ය වෙලා තියෙන්නේ...

:       0       1

Rohana Thursday, 27 February 2020 06:16 AM

රටේ වන ඝනත්වය 27% යි. මෙය අවම වශයෙන් 40% දක්වාවත් ඉහළ නොගියොත් ඉදිරියේදී මීටත් වඩා කාලගුණික දේශගුණික අාපදා වලින් පීඩාවට පත්වීම වළක්වන්න බැහැ.

:       0       1

ass charaya Thursday, 27 February 2020 06:18 AM

තව ටිකක් ගස් කපලා වැලි, පස්, බලපත්‍ර නැතිම කරලා දැම්මා නම් රටක් වශයෙන් වේලිලාම යන්න පුළුවන්. තව දෙයක් පහුගිය කාලේ නොකඩවා වහිනකොට කවුදෝ මන්ද කියනවා ඇහුණා "රාජා භවතු ධම්මිකෝ" කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 143 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 404 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 453 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 79 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 548 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1571 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site