(මනෝප්රිය ගුණසේකර)
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන නොවැම්බර් 23 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (10) නියම කළාය.
මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කොට තිබූ සිතාසියකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12 කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද ඔවුන්ට නියම කෙරිණි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර මෙම නඩුව වරද පිළිගැනීමකින් තොරව අවසන් කරගැනීමට කැමති බව මීට පෙර අවස්ථාවකදී ඇය අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකාරියට එරෙහි නඩුව ලබන නොවැම්බර් 23 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළාය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිරුණිකාට එරෙහි නඩුවේ විභාගයට දින නියම වෙයි
Gurami Saturday, 11 July 2020 02:32 AM
එන්නේ නම් සිල් අරන් වගේ.. වැඩේ තමයි. තාත්තා වගේමයි.
Rohana Saturday, 11 July 2020 02:54 AM
මැතිවරණයක් පෙනි පෙනී මේ නඩුව කලඑළි බැස්සේ ඇයි? මීට කලින් නඩුව අසන්නට බැරිවුනේ මොකද?
jayasekara Saturday, 11 July 2020 03:57 AM
බලන්න අපේ හැදියාව..!!!
rambo07 Saturday, 11 July 2020 04:32 AM
නීතිය හරි, වැරැදි ගැන දැනීමක් නැතිවුණාට වෙන දේවල් ගැන නම් හොඳට දන්නවා. කෝටි 25ක වන්දියකුයි, අවුරුදු 25ක හිරදඬුවමකුයි දුන්නානම්... ඒ ආණ්ඩුවට අපි ඡන්දෙ දෙනවා.
NishanSaturday, 11 July 2020 07:08 AM
මේ සැරේ ඡන්දේ දෙන්න දහස් ගාණක් මැරුවා කියලා පාපෝච්චාරණය කළ අයව ඇමතිලා කරන්න..
GayanSaturday, 11 July 2020 07:59 AM
වෙන්නේ කුමක්ද කියා කවුරුත් දන්නවා...
Nihal Saturday, 11 July 2020 08:10 AM
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැමට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 July 2020 10:09 AM
හිරුණිකා කළ දේට අනිවාර්යෙන්ම ඇයට දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒකේ කිසිම විවාදයක් නැහැ. එහෙත් කරුණා අම්මාන්ට.. කරුණා අම්මාන්ගේ ප්රශ්නය අලියකු නම් හිරුණිකාගේ මේ ප්රශ්නය බොහොම පොඩියි.
Bandara Saturday, 11 July 2020 07:25 PM
මෙයාව මේ පාර ගෙදර යවමු...