(නවරත්න සමරතුංග)
කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී රන්මුතුගල සංඝරතන හිමියෝ අද (17) මාරාන්තික උපවාසයක් ඇරඹූහ.
කල්මුණේ උතුර දෙමළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් හා මූල්‍ය බලතල සහිතව උසස් තත්වයට පත් කරන ලෙස රජයේ අදාළ අංශ වෙත බල කරමින් මෙම උපවාසය අරඹා තිබේ.
උන්වහන්සේ කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කර ඇත.
උපවාසය සඳහා සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයේ සභාපති එස්.ලෝගනාදන් නිත්‍යානන්දන් කුරුක්කල්, තිරුබේනාදන් පියතුමා සහ නාගරික මන්ත්‍රී ඒ.විජේරත්නම් ඇතුළු සමාජ ක්රීයාකාරීහූ සහය දක්වති.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිමි නමක් මාරාන්තික උපවාසයක
C.K.Lankaputhra Monday, 17 June 2019 08:26 AM
හාමුදුරුවනේ, මාරාන්තික උපවාස ගැන බුදුහිමියන් අනුදැන වදාලේ කිනම් අවස්ථාවකදීද?
Kamal Perera Monday, 17 June 2019 08:39 AM
මොකක්ද මේ කරන වැඩේ, ප්‍රශ්න විසඳාගන්න නීති මගට යන්න...
RasikaMonday, 17 June 2019 09:17 PM
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් මේවගේ දේවල් කරන්න ඕනේ නැහැ. ලංකාවේ නීතිය ගැන විශ්වාසයක් නැහැ. මුදල් වංචා ගැන , බොරු සාක්ෂිදීම ගැන නඩු ගණනාවක් තියෙන රවී කරුණානායක අර කමිටුවේ ඉදන් රාජ්‍ය සේවකයන්ගෙන් ප්‍රශ්න කරනවා, පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා.
දිමුත් Monday, 17 June 2019 08:48 AM
සාධාරණ ඉල්ලීමක් වගෙයි...
sirimal Monday, 17 June 2019 10:09 AM
මෙහි තියෙන බැනරයේ සිංහල මුලට නැහැ කියලා කාටවත් රුදාවක් හැදිලා නැද්ද තවම...?
mahesh Monday, 17 June 2019 10:21 AM
රටකට උසාවි පොලිසි ඕනෑ නැහැ.. හාමුදුරුවනේ ඔය ක්‍රමේ හොඳයි වගේ.. උපවාසයක් කරමු.. අපි කැමති නැත්නම්..!!!
kamal Monday, 17 June 2019 10:24 AM
බුද්ධ ධර්මයට විශාලතම හානිය සිදුවන්නේ කොතනින්ද?
Udaya Monday, 17 June 2019 10:29 AM
බුද්ධ පුත්‍රයන් වන සංඝයන් වහන්සේලාට මරාන්තික උපවාස කරන්න කිසිවිටක බුදුන්වහන්සේ අනුශාසනා කර නෑ. මේ ස්වාමීන්වහන්සේලා උපවාස රැල්ලක් කරගන්නයි හදන්නේ. කරුණාකර බුදුදහම පිළිබඳ වැරැදි වැටැහීමක් අන් අයට දෙන්නත් එපා, බුදුදහමට අගෞරව කරන්නත් එපා.
ravi Monday, 17 June 2019 10:42 AM
" මාරාන්තික උපවාස " දැන් බෝවෙන රෝගයක් බවට පත්වෙලා .
hasan Monday, 17 June 2019 11:19 AM
මොකද්ද මේ වෙන්නේ? හැමදෙයටම මාරාන්තික උපවාසය... එක්කෙනෙක් වත් තාමත් මාරාන්තික උපවාසය හරියට කරේ නෑ. කනවා බොනවා දවස් දෙකකින් අත හරිනවා..
sharm warn Monday, 17 June 2019 11:39 AM
එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ඉඩම් හා මුල්‍ය බලතල දෙනවා කියන්නේ පළාත් සභා වලටත් එහා ගිය බලය බෙදීමක් නේද ? මේක දැකලා අනිත් ප්‍රාදේශීය සභාවලිනුත් උපවාස කරන්න ගත්තම රටේ බලතල පොඩි පොඩි රාජ්‍ය පරිපාලන ආයතන වලට බෙදන්න ගියාම, රට කැලි කීයකට කැඩෙනවද කියලා නිකමට හිතලා බැලුවද ? මට නම් පෙන්නේ මේක අන්තිම භයානක ඉල්ලීමක් ...
KAMAL Monday, 17 June 2019 12:39 PM
අපේ නගරය අගනගරය කරන්න කියලා අපිත් උපවාස කරන්න යනවා. දැන් කොල්ලයි, බල්ලයි හැමෝම උපවාස කරන්න වෙලා..
chandima Monday, 17 June 2019 03:30 PM
අනේ හාමුදුරුවනේ ඕක මාරාන්තික උපවාසයක් නිසා දිගටම කරගෙන යන්න. අඩු ගානේ මේ ගොල්ලෝ ඉල්ලීම් දුන්නේ නැතිනම් තව්තිසාවටවත් ඉක්මණට යන්න පුලුවන්නේ? මේ රතන හාමුදුරුවෝත් පුරුදු කරපු දේවල් ඇත්තටම?
ධර්මසේනTuesday, 18 June 2019 05:18 AM
මේවා ඔක්කොම බොරු වැඩ.
roshan Monday, 17 June 2019 03:38 PM
කාටහරි මැරෙන්න දුන්නම ඉබේම නවතී.
Chanak los angeles Monday, 17 June 2019 10:20 PM
බික්ෂුන්ට ආරක්ෂා කලයුතු යයි අනුදැන වදාළ 228 ක් සහිත වූ ප්රාතිමෝක්ෂ ශීලය තුල මේ මාරාන්තික උපවාස ශීලයත් අනුදැන වදාලා තිබේද ?
Citisan Tuesday, 18 June 2019 05:02 AM
උපවාසම ඇති ආණ්ඩු කරන්න, 225 ක වියදම අපරාදේ
chithrananda Wednesday, 19 June 2019 11:47 PM
මොකක්ද මේ හාමුදුරුවන්ගේ ඉල්ලීම?එකෙන් කොහොමද පැවිදි භික්ෂුවකට බලපෑමක් වෙන්නේ?අනේ අපේ හාමුදුරුවනේ ඔය චීවරය මේ වගේ සිල්ලර වැඩවලට භාවිතා නොකර කරුණාකරලා ඕක පැත්තකින් තියලා සාමන්‍ය මනුස්සයෙක් විදිහට උපවාස කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ පුදුම දුක් කන්දරාවක් විඳලා දේශනා කරපු දර්ශනය විනාශ කරන්න එපා.