IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි චෝදනා විභාගය දින දෙකකට අත්හිටුවයි

( තිළිණි ද සිල්වා )

අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25 ක් යටතේ ගොනු කර ඇති අධි චෝදනා නඩු විභාගය බදාදා (29) තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (27) නියෝගයක් නිකුත් කළේය.

මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග වන එම නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ චේතිය ගුණසේකර මහතා අධිකරණය හමුවේ සදහන් කර සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  පී.කුමාර රත්නම් මහතා මෙම පෙත්සම් විභාගයේ දී නීතිපතිවරයා  වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

එහෙත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට ඊයේ පෙත්සම කැඳවූ අවස්ථාව අධිකරණය හමුවේ පෙනී සිටීමට අපහසු බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ලෙස රජයේ නීතීඥ චේතිය ගුණසේකර  මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සහ පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු නියෝගය  සලකා බැලීම බදාදා (29) කල් තැබිණි.

ඒ අනුව බදාදා (29) තෙක් කොළඹ මහාධිකරණයේ  තිළිණ ගමගේ මහතාට එරෙහි අධි චෝදනා නඩු විභාගය ද අත්හිටුවිණි.

පෙත්සම්කාර තිළිණ ගමගේ මහතා වෙනුවෙන්  නීතීඥ ලක්නි සිල්වා මෙනවියගේ උපදෙස් මත ජනාධිපති  නීතීඥ නලින් ලද්දූවහෙට්ටි සහ නීතීඥ හෆීල්  ෆාරිස්. යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (3)

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි චෝදනා විභාගය දින දෙකකට අත්හිටුවයි

eresh S kumara Monday, 27 January 2020 11:47 AM

කොළඹ කොටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ඉතා දක්ෂ විනිසුරුවරයෙක්. අලියෙක් නිසා නම් වැඩ තහනම් උනේ ඉක්මනින්ම සාධාරණයක් වෙන්න ඕනි.

:       165       310

athuraTuesday, 28 January 2020 04:15 AM

නිකන් අලියෙක් නෙමෙයි කැලෙන් උස්සන් ආපු අලියෙක්.

:       2       0

සෙනෙවිරත්න Monday, 27 January 2020 05:40 PM

විනිසුරු දක්ෂකම අපි නොදනිමු. වනයේ සිටිය යුතු අලි පැටවකු මවගෙන් වෙන්කර මොහුගේ නිවසේ සිටි බවත්. එදවස වනයේ අලි පැටවුන් අල්ලා ජාවාරමක් ලෙස වංසක්කාරයන් ලෙස පෙනී සිටීමට කැමති හීනමානයෙන් පෙලෙන්නවුන්ට විකිනීම සිදුවූ බවත් අසා ඇත

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 11 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 363 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 162 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 103 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 354 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 375 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site