IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු පා.ම. ජේ ශ්‍රී රංගා ඇතුළු 6 ක් අත්අඩංගුවට ගන්න නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
රිය අනතුරක් පිළිබදව තොරතුරු වසන් කිරීම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා හා වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අද  (16)  නියම කළේය.
 
 මන්ත‍්‍රීවරයා අතින් සිදුවු රිය අනතුරකින් ඔහුගේ ආරක්‍ෂ නිලධාරියා මියයෑමේ සිද්ධියට අදාළව තොරතුරු වසන් කිරීම හා අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල උධෘත සැළකිල්ලට ගැනීමෙන් අනතුරව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියෝග කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
 
 2011 වසරේ වව්නියාව සෙට්ටිකුලම් ප‍්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගේ මෝටර් රථයේ ඔහු සමඟ ගමන් කළ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාද, එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර හා අනුබල දුන් බව කියන වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුද අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා නියෝග නිකුත් කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
 
 හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරයා හා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරව ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඔවුන් සැකකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට වැඩිදුරටත් නියම කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.
 
 හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට ලැබුණු බලපත‍්‍රයක් මත ඔහු විසින් ලබාගත් ලියාපදිංචි නොකළ මෝටර් රථයෙන් ඔහු සිය ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා සමඟ 2011 මාර්තු මස 30 වැනිදා ගමන් කරමින් සිට ඇතැයිද එසේ ගමන් කරමින් සිටියදී වව්නියාව සෙට්ටිකුලම් රෝහල අසලදී ගසක හැපී අනතුරක් සිදුවී ඇතැයිද එම පැවසු නිශාරා ජයරත්න මෙනෙවිය එම අනතුරෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගේ මෝටර් රථයේ ගමන් කළ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා මියගොස් ඇතැයිද දැනුම් දුන්නාය.
 
 අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පැදවුවේ මියගිය පොලිස් සැරයන්වරයා බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා පොලිසියට දැනුම් දී ඇතැයිද නමුත් ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ  මියගිය පොලිස් සැරයන්වරයා නොව හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා බව පොලිස් නිලධාරීන් දැනගෙන සිට ඇතැයිද පැවසු නිශාරා ජයරත්න මෙනෙවිය ඒ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ  මියගිය පොලිස්  සැරයන්වරයා නොව හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා බව දැන දැනම ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා, සෙට්ටිකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ආධාර අනුබල දී ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකදී හෙළි වී ඇතැයිද පැවසුවාය.



අදහස් (9)

හිටපු පා.ම. ජේ ශ්‍රී රංගා ඇතුළු 6 ක් අත්අඩංගුවට ගන්න නියෝග

විජිත් Wednesday, 16 October 2019 01:04 PM

2011 කේස් එකක්...? අද 2019 ... අනික ඔය කේස්ලං එක මේ චන්ද කාලෙම ඇදලාගත්තේ ඇයි? ගෝඨාගේ කේස් වගේ ජනවාරියෙන් පස්සේ අදින්න තිබුණානේ... ලංකාවේ නීතියක් තියෙනවද.? ලැජ්ජයි. නාගානන්ද ඔබ හරි. ඔබලා බලයට පත්වුණොත් මුළු නීති පද්ධතියම වෙනස් කරන්න. ඒ වගේමයි සෑහෙන නඩු කාරයින් ප්‍රමාණයකට ගෙදර යන්න වේවි නාගාලා ආවොත්. දූෂිත පක්ෂග්‍රාහී බේබදු නඩු කාරයන් රටට ඕනේ නැහැ.

:       576       456

MaheeWednesday, 16 October 2019 02:23 PM

අලුත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කලින් හිටපු නීතිපතිවරු යට ගසා තිබුණු සියලු වැදගත් නඩු එකින් එක උඩට අරන් නඩු පවරන බව ඔබට සමහර විට නොපෙනෙන්න ඇති... ඒ කිසිවක පක්ෂ, පාට භේදයක් නැතිබවත් ඔබට නොපෙනෙන්න ඇති. කොහොමත් ඔබ කියන දෙවැනි කාරණේ නම් හරියටම හරි. අපේ නීති පද්ධතිය හසුරුවන්නන් අන්ත දූෂිත බව රන්ජනුත් කිව්වනේ...

:       1       228

NuwanWednesday, 16 October 2019 02:26 PM

ඔය කොයි කෙනත් එකයි. ඔබතුමා තුන්වේලට කන්නේ මොනවද කියලා දැනගන්න කැමතියි... !!

:       120       80

kamaniWednesday, 16 October 2019 05:56 PM

මට හිතෙන්නේ ඔබතුමා නම් වෙල් දෙකක් තණකොළ කාලා රෑට පුන්නක්කු පාරක් දානවා වගේ.

:       0       76

ලසන්තThursday, 17 October 2019 04:14 AM

බලාගෙන යනකොට පොලීසියේ ලොකුතැන් 2011 වගේ අනාධිමත් කාලයක සිටන් නීතිය නවලනේ...!

:       0       1

lalithm Thursday, 17 October 2019 02:28 AM

ඒ කියන්නේ 2011 කාලේ නීතිය කාට හරි ඕනේ විදියට නවල තිබිලා නේද?

:       110       172

SK Thursday, 17 October 2019 02:53 AM

පොලිසියෙන් නම් කවදාවත් හදන්න බෑ. මේ මන්ත්‍රීතුමා යහපාලනයට කතාව වැඩනම් බලු

:       2       3

Hafeel Thursday, 17 October 2019 05:44 AM

සංවාදවලදී මෙයා දේශපාලකයන්ගෙන් ප්‍රශ්න අහන විදියට, මෙයා වගේ පිරිසුදු චරිතයක් ලෝකේ නැහැ වගේ.

:       0       42

sirimal Thursday, 17 October 2019 09:34 AM

මේ මහත්තයට එක්තරා නාලිකාවක අයිති කාරයෙක් තවත් නාලිකාවක් විනාශකිරීමේ කොන්ත්‍රාත්තුවක් දීල තියෙනවා කියල කවුදෝ කියනවා ඇහුන. ඇත්තද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1252 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 172 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 342 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site