IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිටපු ජනපතිගේ තීරණය අත්හිටුවා ගොනු කළ පෙත්සම මාර්තුවට කල්යයි

(තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)
 
මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඬුවම ලැබූවන් අතරින් හතර දෙනෙකුට එම දඬුවම ක‍්‍රියාත්මත කිරීමට හිටපු  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සළකා බැලීම ලබන මාර්තු 27 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (10)  තීන්දු කළේය.

මෙම පෙත්සමට අදාළ කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය වන හෙයින් ඒවා විභාග කර අවසන් වන තෙක් රිට් පෙත්සම කල් තැබීම  වඩාත් සුදුසු බවට අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු සිව් පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළ අතර ඒ අනුව පෙත්සම මෙදිනට කල් තැබිණි.

අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර , අචල වෙංගප්පුලි සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් හමුවේ මෙම රිට් පෙත්සම සළකා බැලිණි.


මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයකු වූ මාලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා , අලූගෝසුවා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 26 වැනිදා පැවති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මරණ දඬුවම කි‍්‍රයාත්මක කරමින් සිරකරුවන් හතර දෙනෙකු එල්ලා මැරීමට අත්සන යෙදූ බව ප‍්‍රකාශ කර ඇත. එය ඉක්මණින් කි‍්‍රයාත්මක වන බවත්, මේ වනවිට ඊට දින තීන්දු වී ඇති බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී සඳහන් කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මෙම ජනාධිපති තීරණය තමන් අභියෝගයකට ලක් නොකරන නමුත්, පුද්ගලයින් එල්ලා මැරීම වනචාරී කි‍්‍රයාවකි. ජනාධිපතිවරයා අත්සන් යෙදීමෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඉක්මන් ක‍්‍රියාත්මක කරනු ඇත. එල්ලා මරණ දවස පෙත්සම්කරු නොදන්නා නමුත් එය සති අන්තයේදී සිදුවිය හැක.

එබැවින් මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයින් එල්ලා මැරීම වළක්වමින්  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටත් , වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටත්  හා අලූගෝසුවාටත් නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සීටී.



අදහස් (0)

හිටපු ජනපතිගේ තීරණය අත්හිටුවා ගොනු කළ පෙත්සම මාර්තුවට කල්යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 137 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 27 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1560 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 319 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1501 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1488 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site