IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති ලේකම් ඉන්දීය ලංකා මහකොමසාරිස් ධුරයට

රංජන් කස්තුරි
 
ජනාධිපති හිටපු ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්කිරිම කර තිබේ.


ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කළ අතර ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකම ලේකම් ධුරයෙහි කටයුතු කර විශ්‍රාම ලැබු නිලධාරියෙකි.



අදහස් (11)

හිටපු ජනපති ලේකම් ඉන්දීය ලංකා මහකොමසාරිස් ධුරයට

Raveendra Friday, 20 July 2018 11:10 AM

අප අවංකවම සොයා බැලුවොත් අපගේ විදේශ තානාපති කාර්යාල දෙස වැඩිපුරම තිබෙන්නේ පතෝල මැසි නැත්නම් වැටකොළු මැසිය. ඉතාම කලාතුරකින් දඹල, ඉන්නල, කිරි අල, මුරුංගා වැනි වගාවක් දකින්නට ඇත.

:       0       148

Chandima Friday, 20 July 2018 12:18 PM

ඉන්දියාවෙන් නම් අපේ රටට එවන්නේ හැම අතින්ම දක්ෂ ඕනෑම තර්කයක් තමන්ට ඕනෑ විදියට කරකවන්න දන්නා දක්ෂ ශූර හැකියාවක් තියෙන හොඳ අවදියෙන් ඉන්න මහා කොමසාරිස්ලා. අනේ මන්දා අපේ අය ගැන නම් ඉතින්...

:       101       183

RaveendraSaturday, 21 July 2018 01:16 AM

චන්දිම මයා වෙත, ඇත්තෙන්ම ඔබ හොද සිහි බුද්ධියෙන් අවට පරිසරය හොදින් නිරීක්ෂණය කරන්නෙකු බවට හොදම සාක්ෂිය ඔබෙගේ නිවැරදි අදහස්ය. ඇත්තෙන්ම ඕනෑම රටක් විශේෂයෙන් තමන්ගේ රටේ ආරක්ෂාව, දියුණුව වෙනුවෙන් වැදගත් වන්නාවූ රටක් තිබේනම් ඒ සදහා තානාපති ලෙස පත්කරන්නේ ඔබ විසින් සදහන් කල දක්ෂතාවයන්ගෙන් පරිපුර්ණ උදවිය හැර නිකන් අය නොවෙන බව ඉන්දියාවෙන් අප රටට පැමිණ සියලුම තානාපතිවරුන් තානාපතිවරියන්ගෙන් මනාව තේරුම් ගත හැක.

:       0       6

සතයපාල Friday, 20 July 2018 01:06 PM

ජනාධිපති ලේකම් තනතුරින් අයින් වුවත්, තවදුරටත් සේවය කරන්න බැරි නිසා නම් ඇයි මෙයාට ආයෙත් රක්ෂාවක් දෙන්නේ? මේ අය නැතිව මේ රට ගෙනියන්න බැරිකමක් තියනවාද?

:       26       150

RaveendraFriday, 20 July 2018 02:48 PM

සත්‍යපාල මයා වෙත, ඔබගේ නිවැරදි මෙන්ම කාලෝචිත අදහස ඔය කියන හාදයින්ට නොතේරුණා නොවේ නේද? තම තමන්ගේ වපසරිය වැඩිකර ගැනීම මූලික පරමාර්ථය හැර මේ කිසිවෙකුට රටේ දියුණුව, රටේ අනාගතය ගැන වගේ වගක් නැති බව මෙම සිදුවීමෙන් තවදුරටත් පැහැදිලි වන්නේය. මෙය ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුගේ අභිප්‍රායද වන්නේය.

:       23       133

ramaniSaturday, 21 July 2018 03:40 AM

සෞඛ්‍ය සහ පුද්ගලික හේතු මත අස්වෙනවා කිව්වේ. දැන් එහෙනම් සෞඛ්‍යය හොඳ ඇති. අනේ අපේ ජනාධිපතිතුමා හිටපු සෞඛ්‍ය ඇමතියෙක් වෙලත් මේ සෞඛ්‍ය හේතු තියෙන කෙනෙක්ට වැඩ කරන්න අමාරු බව දන්නේ නැද්ද?

:       0       15

Sanath Friday, 20 July 2018 03:57 PM

අපේ විදේශ සම්බන්ධතා කුරුවල් වෙන්න ප්‍රධාන හේතුව තමයි විශ්‍රාම විවේක සුවය විඳින්න මෙයාලා අපේ තානාපති කාර්යාලවලට යවන එක...

:       6       190

rasika Friday, 20 July 2018 04:06 PM

මගේ අදහස.. ඉන්දියාවේ තානාපති කරන්න ඕනේ.. මුත්තයියා මුරලිදරන්ව, එංගලන්තයේ තානාපති කරන්න ඕනේ සංගක්කරව... ඇමෙරිකාවේ තානාපති කරන්න ඕනේ ක්‍රිස් නොර්නිස් මහතාව. තව ඉතාම දක්ෂ නිලධාරීන් යවන්න ඕනේ. විශේෂයෙන් බුද්ධි තොරතුරු එකතු කරන්න පුළුවන් නිලධාරීන්. මුරලිට පුළුවන් වෙන්න ඕනේ දකුණු ඉන්දියාවේ ලංකාවට පක්ෂ ජනමතයක් හදන්න. ඒ වගේම සිංහල ජාතිය සම්බන්ධයක් තියෙන නෑකම් කියන, ඊසාන දිග ඉන්දියාවේ සහ උතුරු ඉන්දියාවේ සහයෝගය ගන්න. සංගක්කාරට එංගලන්තේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඔහුට පුළුවන් ලංකාව ගැන තියෙන නරක අදහස් නැතිවෙන විදියට වැඩ කරන්න. විශ්වාසයක් ඇති කරන්න. ක්‍රිස් නෝනිස් කොහොමත් දක්ෂයෙක් ඔහු ඇමෙරිකාවේ ලංකාව එන තියෙන ප්‍රතිරූපය හදාවි.

:       0       0

kalani Saturday, 21 July 2018 02:08 AM

පළපුරුදු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක්. අවංක කෙනෙක්. තානාපති සේවයට යෝග්‍යවන්නේ එවැනි නිලධාරින්. මොහුගේ සුදුසුකම් ගැන දෙවරක් සිතිය යුතු නැහැ.

:       43       50

රවින් Saturday, 21 July 2018 03:20 AM

පිටදේශකාරයෝ අපිට උඩ පැන පැන පහර දෙන්නේ අපගේ තානාතිපති සේවයේ තියන දුර්වලතාවයන් නිසා

:       0       15

Keppetipola Saturday, 21 July 2018 06:20 AM

මෙයා ජනාධිපති ලේකම් තනතුරින් අයින් වුනේ අසනීපයි කියලා මටනම් මතක. මෙවැනි අසනීප තියෙන අය විදේශ තනතුරුවලට දමන්නේ අපේ රට තවත් අසනීප කරන්න.

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 895 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 114 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 353 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 775 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 251 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 316 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site