IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හිටපු කොටි දෙදෙනකුට වසර 25 බැගින් සිර දඬුවම්

(උපාලි ආනන්ද)

 
ශ‍්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව  සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්වය සොයා බැලීමට කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්  අධිචෝදනා ලබා සිටි එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප‍්‍රබල කොටි සාමාජිකයින් දෙදෙනකුට වසර 25  බැගින් වෙන් වෙන් වශයෙන්  බරපතල වැඩ සහිත සිර දඬුවම්   උතුරු මැද පළාත් බද මහාධිකරණ  විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම   කළේය.
 
ඒ මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා අනුරාධපුර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් ගොනු කර තිබූ අධි චෝදනා 9 න් 5 කට ඔවුන් වරද පිළිගැනීමෙන් පසුව එක් චෝදනාවකට වසර පහ බැගිනි.  

නියම කෙරුණු මෙම 25 වසරක සිරදඬුවම වසර පහකින් ගෙවී යාමටද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා  විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ 6 7 8 සහ 9 වන අධි චෝදනාවන් විකල්ප චෝදනා ලෙස සළකා  එම චෝදනා 4 න්  ඔවුන් නිදොස් කර නිදහස් කර මුදා හැරීමටද  නියෝග කරනු ලැබීය. 
 
මෙම සිද්ධියට අදාල නඩුව අද  (22) අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ  අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.

විත්තිකරුවන් වසර හතකට අධික කාලයක් අඛන්ඩව රිමාන්ඩ් බාරයේ රඳවා සිටියදී මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිණි. 

මෙලෙස බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූයේ  සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප‍්‍රකාශන් ශිවශීලන් හෙවත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුටය. 



අදහස් (7)

හිටපු කොටි දෙදෙනකුට වසර 25 බැගින් සිර දඬුවම්

Nuwan Tuesday, 22 January 2019 09:42 AM

වසර 5 ද දඩුවම අනේ පව්!

:       0       32

Bamunuarachchi Tuesday, 22 January 2019 10:21 AM

රටවෙනුවෙන් ජාතියවෙනුවෙන් ජීවිත පූජාකළ රණවිරුවන්ට මෙන්න සලකන අකාරය.

:       0       2

sana Tuesday, 22 January 2019 10:45 AM

වසර 25ක් කියන්නේ කොහොමද වසර පහකින් ගෙවෙනවානම් ??

:       0       50

jayantha Tuesday, 22 January 2019 11:13 AM

අවරුදු පහයිද? සංවිධාන හදාගෙන මිනි මරන්න කියල කරන දිරිගැන්විමක්ද මේ?

:       0       0

ranjith Tuesday, 22 January 2019 11:51 AM

8 දෙනෙක් මරලා අවුරුදු 5 යි හිරේ. ඒකත් සමාවල් ලැබුනහම අවුරුදු 3 මාස 6 යි. අපේ හමුදාවේ අයෙක් අතින් වැරදිලා මිනිහෙක් මැරුනහම එල්ලුම් ගහ. මොකද්ද මේ උසාවියේ සාධාරණය.

:       0       0

Bamunuarachchi Tuesday, 22 January 2019 04:30 PM

රන්ජන් ඔබ හරියටම හරි

:       0       0

ප්‍රදීප් Tuesday, 22 January 2019 10:38 PM

8ක් මැරුවට වසර 5 නම් එක්කෙනෙක් මැරුවට මාස කීයද? කොටි දෙන්නට විඳින්නට ඇත්තේ ඉතාම සුළු දඬුවමකි. නමුත් අර පවුල් අටේම කට්ටිය ජිවිත කාලෙම දුක් වෙනවා, ඒවගේම ඔවුන්ට අහිමිවුණ රැකවරණයට කවුද වන්දි දෙන්නේ? දැන් ඔය කොටින්ට අපි වන්දි ගෙවන්නත් වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 210 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 91 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 105 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 99 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3492 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1617 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1404 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site