IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිටපු ඇමැති මර්වින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සැරසෙයි

(දයාරත්න ඇඹෝගම සහ බි.ජි.චතුරංග)

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය.

වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්විමේ මංගල උත්සවය අද (23)දින අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණි.මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් වීර දුටුගැමුණු සංවිධානයේ නායක මර්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.

       ‘‘ඩි.එස්.සේනානායක මහතාගේ පක්ෂයෙන් ඉවත් වෙන කොට බණ්ඩාරනායක මහතා මුලින්ම පක්ෂයක් හදන්න හිතුවද.නැහැනේ. ඒ වාගේ තමයි මමත්. මේ රට හදපු වීර දුටුගැමුණු රජතුමාගේ නමින් තමයි මමත් මේ පක්ෂය හැදුවේ.

මේ මහ බැංකු වංචාවට හිටපු කට්ටියයි මේ ගොල්ලයි දෙගොල්ලම සම්බන්ධයි.දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.මහ බැංකු වංචාව මොනවද.

දැන් වාහන ගොඩාක් ගෙන්නලා රුපියල් බිලියන ගානක් විනාශ කරලා තියෙන්නේ.වාහන 1675 ක් ගෙන්නලා මුදල් වංචාවක් වෙලා තියෙන්නේ.මේ සිද්ධියට එක්තරා ඇමතිවරයෙකුත් සම්බන්ධයි.මහ බැංකුවේ මුදල් වංචාවටත් වැඩියි මේ ගාන.

මම දුටු ගැමුණු රජතුමා උපන් ගමේ මන්ත්‍රී.උතුරු මැද පළාතේ මේ වැව් ටිකයි දාගැබ් ටිකයි විනාශ වුනොත් මම දුටුගැමුණු මහ රජතුමාගේ ගමේ උපන් මිනිහෙක් විදියට ලැජ්ජාවක්.අන්න ඒ ලැජ්ජාවෙන් මිදෙන්නත් උතුරු මැද පළාතේ ජනතාවට සේවයක් කරන්නත් මම උතුරු මැද පළාත තෝරා ගත්තා.ඉදිරියේදී  මහ ඇමතිකමට තරග කරන්නත් ඉදිරිපත් වෙනවා.

ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජනාධිපති ධූර සඳහාත් තරග කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ධුරයට පත්වෙලා ලොකු වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වෙනස පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බව මර්වින් සිල්වා මහතා මෙහිදී පැවසීය.



අදහස් (18)

හිටපු ඇමැති මර්වින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සැරසෙයි

vidya Tuesday, 23 October 2018 05:18 PM

හාමුදුරුවරුන්ට වැඩ නැති එක තමයි ප්‍රශ්නේ... නිකම්ම ඉන්නේ නැතිව දුප්පත් ගොවියෙකුගේ ගොවිපලකට ගිහින් උදව් කරන්න කාලය ඇවිත් තියෙන්නේ... දුටුගැමුණු රජතුමාට අපහාස කරන්න යන්න එපා...

:       0       0

සතයපාල Tuesday, 23 October 2018 05:28 PM

ජේ.ආර්.ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා එක එක ජාතියේ පාලකයෝ අපි අත්හදා බැලුව නමුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරිවෙලා තියනවා.ඒ නිසා අපි මේයාටත් අවස්ථාවක් දීලා බලමු . එතකොට පුතාට රෑට නයිට් ක්ලබ් යන්න වගේම එවාට එන කාන්තාවන්ට අඩත්තේට්ටම් කරන්න වගේම ගහ ගන්නත් පුලුවන්.

:       0       0

sam Tuesday, 23 October 2018 05:54 PM

මහින්දගෙන් නාමල්ට, මර්වින්ගෙන් මාලකට, සිරගෙන් දහම්ට

:       0       0

Praba Tuesday, 23 October 2018 07:42 PM

ඔලුවේ අමාරුවක්ද කොහෙද?

:       0       0

Mahee Tuesday, 23 October 2018 08:14 PM

මං හිතුවේ ඔබ ආණ්ඩුවට රුපියල් 50000ක් රාජ සන්තක කරලා දෙන්න හදනවා කියලා. හැබැයි, මේ ඉන්න පිරිස දැක්කහම මට හිතුණා, මෙහෙවු මිනිස්සු ඉන්න රටේ රජ වෙන්න ඔබ තමයි සුදුසුම පුද්ගලයා කියලා. කියමනක් තියෙනවනේ 'රටේ මිනිස්සුන්ගේ හැටියටයි ආණ්ඩුව' කියලා.

:       0       0

Jerami Tuesday, 23 October 2018 08:19 PM

අම්මපා මගේ ඡන්දෙත් ඔහේට...

:       0       0

විජිත් Tuesday, 23 October 2018 09:17 PM

මේ පොහොය දවස් නිසා.. කියවනවා ටිකක් වැඩියි. හිටපු ඇමතිතුමා, ඉස්පිරිතාලෙන් දුන්න රෝසපාට පෙත්ත උදේට ගන්න අමතකවෙලාද කොහෙද? කමක් නැහැ. හෙට ඉඳලා හැම උදේම ඒ බෙහෙත් පෙත්ත ගන්න අමතක කරන්න එපා. හැබැයි.. දිගින් දිගටම බෙහෙත් නොබී හිටියොත්... ගිය සැරේ වගේ ආයෙමත් අංගොඩ ඉස්පිරිතාලේ නවත්වන්න සිදුවෙනවා...

:       0       0

Chanak Los angeles Tuesday, 23 October 2018 10:12 PM

මේවගේ පුද්ගලයන් රාජ්‍ය සේවයට එනවා කියන්නේ එම රට පිරිහෙනවා කියන කාරණයයි. මෙයට පැමිණ සිටින සියලු දෙනාගෙන්ම මම අහන්න කැමතියි රෙදි ඇඳගෙනද ඔතනට ආවේ කියලා?

:       0       0

ධම්ම Wednesday, 24 October 2018 01:32 AM

ෂුවර් දිනනවා..

:       0       0

rocky Wednesday, 24 October 2018 01:56 AM

සිංහලයා මලා! පිස්සුව රට පුරා වේගයෙන් වසංගතයක් වගේ බෝවෙනවා වගෙයි!

:       0       0

lalith Wednesday, 24 October 2018 03:15 AM

මොන මහප්‍රාණෙන් කිව්වත් මේ දුෂ්ටයෙක්ම තමයි.

:       0       0

Perera Wednesday, 24 October 2018 03:23 AM

ඔන්න දෙවෙනි දුටුගැමුණු මහා රජතුමා!!!

:       0       0

Prasad Wednesday, 24 October 2018 04:58 AM

මට හිතෙන විදිහට මෙතුමා මානසික අබාධයකින් පෙළෙනවා

:       0       0

ruchi Wednesday, 24 October 2018 05:51 AM

ලංකාවේ ඉන්නේ ගොන් තඩි නිසා සමහරවිට මෙයා දිනන්නත් ඉඩ තියෙනවා.

:       0       0

dasun Wednesday, 24 October 2018 06:13 AM

අපොයි දෙයියනේ. ඔන්න අපිට අපිවම ගස් බැඳගන්න වෙන තව තැනක්. අර ඒ කාලේ රූපවාහිනියේ හිටපු කට්ටියට බැරිද අපිව මේ විනාශයෙන් බේරා ගන්න.

:       0       0

kap Wednesday, 24 October 2018 06:52 AM

මී හරක්ට ඕනේ හොඳ ගොපල්ලෙක් තමයි. හොඳ කෙවිටක් හොයාගන්න.. ලංකාවම කුඩුවලින් නාවමු. හැමතැනම නයිට් ක්ලබ්, බාර් දාමු. කඹ ෆැක්ටරියක්ම හදන්න වෙයි මිනිස්සු ගස් බඳින්න.

:       0       0

රවින් Wednesday, 24 October 2018 06:57 AM

1).ශ්‍රී ලංකාව දේශ සීමාව තුළ ලණු හා කඹ අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්. 2). හොර තිප්පලවල්, සම්භාණ මධ්‍යස්ථාන හැම හන්දියකම පවත්වාගෙන යායුතුය. 3) සියලු දුෂණ වල නිරත අය නිත්‍යානුකුල හෙයින් නීතිමය කටයුතු කිරීම වහාම ක්‍රියාත්මක වනපරිදි නතර කලයුතුවේ. නඩු පවතීනම් ඒවා ඉල්ලා අස්කරගතයුතු වේ.

:       6       1

OMG Wednesday, 24 October 2018 12:46 PM

ගස් වැවීම සම්පුර්ණයෙන්ම තහනම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1618 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 794 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 660 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 334 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 573 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 530 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site