IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු අගවිනිසුරුට - ශේෂ්ඨාධිකරණ විනිසුරුට නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලති

මනෝප‍්‍රිය ගුණසේකර

අයුතු සහගතව නීතීපති වාර්තාවක් ලබාදීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතාට සහ ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරු ඒ.එම්.එස්.ඞී. නවාස් මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම නඩු පවරා ඇත.
 
එම නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් නීතීඥ සංගමයේ සභාපතිවරයා හෙට (20) ශ්‍රේෂ්‍යඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බව විශ්වාස ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අදහසක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනාවකට ලක්වීමට සිදුවීම සම්පුර්ණ පද්ධතියටම බලපෑමට හැකියාව ඇති හෙයින්  හිටපු අගවිනිසුරුවරයා සහ වර්තමාන ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මැදිහත් වීමට නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා තීරණය කොට ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
වෘත්තීමය කටයුත්තකට අදාළව අදහසක් හෝ උපදේශයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනා නැඟීම පුර්වාදර්ශයක් බවට පත්වුවහොත් එය නීතීඥ හා විනිසුරු ක්‍ෂ්ත‍්‍රයන්ට අහිතකර අන්දමින් බලපෑ හැකි බවට නීතීඥ සංගමයේ සාමාජිකයින්ගේ අදහස් අනුව නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා මෙම තීරණය ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතා නීතීපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී දුෂණ හා අක‍්‍රමිකතා සිද්ධීන් වලට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතු සහගත අන්දමින් නීතීපති වාර්තාවක් ලබා දෙන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා එල්ල කොට ඇත.

අයුතු සහගත අන්දමින් නීතීපති වාර්තාවක් ලබා දීමෙන් අල්ලස් පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කොට ඇති බව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා එල්ල කරමින් මෙලෙස නඩු පවරා ඇත්තේ හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතා, අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු මෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළ ඒ.එම්.එස්.ඩී. නවාස් මහතා සහ විදුලි බල පෞද්ගලික සමාගමේ (ලෙකෝ) හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් මහතාට එරෙහිවය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම අල්ලස් පනත යටතේ පවරන ලද මෙම නඩුව සළකා බැලූ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලාල් බණ්ඩාර මහතා මාර්තු මස 8 වැනි දා අධිකරණයේ පෙනී සිටින  ලෙස  දැනුම් දෙමින් ඔවුන්ට සිතාසි නිකුත් කොට ඇත.

එසේ තිබියදී අල්ලස් කොමිසම මෙම නඩුව පැවරීමට එරෙහිව සහ එම නඩුව විභාග කිරීම වළකාලන රිට් ආඥාවක් ඉල්ලමින් නීතීඥ සංගමයේ සභාපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බව වාර්තා වේ.



අදහස් (12)

හිටපු අගවිනිසුරුට - ශේෂ්ඨාධිකරණ විනිසුරුට නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලති

Sathyayaa Monday, 19 February 2018 11:36 PM

මම රටේ හැම කෙනෙක්ම නීතිඥයෙක් හෝ විනිසුරුවෙක් කරනවා. එතකොට ඇති නැති පරතරය නැති වෙනවා වගේම සම්පත් බෙදීයාම වරප්‍රසාද හිමිවීම පිලිබඳ කිසිම අසාධාරණයක් කාටවත් සිද්ධ වෙන්නේ නැහැ.

:       0       0

rocky Tuesday, 20 February 2018 02:42 AM

නඩු දාන්නේ නැතුවම හිරේ අරින්න විදිහක් නැද්ද කියා සොයා බැලීම සුදුසුයි.

:       0       0

KANDEPOLA Tuesday, 20 February 2018 02:49 AM

'වෘත්තීමය කටයුත්තකට අදාළව අදහසක් හෝ උපදේශයක් ඉදිරිපත් කිරීම' වුවත් පක්ෂග්‍රාහීව අල්ලසකට යටත්ව සිදු කරන්නේ නම් එය වරදකි. නීතීඥ සංගමය මේ සඳහා අයුතු මැදිහත්වීමක් සිදු කිරීමට උත්සහ කරන බවයි හැගෙන්නේ. නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම අනුව වෙනස් විය යුතුයි කියලා නේද මේ නැවතත් කියන්න උත්සහා කරන්නේ?

:       0       0

daham Tuesday, 20 February 2018 03:01 AM

මෛත්‍රී යුගයක් - යහපාලනයක්.

:       0       0

gamini Tuesday, 20 February 2018 03:43 AM

නිතිය කටත් පොදුයි

:       0       5

Nandaka Tuesday, 20 February 2018 03:50 AM

කෝවිලේ කපුවා අරක කලාම ගඳ නැහැ කියලද උගත් නීති මහත්-හොරු කියන්නේ ?

:       0       0

මල්ලි Tuesday, 20 February 2018 04:58 AM

අල්ලස් ගත්තානම් හිටපු අගවිනිසුරු - ශේෂ්ඨාධිකරණ විනිසුරු කියලා අත් හරින්ඩ එපා... මොකද ඒගොල්ලෝ නීතිය තමන්ගේ වාසියට ගත්තු නිසා.

:       0       9

makola mangala thero Tuesday, 20 February 2018 05:00 AM

එතකොට ලොකු ලොකු උදවිය කරන වැරදිවල වගකීම දරන්නේ ඒගොල්ලන්ගේ අම්මලාද?

:       0       1

දිමුත් Tuesday, 20 February 2018 05:52 AM

නීතීපති කියන්නේ පුද්ගලික ආයතනයක සේවකයෙක් නෙමෙයි, රාජ්‍ය සේවකයෙක්. රජයේ මුදල්වලින් ඔහු නඩත්තු වන්නේ

:       0       7

සතයපාල Tuesday, 20 February 2018 09:23 AM

මේ අය උපදේසයක් නොවෙයි දීලා තියෙන්නේ

:       0       0

prabhath Tuesday, 20 February 2018 09:43 AM

රජයේ නිලධාරියකු ඉදිරිපත් කරන අදහස් පෞද්ගලික මත නෙවෙයි. ඒවා වගකීම් සහිතව ඉදිරිපත් කල යුතුයි. නීති සංගමය හදන්නේ නීතිවේදින්ට අයුතු මුක්තියක් ලබාදීමයි. අවාසනාවකට මේකට විරුද්ධව කතා කරන්න නීතිවේදීන් එන එකක් නැහැ.

:       0       0

Saman Tuesday, 20 February 2018 03:20 PM

මේ සංගමෙත් දොස්තර සංගමයට දෙවෙනි නෑ දැන්... රන්ජන් විතරයි ඇත්ත කිව්වේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 134 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1234 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 167 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 372 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site