IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හරීන්ගෙන් ෆේස්බුක් සමාගමට චෝදනාවක්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් දැමූ ‘කමෙන්ටුවක්’ වාරණය කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත් දා ෆේස්බුක් සමාගමට චෝදනා කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසියභාවය ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තන්ට ඡන්දයෙන් තේරී පත්වන තනතුරු දැරිය නොහැක.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු ජාතිකයකු බවත් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි විමසමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

“රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරග කළ හැකි ද ?” විමසමින් ෆේස්බුක් සටහනක් දැමූ අතර එය මේ වනවිට ඉවත් කර තිබේ.

“ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුට දිවුරුම් දිය හැකි ද ? තනතුරේ බලතල දැරිය හැකි ද? ” යනුවෙන් ද එම ෆේස්බුක් සටහනින් විමසා තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගත්තේය. වසර 20කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සේවය කරමින් සිට ඉන් ඉවත්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය විය. ඒ මහතා 2005 වසරේදී නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණි අතර සිය සහෝදරයාගේ සමයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්විය. එසේ පත්වීම් ලැබීමට පෙර තමන් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත්හළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථීරවම කියා සිටී.

ෆේස්බුක් සමාගම තම අමාත්‍යාංශයට අයත් නිල ෆේස්බුක් පිටුවෙන් අදාළ ෆේස්බුක් සටහන ඉවත් කර ඇති බවත් සිය ට්විටර් ගිණුම ඔස්සේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු චෝදනා කළේය. එම ෆේස්බුක් සටහනම හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ දක්නට තිබේ. රාජපක්ෂ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය හිමිවන බවට ද හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරන අතර එහි තිරඡායාරූප ද (ස්ක්‍රීන්ෂොට්ස්) ද හරීන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.

“ඇමෙරිකාව වෙනුවෙන් ඇමෙරිකානු සමාගම් ශ්‍රී ලංකාවේ මැතිවරණයට මැදිහත් විය යුතු නැහැ. මම කිව්ව දේ වෙනුවෙන් මම පෙනී සිටිනවා” යැයි හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සාමාන්‍යයෙන් පෞද්ගලික හෝ රහසිගත තොරතුරු ඇතුළත් ඕනෑම සටහනක් (පෝස්ටුවක්) ඉවත් කරන බව ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

“අපි දැනගත් විගස අපි මෙම අන්තර්ගතය (ෆේස්බුක් සටහන) ඉවත් කළා”ෆේස්බුක් සමාගම ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කළේය.

මේ අතර ෆේස්බුක් සමාගම (ෆේස්බුක් සමාජ ජාලය) දේශපාලන කතා වාරණය නොකරන බව එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පසුගිය මාසයේදී පැවැසීය.

“තාක්ෂණික සමාගම් 100%ක් සත්‍ය යැයි තීරණය කරන දෑ පමණක් දැකිය හැකි ලෝකය ඔබ ජීවත් විය යුතු යැයි මම හිතන්නේ නැහැ” යැයි ඔහු කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්වෙන අතර මැතිවරණයෙන් පසු ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වීමට නියමිතය.

එහෙත් ඔහු ජයග්‍රහණය කළහොත් ධුර කාලය තුළදී මුක්තිය හිමි වන බැවින් එයින් ඔහුට බලපෑමක් සිදු නොවනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල දිගින් දිගටම තර්ක විතර්ක, වාද විවාද දක්නට ලැබේ. රාජපක්ෂ මහතාගේ නීතිඥයන් අවලංගු කළේ යැයි කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් බලපත්‍රයේ  පිටපතක් මාධ්‍ය හමුවකදී පෙන්වූ අතර එය අසත්‍ය ලියවිල්ලක් යැයි ද චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ජනාධිපතිවරණය සෙනසුරාදා (නොවැම්බර් 16) වැනිදා පැවැත්වීමට නියමිත අතර ඊට අපේක්ෂකයෝ 35 දෙනෙක් ඉදිරිපත් වී සිටිති.

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි) 
 
055



අදහස් (22)

හරීන්ගෙන් ෆේස්බුක් සමාගමට චෝදනාවක්

JUKIYAN Wednesday, 13 November 2019 09:29 AM

මොකද ෆේස්බුක් සමාගමත් රාජපක්ෂලා සල්ලිවලට අරන් වගේ...!!! 

:       246       227

senaWednesday, 13 November 2019 09:44 AM

මේකෙන් හොදටම පැහැදිලිවෙනවා ගෝඨා මහත්තයා ලංකාවේ ජනාධිපතිවීම ඇමරිකාවේ අවශ්‍යතාවයක් කියලා.කෝ මේ වීරවංශ මහත්තයා?

:       929       922

jessWednesday, 13 November 2019 12:21 PM

ඇමරිකාවට එහෙම ඕනෑ නම් ඔය ලිස්ට් එකට ගෝඨාගේ නම දාලා ගෝඨාට වාසියක් අරන් දෙන්න ඕනෑනේ... නැත්නම් ඕකෙන් ඡන්ද කැඩෙනවනේ... එකක් කියන්නකෝ... ඇමරිකාවට ඕනෑලු.. ඇමරිකාවෙන්ම බාධයිලු.. මොන ජීවිතද අප්පා..?

:       6       117

KaluWednesday, 13 November 2019 10:12 AM

හරීන්ලාගේ බොරු යුඑන්පී අයට හොඳයි. ලැජ්ජා නැතුව කෙකර ගානවා. මඩ විතරයි..., වැඩ බැහැ. රාජිතලාට අනුව රාජපක්ෂලාට මුහුණුපොත සල්ලි දීලා ගන්න පුළුවන්...

:       568       913

BamunuarachchiFriday, 15 November 2019 02:02 AM

ඔබ ඉහත අදහස් කියවලා ඇමරිකාවයි ගෝඨාභය ගැනයි තීරණ ගන්න එපා.

:       0       0

Raveendra Wednesday, 13 November 2019 09:47 AM

අනේ..!!! අම්මපා මේ අපේ ඇනලොග් වලින් ඩිජිටල් වැඩකරපු අර මේ.. අර බයට තාත්තා කිව්ව නිසා ඇඳයට තපස් රැක්ක බදුලු වීරයා නේද...?

:       679       966

Rasika Pradeep Wednesday, 13 November 2019 09:47 AM

අතන, මෙතන බොරුවට කතන්දර කියකියා ඉන්නේ නැතුව යන්නකෝ මහත්තයෝ අධිකරණයට... ඔයාලා හැමදාම කලේ බයිල ගහන එක විතරයි හරියට... ඔය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් තියෙනවා. දැනටමත් ඔයාලට අමතක වුණාට. ඔයිට වඩා වැදගත් දෙයක් කියන්න. නැත්තන් අපේ කාලේ අපරාදේ...

:       540       1101

Missaka Wednesday, 13 November 2019 09:49 AM

ලැජ්ජයි!, පරදින බව දැනෙනකොට...

:       2288       2024

ගල්මංගොඩ Wednesday, 13 November 2019 09:50 AM

එකම ගල අහුල අහුලා ගහන්නේ... ආයුධ අවසන් වුණු පරාජිතයෙක්... එජාපයේ එකම අනාගත ශක්තිය "නවීන් දිසානායක" පමණයි. ජනපතිවරණය සජිත් පැරදුණාට පස්සේ "නවීන්" එක්ක අලුත් පිරිසක් මහමැතිවරණයට ඉදිරිපත් වුණොත් ලොකු පෙරලියක් බලාගන්න පුලුවන්. හැබැයි අතීතෙ ඉඳන් ඉන්න අය ඉවත් වෙන්න ඕනෑ.

:       676       318

Thilina Wednesday, 13 November 2019 10:04 AM

තමන්ගේ ජයග්‍රහණය විශ්වාසනම් මොකටද මේ බොරු කකුල් මාට්ටු දාන්නේ. නඩු දැම්මා, මඩ පත්තර ගැහුවා ...........මේ කරන දේවල් වලින් තවත් ජන්ද අඩු වෙනාවා.

:       431       328

Cisco Wednesday, 13 November 2019 10:08 AM

බොරු නඩුත් දාලා මේ මනුස්සයව උසාවි ගේන්න පුළුවන් නම් ඇයි පුරවැසිභාවය ගැන මෙතරම් කරදර...? සෙල්ලම් කරන නම් පිටියට බැහැලා ප්‍රතිවාදියත් සමග සෙල්ලම් කරන්න මහත්තයෝ.... නිකම් බොරු රඟපෑම් නැතිව...

:       550       509

chamath Wednesday, 13 November 2019 10:10 AM

ඔබතුමාට කියන්න තියෙන්නේ මේ වගේ වැඩ කරන්න එපා කියලා. ඡන්දෙ දිනලා එන්නකෝ.

:       586       225

sarath kumara Wednesday, 13 November 2019 10:14 AM

හරීන්ට නිවැරදි තීරණ ගන්න පුලුවන්. පාස්කු ප්‍රහාරය ගැන දැනදැනත් කාටවත් කිව්වේ නෑ. නමුත් ගෝඨාභයගේ කොමෙන්ටුව ගැන ලෝකෙටම කියනවා.

:       464       239

Sarath Wednesday, 13 November 2019 10:28 AM

අර පාස්කු ඉරුදින බෝම්බයෙන් බිලිවූ 350ක් පමණ ජනතාව බේරාගන්නේ නැතිව දැන් පොරක් වෙලා නඩුදන්න හදනවා. අැයි පරදිනවා කියලා දන්නවනේ...

:       589       168

යාප Wednesday, 13 November 2019 10:39 AM

බොරුවෙන්ම ජීවත්වන එජාපයේ මිනිස්සුන්ට දැන්වත් හිතලා, මේවා දැකලා මේ වගේ ලැජ්ජ නැති වැඩකරන අයට තවත් ඡන්දය දිය යුතුදැයි සිතීමට හොදම අවස්ථාවයි මේ.මඩින් නැතුව ගොඩින් එන්න කියා කියද්දිත් මඩ මතම යැපෙන මොවුන් පරාජය කිරීම මුලු රට වැසියාගේම වගකීමකි.

:       685       205

Senevirathne Wednesday, 13 November 2019 11:24 AM

ඇයි ගෝඨාට බැරි ඇමරිකන් තානාපති හරහා සත්‍ය හෙලිකරවාගන්න... එතකොට මේ විචිකිච්ඡාව නැහැනේ...

:       43       72

lankasri Wednesday, 13 November 2019 12:19 PM

සාටකයින්ගේ තියෙන්නේ බොරුවනේ. අපේ රටේ අයත් මේ ගොල්ලන්වම බලයට ගේන්න දත කන හැටි. එදත් රැවටුණා. අදත් රැවටුණා. හෙටත් රැවටෙනවා.

:       68       124

Nalin Wednesday, 13 November 2019 12:45 PM

අවුරුදු ගාණක් බොරු කියලා දැන් තවත් බොරු කියන්න එපා. අර්ජුන මහේන්ද්‍රන් ගෙනැල්ල මහ බැංකුව කොල්ල කනකොට පුරවැසි භාවය දැක්කේ නැද්ද? ඇමරිකාවත් එක්ක ගිවිසුම් ගහලා ඉඩම් ටික දෙන්නේ රෙදි ඇඳගෙනද? පාස්කු පහර දීම දැනගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතිව එක ට්වීට් කළා නම් අද 300ක් ජීවත් වෙනවා. ඒ නිසා දැන්වත් ගොන් කතා කියන්න එපා. මොකද මිනිස්සු හැමදාම අන්දන්න බැහැ.. අපිත් තමුන්ගේ ගොන් කතා අහලා 2015 ඡන්දෙත් දුන්නා...

:       161       118

mahinda Wednesday, 13 November 2019 01:39 PM

සිංගප්පූරුකාරයා මහ බැංකුවට වැඩේ දුන්නා. ඇමෙරිකන්කාරයා රටටම දෙයිද?

:       0       2

samThursday, 14 November 2019 03:10 AM

ඔබ කියන ඇමරිකන්කාරයා 2005 සිට 2015 දක්වා ලංකාවට ඇවිත් යුද්ධය මෙහෙයවනවිට ඔබ ඔහුට ආපහු යන්න කියලා ඔබ ඒ තනතුර අරන් එහි තිබෙන භයානක පැත්තත් විදෙව්වේ නැත්තේ ඇයි? එතකොටනම් හඳෙන් හරි ඇවිත් ඔබලාව කොටින්ගෙන් බේරගන්න හොඳයි නේද? අමතක කරන්න එපා සරත් ෆොන්සේකා මහතාත් යුධ හමුධාපතිකම් කරෙත් 2010 ජනාධිපතිවරනයට ඉල්ලුවෙත් ඔය කියන ඇමරිකාවේ ග්‍රීන්කාඩ් ලාභියෙක් හැටියට බව (සමහරක් විට ඔහු අදත් ග්රීන්කාර්ඩ් හිමිකරුවෙක් වෙන්න පුළුවනි). එතකොටත් ඔබ වගේ අය කිසි සද්දයක් කරේ නැහැ. මොකද දැන් විතරක් ගෝඨාට අඬලන හේතුව?

:       0       4

mangala Wednesday, 13 November 2019 02:17 PM

අනේ මේ පුරවැසිකම ඇති අනේ.. වෙන දෙයක් හොයාගනිල්ලකෝ...!!!

:       0       5

sam Thursday, 14 November 2019 02:35 AM

"තම අමාත්‍යාංශයට අයත් නිල ෆේස්බුක් පිටුවෙන්". මේ පොදු දේපල අවභාවිතාවක් නේද? අමාත්‍යංශ වෙබ් අඩවිය ඡන්ද වැඩට යොදාගන්නේ කොහොමද?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 61 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 239 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 53 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 60 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 541 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3255 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site