(කේ බුද්ධික කුමාරසිරි)
කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකු කොවිඞ් 19 ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් පසු එම නිළධාරීන් දෙදෙනා නිවාඩු ලබා පැමිණ සිටියදී ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු අද (14) නිරෝධායනයට යොමු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මේ අතර එක් ආසාදිත යුද හමුදා සාමාජිකයකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගිය හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ආසාදිතයාට ප්‍රතිකාර සිදු කළ වෛද්‍යවරයා සහ සහයකයා ද එම ආසාදිතයා රන් භාණ්ඩ මිලදී ගැනිම සදහා ගිය වෙළඳසැලේ සේවකයෙකු ද නිරෝධායනට යොමු කිරීමට කටයුතු කළ බව ද එම කාර්යාලය පවසයි.
යුද හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් යුද හමුදාව මගින් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.
ආසාදිත යුද හමුදා නිළධාරීන් දෙදෙනා ආශ්‍රය කළ තවත් පිරිස් සිටිනවාදැයි සොයා ඔවුන් නිරෝධායනට ලක් කිරීමට පියවර ගන්නා බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය මහතා පැවසීය.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හමුදාවේ ආසාදිතයන් දෙදෙනකු ඇසුරු කළ 30 ක් නිරෝධායනයට
sharm warn Tuesday, 14 July 2020 06:21 AM
අයියෝ... මොනවද මේ වෙන්නේ.