ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලි දේශයට අයත් හමුදා භටයන් 38 දෙනකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇත.
සී-130 හර්කියුලස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය චිලි රටේ පුන්ටා අරිනාස් වෙතින් ගුවන් ගතවී තිබේ.
මෙහි මගීන් 21දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 17දෙනකු ගමන් කර ඇත.
මොවුන් හමුදා සාමාජිකයන් වන අතර තවත් වාර්තාවක දැක්වෙන්නේ සිවිල් වැසියන් තිදෙනකු ද යානයේ සිටි බවයි.
යානය ඇන්ටාක්ටිකාවේ කිං ජෝර්ජ් දිවයිනේ පිහිටි කඳවුරක් වෙත පියාසර කරමින් තිබී ඇත.
යානය අතුරුදන්වීම ගැන තමා කනගාටුවට පත්ව ඇති බවත් අගනුවර වන සන්තියාගෝ සිට තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා මහතා පවසයි.
ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සියලුම ස්වදේශීය හා විදේශීය ගුවන් හා නාවුක මාධ්‍යයන් සෙවීම් කටයුතු සඳහා සහාය කරගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හමුදා භටයන් 38ක් රැගත් චිලී යානයක් අතුරුදන්