IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හම්බන්තොටට ස්වභාවික ගෑස් බලාගාරයක්

හර්ෂණ තුෂාර සිල්වා

චීනයේ සහාය ඇතිව මෙගාවොට් 200 ද්‍රවීකාරක ස්වභාවික ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොට ඉදි කෙරෙන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (23) පැවැසීය.

එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 10,850ක්) වටිනාකමක් සහිත මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලැබෙන සෘජු විදෙස් ආයෝජනයක් යැයි ද අමාත්‍යවරයා කීය. 

මෙම ව්‍යාපෘතිය ලබන වසරේදී ක්‍රියාවට නැංවෙන බව ද අමාත්‍යවරයා කීවේය.

“සහශ්‍රයේ සිට  නව යුගයකට - ඒකාබද්ධව තීරයක් සහ මාවතක් ගොඩනගමු - ශ්‍රී ලංකා සිහිනය වැළැඳගමු” යන මැයෙන් මෙරට චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමුළුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා එම කරුණු පැවැසීය.අමාත්‍යවරයා මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ද විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට සක්‍රීයව සහ ක්‍රියාශීලිව සම්බන්ධ වීම සම්බන්ධයෙන් කෘතඥතාව පළ කරන බව කී අමාත්‍යවරයා ඉදිරි දශක දෙක තුනක කාලයේදී චීනය ලෝක ආර්ථික බලවතා බවට පත්වන බවත් එය කිසිවකුටත් නැවැත්විය නොහැකි බව ද කීවේය. 

ඡායාරූප චතුර එස් කොඩිකාර



අදහස් (7)

හම්බන්තොටට ස්වභාවික ගෑස් බලාගාරයක්

Sanath Wednesday, 23 May 2018 07:38 PM

රට රටවල් වලට ගිහිල්ලා මෙහෙම ඩොලර් මිලියන් හත්සිය ගණන් වියදම් කරන්න චීන්නුන්ට මෙච්චර සල්ලි කොහෙන්ද? එයාලට එහෙම හම්බකරන්න පුළුවන් නම් අපිට බැරි ඇයි?

:       0       0

sam Wednesday, 23 May 2018 08:16 PM

චීනය ලෝකයේ බලවතා වෙන කතාව ඇත්ත. එත් මම හිතන්නේ නෑ ලංකාවට ආදරේ තියෙන කාටවත් චීනයේ පරිසරයට වායුගෝලයට වෙලා තියෙන දේ ලංකාවෙත් දකින්න, චීනය එක්ක වැඩ කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනා. එයාල පරිසරය ගැන එච්චර හිතන මිනිස්සු නෙවේ විශේෂයෙන් ආර්ථිකය ගැන වැඩ කරද්දී

:       0       0

Dusara Thursday, 24 May 2018 03:02 AM

නවීන ලෝකය සුර්ය බලයට මුල්තැන තියෙන කලෙක, මොන පදනමකින්ද ගෑස්, ගල් අගුරු, ජාල විදුලි බලාගාර වල තාමත් අපි මුල්තැන දෙන්නේ. මේවා අනිත් රටවල උගුල්. අපේ දේශපාලුවන්ට තේරෙන්නේ නෑ

:       0       0

Ruwan pushpa kumara Thursday, 24 May 2018 04:22 AM

කරලා පෙන්නුවම විශ්වාස කරන්නම්

:       7       41

කුමාර් (ගල්ෆ්) Thursday, 24 May 2018 05:56 AM

ජරාව කාලා, තව නොරෝචෝලයක් හදන්න හදනවා වාගෙයි............

:       0       0

sampath Thursday, 24 May 2018 06:21 AM

කෝ අර මහින්ද ණය ගත්ත කියා කියා කෑ ගහපු අගමැති තුමයි මුදල් ඇමතිතුමයි. මේවා ණය නෙමෙයිද?

:       24       14

vipula Thursday, 24 May 2018 07:29 AM

මහින්දට මහත්තයාට චීනා කියල බැනල දැන් මෙයාලත් ඒ පාරේම යනවා. කමක් නැහැ රටට වැඩක් වෙනවනම්. ඒකාලේ රට සංවර්ධනය වෙනවට විරුද්ධව කියපු කතානේ .

:       20       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 117 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 678 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 411 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1201 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 67 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2418 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site