(චන්ද්‍රසේන ගමගේ)
ඉකුත් 23 වැනිදා හම්බන්තොටදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් පසුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවට තහවුරු වීමත් සමග හම්බන්තොට ධීවර වරාය හා ඒ ආසන්නයේ පිහිටි මත්ස්‍ය වෙළද සැල අද(26) පෙරවරුවේ සිට වසා දැමූ බව සෞඛ්‍ය අංශ පවසති.
පසු ගිය 23 වැනිදා හම්බන්තොට ධීවර වරාය අශ්‍රිතව අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 60 ක් සිදු කළ බවත් එම පරීක්ෂණවලින් අනතුරුව කොවිඩ් ආසාධිතයින් දෙදෙනා සොය ගැනීමට හැකි වූ බවත් සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් අසාදිත වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද පොළට ගිය මත්ස්‍ය ව්‍යාපාරකයෙකුට හා ඔහුගේ ආශ්‍රිතයෙකුටය. කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින් ඇසුරු කළ පවුල් වල අය නිරෝධායනයට ලක් කිරීමට නියමිතය.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හම්බන්තොට ධීවර වරාය හා මත්ස්‍ය වෙළද සැල වසා දමයි
lalith M Monday, 26 October 2020 04:24 PM
මේක තමයි පිළිතුර. ධීවර වරාය වැනි ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම ආනයනික ටින් මාළු සඳහා අපගේ වෙළඳපොළ විවෘත කිරීමක් වැනිය .. තවත් වංචාවක්?