IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හම්බන්තොට උපවාසකරුවන්ට ලක්ෂ 10ක වන්දි

 ඩයනා උදයංගනී
 
හම්බන්තොට වරාය පෞද්ගලික සමාගම් දෙකකට බදුදීම හේතුවෙන් රැකියා අහිමිවීම නිසා උපවාසයක යෙදී සිටි පිරිසට රුපියල් ලක්‍ෂ 10 බැගින්  වන්දි ලබාදීමටත්, 135 දෙනෙකු සුදුසුකම් මත වරාය අධිකාරියට බඳවා ගැනීමටත් පොරොන්දු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප ලේකම්, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
 
පොරොන්දු වූ එම විසඳුම් ලබාදීම මැතිවරණ සමයක කළ නොහැකි බැවින් මැතිවරණයෙන් පසු පෙබරවාරි 11 වැනිදා සිට ඊට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මාගම්පුර වරාය සමාගම යටතේ රැකියාවට බඳවාගෙන තිබූ ඔවුන්ට වරාය අධිකාරිය යටතේ රැකියා ලබාදීමේ නීත්‍යානුකූල අවශ්‍යතාවක් නැතත් මනුෂ්‍යත්වය සලකා එම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
 
රැකියාවලට බඳවා ගන්නා අය සිය වන්දි ප‍්‍රතික්ෂේප කර එම මුදල රැකියා අහිමිවන 200ට ලබාදීමට කැමැත්ත පළ කළ බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළ අතර 135 දෙනෙකු වරාය අධිකාරියට බඳවාගැනීම සුදුසුකම් මත සිදුකරන බව ද ප‍්‍රකාශ කළේය.
 
එමෙන්ම මීට පෙර ලබාදුන් වන්දි මුදල් ලබාගෙන ඉවත් වූ අයටද ඒ සඳහා අයදුම් කළ හැක බව ඇමති සමරසිංහ මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (2)

හම්බන්තොට උපවාසකරුවන්ට ලක්ෂ 10ක වන්දි

Silva Tuesday, 23 January 2018 11:48 AM

ඕක වෙන්නේ නැහැ... මම අධිකරණයට යනවා වාරණ නියෝගයක් ගන්න... රජයට ඕන ඕන විදියට අපේ බදු සල්ලිවලින් රජයේ නොවෙන සේවකයන්ට රජයේ අරමුදල් වලින් අමතිලට උපවාසකාරයන්ට ඕන ඕන ගණන් දෙන්න බෑ... මෙහෙම දුන්නොත් හැම එකාම උපවාස කරයි... සල්ලිගන්න බලාගෙනම...

:       0       0

theshan Wednesday, 24 January 2018 03:06 AM

ඊටපස්සේ වරාය අධිකාරියේ කට්ටිය උද්ගොශනය කරයි මේගොල්ලන්ව ගන්න එපා කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 356 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 781 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 609 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1447 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2925 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1885 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site