තරිඳු ජයවර්ධන
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවනු ලැබීමට එරෙහිව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය යන පක්ෂ දෙකද ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ඇමැති රාහුෆ් හකීම් මහතාය. සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම පිළි නොගන්නා බව ද ඔවුන් දෙදෙනා මීට පෙර ප්‍රකාශ කළහ. නව රජයක් පිහිටුවීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඔවුන්ගෙන් සහාය ඉල්ලා තිබුණත් ඊට එකඟතාවය නොලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ දෙදෙනා සහ මන්ත්‍රීවරු පසුගිය සතියේ මක්කම වන්දනාවේ නිරත වූහ. මක්කමදී නායකයන් දෙදෙනා හමුවී සාකච්ඡා කළ බව ආරංචි මාර්ග කියයි. ඔවුන් පිරිස යළි ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ පාර්ලිමේන්තුව යළි රැස්කිරීමට කළින් තීරණය කර තිබූ ලබන 13 වැනි දා ය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසිරුවනු ලැබීමෙන් පසු හකීම් මහතා ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රීවරු අද ලංකාවට පැමිණියහ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හකීම් - රිෂාඩ් දෙදෙනාත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න යති
ගල්කටස් Sunday, 11 November 2018 02:53 PM
යන්න, යන්න... උසාවි රජුන් තනන්නට මෙවර ඉඩ නොතබන්න රට වැසියන් දන්නවා. පක්ෂ භේදයෙන් තොරව ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එම බලය ලබා දීම බහුතර සිංහල ජනාතවගේ යුතුකමයි. නැතිනම් මේ අය මෙන්ම දමිළ ජාතිවාදීන්ටද අපට යටත්ව සිටීමට සිදුවනු අැත...