IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හංවැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට

(බුද්ධික කුමාරසිරි)

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හයදෙනෙකු සමඟ වෑන් රථයක් සහ යතුරුපැදියක් අද (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එම සැකකරුවන් ඝාතනය සඳහා යොදා ගත් බවට සැකකරන මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවියක් ,  උණ්ඩ තුනක් සමඟ හිස් කොපුවක් සහ තියුණු ආයුධ දෙකක් ද සොයා ගැනීමට හැකි වූ බවද ඒම මහතා පවසයි.

ඝාතනය සිදු කළ සැකකරුවන් පලා ගිය වෑන් රථය පිළිබඳව මහජනතාවගෙන් නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව එම අංකය හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීමෙන් පසු සිදුකළ විමර්ශනයේදී එම වෑන් රථයේ හිමිකරු කොලොන්නාව ප‍්‍රදේශයේ අයෙකු බව අනාවරණය වී ඇත.

එම වෑන් රථයේ හිමිකාරිය විසින් අදාල වෑන් රථය මාසික කුලී පදනම මත වාහන කුලියට ලබා දීමේ ආයතනයක් වෙත ලබා දී තිබූ අතර ඒ ඔස්සේ වෑන් රථය නවතා තිබූ ස්ථානය සොයා ගැනීමට හැකිවී තිබේ.

තලංගම කුමාරගේවත්ත ප‍්‍රදේශයේ ඉදි කරමින් පවතින තෙමහල් නිවසක් ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය සොයා ගෙන එහි සිටි දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල පෙරේරා මාවතේ කෙළවර පාළු ප‍්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඝතනය සඳහා යොදා ගත් බව කියන තියුණු ආයුධ දෙකක් සොයා ගැනීමට හැකිවී තිබේ.

දොම්පේ පාළුගම ප‍්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු එම ඝාතනයට යොදා ගත් බවට සැකකකෙරෙන මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ තුනක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙම සැකකරුවන් සිරතව සිටින පාතල නායකයෙකුගේ ගෝලයින් බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණ වූ බවත් ප‍්‍රදේශයේ පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර කාලයක් සිට පවතින ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් පලා ආ සැකරුවෙකු ඇතුළු රණාල , ජල්තර සහ දොම්පේ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන බවද පොලිසිය සඳහන් කළේය.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ තවත් අයෙකු කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ හංවැල්ල සිට කඩුවෙල දෙසට මෝටර් රථයකින් පැමිණ හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී වෙළඳලක් අසල මෝටර් රථය නවත්වා පිටතට පැමිණෙනවාත් සමඟ යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි කිහිපදෙනෙකු මියගිය පුද්ගලයාට වෙඩි තබා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලා ගොස්  තිබූ බවද පොලිසිය පවසයි.

මෝටර් රථයේ සිටි අනෙක් තැනැත්තාටද වෙඩි ප‍්‍රහාර තුනක් එල්ල කර ඇතත් එම පුද්ගලයා වෙඩි පහර විඳ දරා ගනිමින් පලා ගොස් පසුව හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව එහි ප‍්‍රතිකාර ලබා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ද  අදාල ස්ථානයේ සිටි පුද්ගයෙකු ද තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත

මෙම වෙඩි තැබිමෙන් මිය ගොස් ඇත්තේ රණාල ජල්තර නෙළුම් මාවත ප‍්‍රදේශයේ පදිංචි බෙලිහුල්ලගේ ගෙදර සුරේෂ් රුවන්ත ගුණසිංහ නොහොත් චූටි මල්ලි නැමති 23 හැවිරිදි තරුණයෙකු වන අතර එම ප‍්‍රදේශයේම පදිංචි ‘‘ඉන්ද්‍රා’’ නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකු  සහ ජීවන් නමැති වෙළෙන්දා රෝහල් ගතව ඇති බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් රථ වාහන සහ සැකකරුවන් හෙට (17) හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (0)

හංවැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1182 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1122 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 635 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1652 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 84 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2710 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site