(තිළිණි ද සිල්වා)
ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වමින් හා ත්‍රස්ත ක්‍රියාකාරම් වල නිරතවෙමින් සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළා යැයි කියන චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙකු සෞදි බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි සෞදි ගැසට් වෙබ් අඩවිය අද (13) වාර්තා කළේය.
එරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ලාංකිකයාගේ අනන්‍යතාවය සෞදි බලධාරීන් විසින් තහවුරු කර නොමැත.
මෙම ලාංකිකයා මේ වන විට එරට බුද්ධි අංශ භාරයේ පවතින බන්ධනාගාරයක තාවකාලික රඳවා සිටින බවද සෞදි ගැසට් වාර්තාවේ සඳහන් වේ.
මෙම ලාංකිකයාට අමතරව විවිධ ජාතීන් 40 කට අයත් තවත් පුද්ගලයින් 999 දෙනෙකුද ත්‍රස්තවාදී චෝදනා යටතේ සෞදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරේ යේමන ජාතිකයින් 365 ක්ද ,සිරියා ජාතිකයින් 221 ක්ද , ඊජිප්තු ජාතිකයින් 87 ක්ද , පකිස්ථාන ජාතිකයින් 70 ක්ද , ඉන්දීය ජාතිකයින් 19 ක්ද , ඇමෙරිකානුවන් 5ක්ද ,ජෝර්දාන ජාතිකයින් 22 ක් , ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 8 ක්ද , තුර්කි ජාතිකයින් 19 ක්ද ,පලස්තීන් වැසියන් 20 ක්ද , එක්සත් අරාබි එමීර් ජාතිකයින් 2ක්ද , පිලිපීනයේ 16 ක්ද , සුඩාන ජාතිකයින් 33ක්ද , බහරේන ජාතිකයින් 10 ක්ද ඇතුළු පිරිසක්ද වෙති.
ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වමින් හා ත්‍රස්ත ක්‍රියාකාරම් වල නිරතවීමේ චෝදනා යටතේ මෙම ලාංකකියා ඇතුළු සැකකරුවන් පිරිසට එරෙහිව පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව ඉදිරියේදී එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළැයි ලාංකිකයෙකු අත්අඩංගුවට
theshan Tuesday, 14 August 2018 01:12 AM
එහෙනම් ඉතින් බෙල්ල නැවෙයි......... පුළුවන් තරම් ඉක්මනින් අත්අඩංගුවට ගත්ත පුද්ගල අපේ රටේ ක එක්කද සම්බන්ධතා පැවැත්තුවේ කියල හොයල බලන්න.