(තිළිණි ද සිල්වා)
සබරගමුව විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා රියාල් කෝටි 870 ක සහන ණය මුදලක් ලබා දීමට සෞදි රජය එකගත්වය පළ කර ඇත.
ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාගාර පහසුකම් සහිතව ලොව පිළිගත් ඉගැන්වීමේ සහ ඉගෙනීමේ පහසුකම් මෙරට වෛද්‍ය සිසුන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
උසස් අධ්‍යාපනය සඳහා, විශේෂයෙන් ම වෛද්‍ය අධ්‍යාපනය සඳහා පවත්නා අවස්ථා පුළුල් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවර කළ සංචාරයේ දී මේ සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ද මෙම දූත පිරිසට අයත් වූහ.
සෞදි රජය වෙනුවෙන් සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් මොහොමඩ් අල්දොලයිලන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූ අතර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා වන සෞදි රියාල් කෝටි 870 ක සහන ණයක් (රුපියල මිලියන 8725) ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධානීහු එකග වූහ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෞදියෙන් කෝටි 870 ක සහන ණයක්
nisar Thursday, 18 April 2019 11:58 AM
කෝ බමුණුආරච්චි
nisar Thursday, 18 April 2019 01:03 PM
අපිට මොකටද හම්බ සල්ලි...?
nnassm Thursday, 18 April 2019 01:24 PM
කෝ මේ බමුණුඅාරච්චි...? ඔන්න සරියා නීතිය එනවා. පුලුවන්නම් නතරකරනවා. ඔයා හැමදාම බනිනවා. ලෝකේ ඉන්න තම්බිලාට... දැන් දාන්න කමෙන්ට් එකක්...
ගොන් වස්සාSunday, 21 April 2019 03:05 AM
බමුණු මහතා ඇද යට !
sameera Thursday, 18 April 2019 03:24 PM
සුබපැතුම්...!!
Perakum Thursday, 18 April 2019 03:29 PM
සෞදියෙන් කෝටි 870ක සහන ණයක් කීවට මොනවගේ සහනයක්ද කියලා දැනගන්න කැමතියි. චීනෙන් දෙනවා වගේද?
චමින්ද Friday, 19 April 2019 12:57 PM
පළාත් සභා නැමති පිළිකාව ඉවත්කර ගතහොත් මේ ණය ගැනීම අවශ්‍ය නැහැ. රජිව් ගාන්ධි පළාත් සභා පිළිකාව දුන්නේ මේ රටේ සංවර්ධනය නැවැත්වීමටයි. අනුන්ගේ ණය ගැන කියකියා මුනුත් ණය ගන්නවා
Iqbal Dublin Friday, 19 April 2019 01:07 PM
සෞදි අරාබියේ ආධාර ලබා මාර්ග පාලම් ව්‍යපෘති රැසක් මේ වනවිට අවසන් කරලා තියෙනවා. අන්තවාදී අදහස් පළ කරන්නන් කුමක් කීවත් සෞදි අරාබිය අපේ මිත්‍ර රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නා රටක්...
lal priyantha Friday, 19 April 2019 01:30 PM
විල්පත්තුව කපපු එක වහගන්න බදුර්දින් දුන්න ගුන්ඩුවක් ඕක... අනික නිකන් දුන්නා නම් හම්බයෝ හොඳ කියන්න තිබුණා. පොලිත් එක්ක ගෙවන්නනේ දෙන්නේ. එ්ක ඔවුන්ගේ බිස්නස් එක.
කටාර් මල්ලි Friday, 19 April 2019 09:49 PM
රියාල් කෝටි 870 ? රියාල් කෝටි 870 × 48 = රුපියල් කෝටි 41760
lankaputha Saturday, 20 April 2019 05:36 AM
තවත් මුස්ලිම් අධ්‍යාපන ඒකකයක් අරඹන්න කියන්නේ පස්සේ... ඔලුවිල් වගේ..
nabeel Saturday, 20 April 2019 09:42 AM
ප්‍රියන්ත මහතාගේ දැනගැනීම පිණිසයි. සෞදි අරාබිය පොලිය මත ණය ලබාදෙන්නේ නැත.
NuwanSaturday, 20 April 2019 01:00 PM
ලොව වෙනත් රටවල් සහ සංවිධාන ගැන අපේ ලින් මැඩි ප්‍රියන්ත වගේ අය දන්නා කෙහෙල් මලක් නැහැ..
Jaya Sunday, 21 April 2019 05:35 AM
නරක වැඩ සීයක් කරලා ඒවා සල්ලි වලින් වහගන්න එක හොඳ වැඩක් කලාම පුරාජේරු දොඩවනවා. නරක වැඩ ගැන වචනයක් කතා කරන්නේ නෑ.. මේ සෞදිය මුස්ලිම් ලෝකයම විනාස කරපු ඇමෙරිකන්කාරයොත් එක්ක එකතුවෙලා අදටත් යේමනයේ, සිරියාවේ, ඉරාකයේ, පලස්තීනයේ දහස් ගණන් ළමුන්, මිනිසුන් මරදානවා. මෙහෙ අන්ධ මෝඩ මිනිස්සු ආවඩනවා.