(විනීතා එම් ගමගේ)
සෞදි රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම යළිත් ආරම්භ කල බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
කොවිඩ් 19 වයිරසය ලොව පුරා පැතිර යාම හේතුවෙන් මාස 10 කට ආසන්න කාලයක් සෞදි ආරාබිය විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නවත්වා තිබිණි.
සෞදි අරාබිය විදෙශ ශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ආරම්භ කළ පසුවත් විදේශ රැකියා නියෝජිතායන වල පැවැති ගැටළු කිහිපයක් හේතුවෙන් එරටට ශ්‍රමිකයන් යැවීම ඇණහිට තිබිණි.
මේ සම්බන්ධව විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා මැදිහත්ව පවතින ගැටළු නිරාකරණය කිරීමට ගත් තීරණයත් සමඟ මෙම පිරිස යැවීමට රැකියා නියෝජිතායතනපියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නැවත ශ්‍රමිකයන් යැවීම ආරම්භ කරමින් අද (28) අලුයම ශ්‍රී ලාංකික පිරිමි ශ්‍රමිකයන් 60 දෙනෙක් සවුදි අරාබිය බලා පිටත්ව ගිය බව ද එම නිලධාරියා සඳහන් කළේය.
180 දෙනෙකුගෙන් යුත් මුළු කණ්ඩායමේ පලමු ශ්‍රමික පිරිස ලෙස මොවුන් විදේශගත වූ බවත් සෞදි රාජ්‍යයේ හෝටල් ක්ෂේත්රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ රැකියා සදහා මෙම ශ්‍රමික පිරිස යොමුකර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෞදියට ශ්‍රමිකයින් යැවීම යළිත්
අජිත් Saturday, 28 November 2020 01:39 PM
රස්සා ඉවර වෙලා එන්න නැතිව ඉන්න අය ගැන කතා කරන්න කවුරුවත් නෑ. යන්න දෙන්න පුළුවන් නම් අපිට එන්න දෙන්නේ කවද්ද?
කසුන් Saturday, 28 November 2020 03:51 PM
යැව්වට කමක් නෑ. එහෙ ඉන්න අය නම් කොරෝනා ඉවරයක් වෙනකම් ගේන්න එපා මෙහෙට. අපිට බෑ මෙහෙම දුක් විඳින්න.