(මොහොමඩ් ආසික් සහ චමිල් රූපසිංහ)
සේනා දළඹුවා විනාශ කළ හැක්කේ කෘමින් බෝ කර මුදා හැරීම සඳහා පර්යේෂණ සිදු කරන බව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්. වැලිගමගේ මහතා කීය.
මේ සියල්ලට අමතරව ජෛව පාලනය මගින් මේ දළඹුවා පාලනය කිරීම සඳහා මේ වන විට පර්යේෂණ පවත්වමින් සිටින බවද ඒ මහතා කීය.
දේශීය බඩ ඉරිඟු වගාව ඇතුළු වගාවන් රැසකට සේනා දළඹුවා හානි කරමින් පවතී.
පාලනය කිරීමට සියලු උපක්‍රම භාවිතා කිරිමට ගොවීන් ඇතුළු සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බව පේරාදෙණිය ගන්නෝරුව පිහිටි පැලෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී අද (18) පැවැති වැඩමුළුවක ප්‍රධාන දේශණය පවත්වමින් ඒ මහතා එසේ කීය.
සේනා දළඹුවා පාලනය කිරීම සම්බන්ධයෙන් හා එහි හානිය සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ රජයේ නිළධාරින් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව පැවැත්විණි.
මෙහිදී තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කීට විද්‍යාඥ එස්.එස් වැලිගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය.
මේ සේනා දළඹුවා ලංකාවෙන් වාර්තා වෙලා මේ වන විට මාස තුනක් හතරක් පමණ ගත වෙලා තියෙනවා. මේ දළඹුවා ප්‍රධාන වශයෙන් හානි කරන්නේ තෘණ කුලයේ ශාකවලටයි. විශේෂයෙන් බඩ ඉරිඟු සහ වී වැනි ශාකවලටයි. එපමණක් නොව වෙනත් බෝග වර්ග සියයකට පමණ හානි කරන්න මේ දළඹුවාට හැකියාව තිබෙනවා. එපමණක් නොව විශේෂයෙන් සැඟව සිට ආහාර ගනිමින් ශාකය විනාශ කිරීමේ හැකියාව මේ දළඹුවාට තිබෙනවා. මේ දළඹුවා විනාශ කිරීම සඳහා උපයෝගී කරගත හැකි සියලු උපක්‍රම උපයෝගී කර ගත යුතුයි.
මේ දළඹුවා පාලනය කිරීම සඳහා වන විට විවිධ උපක්‍රම රැසක් සොයා ගෙන තිබෙන බවත් තවත් උපක්‍රම පිළිබඳව පර්යේෂණ පවත්වමින් තිබෙන බවත් ඒ මහතා කීය.
එම උපක්‍රම අතර ප්‍රමාද වී වගා නොකිරීම සහ සාමූහිකව වගාව ආරම්භ කිරීම, ප්‍රමාද වී වගාව ආරම්භ කිරීමෙන් හානිය වැඩිවන බවත් බීජ ප්‍රතිකර්ම යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවත් ඒ මහතා කීය.
වගාව සඳහා යූරියා වැනි පොහොර වැඩියෙන් භාවිතා කිරීමෙන් වැළකී නිර්දේශිත පොහොර ප්‍රමාණය පමණක් භාවිත කිරීම, කෘමිනාශක වර්ග 13 ක නිර්දේශ ලබා දී තිබෙන බවත් කී ඒ මහතා වඩාත් පරීක්ෂාවෙන් සිට ආරම්භක අවස්ථාවේදීම දළඹුවා විනාශ කර දැමීමත් බිත්තර විනාශ කිරීමත් වඩාත් සුදුසු බවත් කීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සේනා දළඹුවා මඬින්න කෘමීන් මුදා හැරීමේ පර්යේෂණ
chaminda Friday, 18 January 2019 03:56 PM
දළඹුවා මඩින්න කෘමි නාශක, දළඹු බිත්තර දමන සලබයා මඩින්න රාත්‍රියට වගාබිම් අවට ගිනිගොඩවල් අවුලුවන්න. ඉගිලෙන සලබයන් ගිනිගොඩට ඇවිත් විනාශ වේවි...
kUMAR (Gulf) Friday, 18 January 2019 06:49 PM
මේ දලඹුවාගේම වෙනත් විශේෂයක් 1978, 1979 කාලයේදී යාපනේ ලුණු වගාවට තදින්ම හානි කළා, ඒ වෙලාවේ මේ දළඹුවන් මර්ධනය සඳහා සාර්ථකව පාවිච්චිකලේ Ambush 2EC (Permethrin) දැනට මේ දළඹු විශේෂයක් අරාබි ගල්ෆ් රටවල Turf Grass වලට තදින් හානි කරනවා, නමුත් parathyroid වර්ගයේ කෘමිනාශක දෙකක් එක්කොට භාවිතා කිරීමෙන් ඉතා සාර්ථකව මේ දළඹුවාගේ හානිය ක්ෂණිකව මර්ධනය කිරීමට පුළුවන් වෙනවා..
ajith Saturday, 19 January 2019 01:47 AM
සේනා දලඹුවා මර්ධනය කරන්න රජයත් කෘෂිකර්ම නිලධාරීන්, විශ්ව විද්‍යාල කොපමණ වෙහෙසක් කාර්ය භාරයක් කරනවද කියල රටේ ජනතාව දැනගෙන හිටියත් විපක්ෂය නම් දන්නේ නැහැ වගේ. එක එක ප්‍රකාශ කරනවා දකිනවා. ලෝකේ කොහෙවත් රටක මේ සේනා දළඹුව මර්ධරණය කරන්න රසායනික බෙහෙතක් හෝ වෙනයම් ක්‍රමයක් සොයාගෙන නැති බව නොදන්නා කෙනෙක් නැහැ.
indikaSaturday, 19 January 2019 04:46 AM
ආණ්ඩුව බේරගන්න පුදුම උනන්දුවක්නේ තියෙන්නේ!
lankaSaturday, 19 January 2019 10:33 AM
මා සිතන්නේ මේ කතාව ඇත්ත කියායි. අද විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ උවදුර මැඩලීම සඳහා මහත් පරිශ්‍රමයක් දක්වනවා. උදාහරණයක් ලෙස මේ සඳහා අතීතයේ පැවති පොල් කුරුමිණි උවදුර මැඩලීම සඳහා යොදාගත් ජෛවී පද්ධති භාවිතා කල හැකිදැයි සොයා බලනවා. මේ කෘමියා පාලනය කිරීමට අපහසු එක හේතුවක් නම්, ඔවුන් සුලබ අවස්ථාවේදී කිලෝ මීටර් 80 පමණ දුර පියාබිය හැකි වීමයි. තවද, මෙය මැඩලීම සඳහා අස්වනු නෙලන කාලය ලංවූ විට ආහාරයට ගන්නා බඩඉරිඟු වැනි භෝගවලට ඉතා විෂ සහිත කෘෂි නාශක යෙදිය නොහැක.
RoshanSaturday, 19 January 2019 11:07 AM
තාම ආණ්ඩුවට කඩේ යන හරක් ඉන්නවනේ..
Saliya Saturday, 19 January 2019 04:07 AM
මේ දළඹුවා පාලනය කරන්න කෘෂි නිලධාරින්ටයි, විශ්වවිද්‍යාලවලටයි.. සමහර විට බැරිවෙන්න පුළුවන්... හුඟක් කට්ටිය නොදන්නවා වුණාට ලංකාවේ නව නිර්මාණකරුවන් බොහොමයක් සිටිනවා. ඒ ගොල්ලන් මේ වැඩේට සම්බන්ද කරගන්න. කාටවත්ම හිතන්න බැරි විදියට මේක අවසන් කරලා දායි. එහෙම නැතුව එක එක්කෙනාට බනින එක නෙවෙයි.
wimal Saturday, 19 January 2019 06:54 AM
හා... හා.. ඕක හරි සරලදෙයක්. කෘෂි නිලධාරින්ට, සහ පාලකයන්ට. මොකද පොල් ගහට කරපු දේ අපි දන්නවා පොල් ගහේ පත්රවලට ලෙඩ හැදුණාම ගහ කපන්න කියපු උන් ඉන්න රටනේ මේක.. අර එළුවට කරපු දෙය දන්නා නිලධාරින් සහ පාලකයන් ඉන්න රටනේ මේක. විලිලැජ්ජයි ! ගන්න වැටුපටවත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න දන්නේ නෑ. මේ නිලධාරින් සහ පාලකයන්...