IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සෙංකෝලය පැහැර ගැනීමට තැත් කිරිමට ගැන මන්ත්‍රී ප්‍රසන්නගෙන් කරුණු විමසයි


 
 
(සුජිත් හේවාජුලිගේ)
 
හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ කොටි හිතවාදී ප්‍රකාශය ගැන මැති සබයේ උණුසුම්කාරී තත්වයක් ඇතිවු අවස්ථාවේදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරණ ලදැයි චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගෙන් පාර්ලිමේන්තු  වරප්‍රසාද කමිටුව අද (16) නිදහසට කරුණූ විමසා ඇත.


පාර්ලිමේන්තු  වරප්‍රසාද කමිටුවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව රණවීර මහතා එම කමිටුව හමුවේ අද උදේ පෙනී සිටියේය.


මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පැවසුවේ එදින පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධියේ වීඩියෝ දර්ශන පෙන්වා වරප්‍රසාද කමිටුව තමාගෙන් නිදහසට කරුණු විමසු බවයි.


පාර්ලිමේන්තුවේ ඒ කලබලය තවදුරටත් උත්සන්න වුණේ කතානායකවරයා ඒ ගැන කතා කිරීමට විපක්ෂයට ඉඩ නොදුන් නිසා බවත් කොටි හිතවාදි ප්‍රකාශයක් කළ විජයකලා මහේෂ්වරන්ට විරුද්ධව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති තත්වයක් යටතේ ඒ ගැන කතා කිරීමට උත්සාහ දැරූ මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට යෑම සාධාරණ දැයි ජනතාව සිතා බැලිය යුතු බවත් තමා වරප්‍රසාද කමිටුවට දැනුම් දුන්නේ යැයිද රණවීර මහතා කිවේය.


පාර්ලිමේනතුවේ මේ උණූසුම්කාරී සිද්ධිය ඇති වුයේ ඉකුත් 3 වැනිදා පෙරවරුවේය.



අදහස් (8)

සෙංකෝලය පැහැර ගැනීමට තැත් කිරිමට ගැන මන්ත්‍රී ප්‍රසන්නගෙන් කරුණු විමසයි

td Monday, 16 July 2018 10:53 AM

පසුගිය වසර තුන ඇතුළත පාර්ලිමේන්තුව තුලදී සිදුවූ ගුටිබැට හුවමාරු, මත්පැන් සාද සහ සෙංකෝලය පැහැර ගැනීම් වැනි දේවල් සියල්ල මගින් වීඩියෝපටයක් නිර්මාණයකර ලංකාවේ ඡන්දදායකයන් වෙත නැරඹීමට සැලැස්විය යුතුය. ඡන්දදායකයන් විසින් රට වෙනුවෙන් සේවය කිරීමට පාර්ලිමේන්තුවට පත් කරනලද අයවලුන්ගේ හැසිරීම සියලු රටවැසියා දැනගත යුතුය. එම දර්ශන නැරබිමෙන් රටේ ජනත්වත් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කව්රුන්ද කියා යලිත් සිතනු නොඅනුමානය. ජනතාව පත්කරනලද මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගොස් කරන්නේ මොනවාදි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත.

:       24       304

sena Monday, 16 July 2018 10:59 AM

ඕනෑම දෙයකට නිසි පිළිවෙලක් තියෙනවා පාර්ලිමේන්තුව කියන්නේ රටේ උත්තරිත්ම ආයතනය එතන ගෞරවයට හානි සිදු වෙනවානම් දඩුවම් ලැබිය යුතුමයි...... එහෙම නැති උනොත් මුළු රටම කෝලම් මඩුවක් වෙයි.....

:       12       294

Chanak Los angelesTuesday, 17 July 2018 05:30 AM

නරකාදී දේශපාලන බලමහිමයේ පිහිටෙන් හරියට 8 වත් පාස් නැති මෝඩයෝ සිවිල් සේවයට පැමිණියාම පාර්ලිමේන්තුවට පමණක් නොව මුළු රටටම හානියක් .

:       0       0

rohan Monday, 16 July 2018 02:37 PM

මේ අය ජනතා නියෝජිතයෝ නොවෙයි, පාතාලයේ නියෝජිතයෝ මුලින්ම එල්ලුම් ගහට යවන්න ඕනේ මේවගේ අය...

:       26       211

Lakmal Monday, 16 July 2018 03:13 PM

අනේ මේ අයව පාර්ලිමේන්තු එවනවනේ.

:       4       153

prasad Monday, 16 July 2018 11:02 PM

මර්වින් සිල්වා , පබා, චතුර සේනාරත්න, ප්‍රසන්න රණවීර වැනි අයව ඉහළින්ම පාර්ලිමේන්තු යැවූ ගම්පහ දිස්ත්‍රික්කයේ අති බුද්ධිමත් ජනතාවට ප්‍රණාමය මෙවන් ජනතාවක් අත්තේ ගම්පහ දිශාවේ පමණි , පක්ෂ භේදයෙන් තොරව ලැජ්ජවෙමි මර්වින් සිල්වා කොළඹින් ඡන්ද පන්දාහයි (5000) නමුත් ගම්පහින් ඡන්ද එක්ලක්ෂ පනස්දාහයි (150,000) කොහොමද ගම්පහ ජනතාව ?

:       0       11

amra Tuesday, 17 July 2018 03:19 AM

සෙන්කොලේත් හොරකම් නොකරොත් තමයි පුදුමේ.?

:       0       3

niresh Tuesday, 17 July 2018 04:37 AM

උගත් කමක් නැති මිනිස්සු ආවම ඕක තමයි වෙන්නේ. කිසිම සුදුසු කමක් ඕනේ නෑ. වෙන රටවල් වල ඇමති මණ්ඩල දිහා බලලවත් අපේ රටේ දේශපාලනයට අවම සුදුසු කමක් හැටියට මොනයම් හරි උපාධියක් තියෙන්න ඕන. පහල මට්ටමේ දේශපාලනයට අඩුම උසස් පෙළ සමත් වෙන්න ඕන. මේවා ක්‍රියාත්මක කරන්න කිසිම කෙනෙකුට උවමනා නෑ . මොකද වටේටම ඉන්නේ හොරු තක්කඩි නිසා. ඒ අයගේ උදවු නැතුව මහා උන්ට ඉන්න බෑ. රට කාලකන්නි කරලා අපේ ඉදිරි පරම්පරාවත් නැතිකරනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 13 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 29 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 325 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 291 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1378 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 846 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site