IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුනාමියක් වගේ ජල කඳක් ඇවිත් අප සිටි ජිප් රථය ගසාගෙන ගියා-රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර

(නයනජීව බණ්ඩාර,කේ.ඩී.දේවප්‍රිය)

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය කියයි.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති  උත්සව කීපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබේ.

අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිපෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන තිබේ.

අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නැත.

තමන් මුහුණ දුන් ත්‍රාසජනක සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර මහතා මෙසේ කීය.

බිබිලේ ජනතා සේවයකට ගොස් ආපසු එන අතර තුර හිතාගන්නවත්  බැරි විදුහට එකවර සුනාමියක් වගේ ජල කඳක් ආවා. අප ගමන්ගත් ජීප් රථය කැරකැවුණා. මා දනගත් අනතුරක් කියල. රියදුරාටත් සහායකයා සමග ජිප් රියෙන් පැනගත්තා. අඩි හතරක පමණ ජල කඳකට අපි පැන්නේ. ඒ එක්කම ජිප් රථය අඩි 100ක් පමණ දුරකට දිය යටින්  ගහගෙන ගියා. ගහක පැටලිලා තිබුණු ජිත් රථය  පැයකට පමණ පසුව සොයාගත්තා. මේ වගේ අත්දැකීමක් කවදාවත් ලැබිලා නෑ. ඒක හරිම ත්‍රාසජනක අවස්ථාවක්.

කේ.ඩී.දේවප්‍රිය



අදහස් (19)

සුනාමියක් වගේ ජල කඳක් ඇවිත් අප සිටි ජිප් රථය ගසාගෙන ගියා-රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර

පුරවැසියා Monday, 22 March 2021 08:11 AM

වාර්තාවේ අන්තිම කොටස බලනකොට වැඩක් නැහැ කියලා හිතුණා.

:       0       0

Raveendra Monday, 22 March 2021 08:17 AM

මොන මෝඩයින් ටිකක්ද ඕක බේරගත්තේ? රටට මේ වගේ වාසනාවන්ත අවස්ථාවක් එන්නේ කළාතුරකින්.. අපරාදේ....

:       0       0

Nihal Monday, 22 March 2021 10:36 AM

අවසාන කොටස කියවනකල් හිතාන හිටියේ අපි වාසනාවන්තයි කියලා. දැන් අලුත් ඩිෆෙන්ඩර් එකක් අපි අරන් දෙන්නම්.

:       0       0

සිරිබිරිස් Monday, 22 March 2021 10:45 AM

අපරාදේ...

:       0       0

suga Monday, 22 March 2021 10:45 AM

මේ දිනවල අනතුරු, විපත් වැඩියි නේද? දැන්වත් වන විනාශය, කොරෝනා ව්‍යාපාරයක් කරගැනීම වගේ දේවල් නැවත්තුවොත් හොඳයි නේද?

:       0       0

පුරවැසි Monday, 22 March 2021 01:24 PM

සිංහරාජේ කපලා වැව් හදන්න යන කොට සොබා දහම කම්පා නොවී තියෙයි ද මහත්තයෝ

:       0       0

සමන්ත Monday, 22 March 2021 03:22 PM

ඔය පටන් ගත්තා විතරයි. ඊළඟ ත්‍රාසජනක අත් දැකීම එන්නේ උඩින්.

:       0       0

pakeer Monday, 22 March 2021 05:05 PM

ඩිෆෙන්ඩර් නෙමෙයි හැමර් එකකටවත් බැහැ වතුරෙ යන්න. ටයර් වල තියෙන්නේ හුළං.. වතුර වැටිච්ච ගමන් පාවෙන්න බලනවා. ඉන් පස්සේ සෙල්ලම් බඩු වගේ...

:       0       0

G. Perera Monday, 22 March 2021 07:49 PM

ස්වභාව ධර්මයට විනකරන අයට ස්වභාව ධර්මයම දඬුවමි කරනවා.ඔය ආරම්භයක් විතරයි පුතේ.

:       0       0

sobawa dahama Tuesday, 23 March 2021 01:08 AM

කියන බොරුත්, කරන වැඩත් නිසා මෙවැනි දේ වෙනවා. ස්වභාව දහම කෝපවෙලා ඔහෙලගේ වැඩ ගැන දේශපාලන සුනාමියක් අතළඟ බව අනතුරු ඇඟවීමක්..

:       0       0

Ruwan Tuesday, 23 March 2021 02:56 AM

සුනාමියෙන් බාප්පත් ගොඩ ගියානේ...

:       0       0

sharm warn Tuesday, 23 March 2021 03:03 AM

අනේ ගහගෙනම ගියා නම්...!!!

:       0       0

පියතුමා Tuesday, 23 March 2021 03:11 AM

වතුරෙන් ගසාගෙන ගිය නිසා ජලමුලාශ්‍රයක් වන සිංහරාජේ වැවක් හදලා ගංවතුර නවත්තමු. එතකොට මගේ පුතා ආයේ ගසාගෙන යන්නේ නැහැ. වසර දහස් ගණනක් පැරණි, හිතාගන්නවත් බැරි ජෛව විවිධත්වයක් තියෙන, කැලේ වැවකට කපා හැරලා සිංහරාජේ වෙනුවට රබර් ගස් ටිකක් හිටවමු. මීට අප්පච්චි...!

:       1       33

SarasiTuesday, 23 March 2021 09:22 AM

සත්‍යයි.

:       1       19

ඡන්දදායකයාWednesday, 24 March 2021 11:55 AM

මෙහෙම දැනුම් සම්භාරයක් තියෙන අයනේ අපි පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ... ඉතින් කොහොමද රටක් හදන්නේ?

:       0       2

සෙනෙවිරත්න Tuesday, 23 March 2021 08:19 AM

මෙයා කියනවා අඩි දෙකහමාරක් උසට වතුර තිබුණා කියලා, එච්චර වතුරක තමන්ගේ පුද්ගලික වාහනය දානවද? එච්චරද උස වතුරක ගලායන සැඩ පහරක වාහනයක් ධාවනය කරන්න බැරි බව පොඩි ළමයෙකුට වුවද වැටහෙනු ඇත. මේ වාහන වලට අලාභයත් අපිම ගෙවමු, මෙයා අයිමත් ඕකේ යාවිද? කතරගම දෙවියොලු බේරගත්තේ..

:       0       18

Suneth Hemantha Wednesday, 24 March 2021 06:02 AM

සුනාමිය ඇස් දෙකෙන් දැක්කා නම් අර හාවා සිංහයාට කියපු කතාව කියයි. තල් කොලේට වැටුණ තල් ගෙඩිය වගේ....

:       0       9

Kamal Koyrala Wednesday, 24 March 2021 07:43 AM

ස්වභාව ධර්මය විනාශ කරන පරම්පරාවකට මේ ස්වභාව ධර්මය විසින් දෙන දඬුවමක පෙර නිමිත්තක්, අසුබ ලකුණක් පරම්පරාවට..

:       0       11

Dhammikaperera Wednesday, 24 March 2021 03:04 PM

ස්වභාව ධර්මය දඬුවම් කරන්න පටන් අරගෙන. රාජපක්ෂලාට ගැලවිල්ලක් නෑ. තාත්තාට කියන්න සිංහරාජයේ තවත් වැව් හදන්න කියලා.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 104 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 302 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 584 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3330 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site