IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සීසීටීවී කැමරා ගැලවූ හිමිනම ඇතුළු සිසුහු සිව්දෙනා රිමාන්ඩ්

(කවිතා සුබසිංහ)

කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ  හිමිනමක ඇතුළු සරසවි සිසුන් සිව්දෙනකු ලබන 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහර මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද(28) නියම කළේය.

මෙසේ රිමාන්ඩ් ගතකිරීමට නියෝග ලැබූවේ, මහනගේ දිල්ෂාන් හර්ෂණ විජේසිරි, විජ්ජාපතිලාගේ ධනුෂ්ක කැළුම් ප්‍රබෝධන මුදන්නායක, මඩවල ⁣ලේඛම්ලාගේ ජනිත් ජනජය විශ්ව කීර්තිධර හා කොබෙයිතුඩුවේ සමිත හිමි නැමති අය ය.

විශ්වවිද්‍යාල භූමිය තුළ සීසීටීවි කැමරා සවිකිරීම සම්බන්ධයෙන් සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුරදී කැමරා පද්ධතියට රුපියල් 2,654,836 කට අධික අලාභයක් කරමින් ගලවා දැමීමට මුල් වූ බව කියන සිසුන් 16දෙනෙකු  කිරිබත්ගොඩ පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතරින් 12 දෙනෙකු ඊයේ(27)පොලිස් ඇප මත මුදා හැරතිබිණි.

පොදු දේපල පනත ය⁣ටතේ සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් වැඩිදුර විමර්ශන කරමින් පවතින බවත් කිරිබත්ගොඩ පොලිසිය අධිකරණය වෙත පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කිරිබත්ගොඩ පොලිසිය වෙත නියෝග කළේය.

නුවන් බෝගගේ,අස්තික දේවේන්ද්‍ර හා අරුණ මදුසංඛ ඇතුළු නීතිඥවරු කිහිපදෙනෙක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් 27909 අරුණ කුමාර නිලධාරියා හා පොලිස් කොස්තාපල් 90071 රත්නායක යන නිලධාරීහු  පැමිණිල්ල මෙහෙය වුහ.



අදහස් (17)

සීසීටීවී කැමරා ගැලවූ හිමිනම ඇතුළු සිසුහු සිව්දෙනා රිමාන්ඩ්

පිටිගල මිලානෝ Friday, 28 February 2020 11:16 AM

මේ අයගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න වහාම... මේ අය සමාජයට පැමිණියාම තමයි ට්‍රාන්ස්ෆෝමර්, බස් ආදී දේවල් ගිණිතියන්නේ. අවුරුදු 10කටවත් ඇතුළට යවන්න.

:       2       280

mihira Friday, 28 February 2020 11:21 AM

කාලකන්නි, අස්කරලාම දාන්න ඕනේ...

:       3       540

Raveendra Friday, 28 February 2020 11:28 AM

මහජන මුදල්, මහජන දේපළ විනාශ කරන කිසිඳු කෙනෙකුට " මේ රටේ ජීවත්වීමට ඉඩ නොතබමු". එම අය මොන තරාතිරමකට අය වුණත් ගැටළුවක් නැත. දුටුතැන දඬුවම් කළ යුතුය. එය පවක් නොව සමාජයට කරන මහඟු පිනකි, සේවයකි. එබැවින් මෙම මුර්ගයින්ට හැකි ඉක්මණින් දඬුවම් ලැබේවා...!!! අපරාදේ මෙවන් මුර්ගයින්, රස්තියාදුකාරයන් මෙලොවට බිහි කළ ඒ ආදරණීය අම්මලා මොනතරම් දුක්ගැහැට විඳලාද මේ දරුවන් උස්මහත් කර සමාජයට වැඩදායී මිනිසුන් ලෙස සිටීමට වෙහෙස මහන්සි වෙන්නේ...? අඩුතරමින් මෙම කාලකන්නින් ඒ ගැනවත් හිතුවාද?

:       4       563

dilan Friday, 28 February 2020 12:01 PM

අර හැමදේටම විරුද්ධ ජෙප්පන්ගේ බළල් අත තමයි අන්තරේ කියන්නේ. පාලනාධිකාරියෙන් මොන දේ දුන්නත් මේ කට්ටිය විරුද්ධයි. අර කැලණියේ සිසුවෙක්ගේ කනක් පැලුවෙත් මේ යක්කුම තමයි. ඇත්තටම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ හමුදා නිලධාරියෙක් විශ්වවිද්‍යාලයටත් පත්කර අප වැනි සාමකාමී සිසුන්ට අධ්‍යපනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසයි.

:       5       1061

MaheshFriday, 28 February 2020 04:48 PM

සහතික ඇත්ත කතාව. හැබැයි දැන් මේකේ ඉන්නේ රටේම ඡන්ද දහදාහක්වත් නැති පෙරටුකාරයින්. මේවායේ දේශපාලනය සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනෑ.

:       4       431

Kumara Friday, 28 February 2020 12:18 PM

මේ අයව රටින් පිටුවහල් කරන්න ඕනේ...

:       3       185

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 28 February 2020 12:40 PM

ඇයි හාමුදුරුවනේ සිවුරක් දරාගෙන මේ වගේ වැඩ කරන්නෙ....මහණදම් පුරන්නෙ මේ වගේ වැඩ කරන්නද...? ඔබවහන්සේල නිසා මොනතරම් උපේක්ෂාශීලීව.. ශික්ෂාශීලිව ගුණදම් පුරණා භීක්ෂූන් වහන්සේලාට පවා අගෞරවය එක්කරනවද...?මේක ඔබවහන්සේලාම හොදට හිතල මතල තීරණයකට එන්න ඕන කාරණයක්....ඔබවහන්සේලා මේ කරන්නෙ රටත්...බෞද්ධ සංස්කෘතියත්...බුදු දහමටත් ආයතේ මකාලිය නොහැකි අවමානයක්....වැදල කියන්නම් මේ වගේ වැඩ කරන අය අඩුම තරමින් මේ වගේ වැඩ වලට බුදුදහම ගැන හිතලවත් භික්ෂූන් වන්සේලා සම්බන්ධකර නොගෙන ඉන්න.... ඒක බෞධයන් වන අපට හරිම අප්‍රිය ජනක හිත් සන්තාපයට පත්කරන දර්ශනයක්...

:       0       0

raheem Friday, 28 February 2020 01:40 PM

මහා ලොකු චණ්ඩි දැන් නොණ්ඩි වෙලා...

:       2       156

Champa Friday, 28 February 2020 02:55 PM

රටේ නීතිය කඩකළ මේ භික්ෂු හාමුදුරුවෝ අයිති මොන නිකායටද? වහාම එම භික්ෂු හාමුදුරුවන්ගේ භික්ෂු භාවය අහෝසිකළ යුතුයි. ඔහු හිරේ යන්න ඕනේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට. මේවා නොකර හිටපු එකේ විපාක නිසා තමයි ශාසනයට මේ තරම් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. විසඳුම එන්න ඕනේ ශාසනය ඇතුළෙන්මයි.

:       0       0

Nimal Friday, 28 February 2020 03:14 PM

විශාල මුදලක් වැය කරලා සිසිටීවී කැමරා යම් තැනකම සවි කරන්නේ ඒ ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙනුයි. මහජනයාගේ බදුමුදලින් නඩත්තු වන ස්ථානයක් විශ්ව විද්‍යාලය කියන්නේ. එතැන සවිකරපු සීසීටීවී කැමරා වලට වියදම් කරලා තියෙන්නේ මේ රටේ දුප්පත් මහජනතාව. එසේ නම් ඒවා කඩා බිඳදමන්න කිසිවෙකුටත් බැහැ. එමනිසා මේ විනය විරෝධී ක්‍රියාව කළ අයට නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු වෙනවා.

:       0       0

sanath kumara Friday, 28 February 2020 05:50 PM

මේ සිසුන්ට රටේ පවතින නීතිය අනුව නිසි දඬුවම් පැමිණවිය යුතුයි. ඉහළ පාලනාධිකාරය විසින් ලබාදෙනු ලබන පන්ති තහනම් තවත් දේශපාලනික ක්‍රියාවලියක කොටසක් යනු අපගේ අදහසයි. වසර දෙකක පන්ති තහනමක් යෙදවීමත් එය ඉවත් කරන ලෙස නීතියට ඉහළින් ක්‍රියාකරන සමාජයේ ඇති පිළිගැනීම යොදාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නට එන නිලධාරීන්ට බැණ වදිමින් ඉල්ලීම් කර සාකච්ඡා පවත්වා ඔවුන්ව නිදහස් කර ගෙන තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට ක්‍රියාත්මක වන චීවරධාරීන්ට රටේ නීතිය යොදාගෙන ක්‍රියා කරවීම මේ ශිෂ්‍ය ව්‍යාපාරවලට යොමු වන සිසුන් ගලවා ගැනීමට යොදා ගත හැකි එක ක්‍රමයක් බව පෙනී යයි. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, රටේ පවතින නීතිය විශ්ව විද්‍යාල භූමියටත් රැගෙනවිත් මේ නරුමයින්ගෙන් අපගේ අනාගත සිසු පරපුර ගලවා ගනු මැනවි...

:       2       211

RaveendraSaturday, 29 February 2020 03:57 AM

ඉතාම කාලෝචිත අදහසක්... අප ඔබගේ අදහස් අගය කරන්නෙමු. එලෙසම අප මෙම යෝජනාවද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. වැඩිදෙනෙකු අපගේ හතර හන්දි ගැලවෙන්නම බනිනු ඇත. නමුත් එම අදහස් මෙසේ සඳහන් කරන්නෙමු. පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙනමම විශ්වවිද්‍යාල ඉතා ඉක්මණින්ම ආරම්භකර ඒ සඳහා යොමුකිරීමෙන් ගිහි සිසුන් සමග අනිසිලෙස මෙසේ හැසිරීම වළක්වාගත හැකි මෙන්ම ඒ ඒ අදාළ විශ්වවිද්‍යාල වලට නායක ස්වාමීන් වහන්සේලා පත්කර එ් තුළින් භික්ෂූන්ගේ විනය කටයුතු සැකසිය හැකි ලෙසයි. එලෙසම ගිහි සිසුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුමයි. අප නැවතත් සඳහන් කරන්නේ මහජන දේපොළ නැති නාස්තිකරන අයට උපරිම දඬුවම් ලබාදී කිසිඳු සරසවියකට පස්පාගන්නවත් නොදිය යුතු බවයි. එවන් මුර්ගයින්ට සදාකල් දියව් දියව් යන රතු හැට්ටකිරයින්ගේ තුට්ටුදෙකේ බොහොම බලගතු මන්ත්‍රය ජපකිරීමට ඉඩසැලැස්විය යුතුයි. තමන්ගේ උපන් රටට වියයුතු යුතුකම් සියල්ල අමතක කර මහජන මුදලින් සියලු දේ සම්පූර්ණ කිරීමට සැමවිටම කෑ මොරදෙන මෙවන් පිස්සු බල්ලන් මරාදැමිය යුතුයි. දුටු තැන සමාජයෙන් කොන්කළ යුතුය.

:       0       147

jayath Saturday, 29 February 2020 03:57 AM

ඒ කාලේ හිටිය රන්ජන් විජේරත්න කියලා කොන්ද පණ තිබුණු ආරක්ෂක ඇමති කෙනෙක්... (ඔහු කරපු හැම දෙකටම මම එකඟ නැහැ) නමුත් ඔහු පාර්ලිමේන්තුවේදීම කිව්වා මේ ජාතියේ මෘගයන් ගැන... ඔවුන්ට ජීවත්වීමේ අයිතියක් නැහැ කියලයි කිව්වේ...

:       0       123

sampathSaturday, 29 February 2020 09:35 AM

ඔබේ අදහස් වලට මම එකඟයි, තවත් කරුණක් මතක් කරලා දෙන්න ඕනෑ, ඒ අසාහය නායකයාව තමන්ගේම මෝටර් රථයේ අටවපු බෝම්බයකින් මරලා දැම්මේ අද මේ වීරයෙක් වෙන්න දඟලන "පුතාණෝගේ" "පියාණෝ" කියලත් අමතක කරන්න එපා..

:       0       25

RaveendraSaturday, 29 February 2020 03:06 PM

ඔබ සඳහන් කළ එම සිදුවීම අද වෙනකොට වැඩිදෙනෙකුට අමතක වී ඇත. එබැවින් උස කොට බලමින් රැකියා දෙන සත්ගුණවත්, ජාතිහිතෛෂ‍ී, දේශප්‍රේමී මෙන්ම නිදන්වදුල හොඳින් පරිශීලනය කර ඇති ඒ මහා පින්කඳ දැන් සුදුරෙදි පොරවාගෙන සිටින බවත් වැඩිදෙනෙකු නොදනී...

:       0       1

Chulan Saturday, 29 February 2020 05:49 AM

සෑම විටම ඔවුන්ගේ න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරන බව ජේවීපී අවබෝධ කන ඇත.

:       0       0

indra Saturday, 29 February 2020 08:27 AM

රට විනාශ කරන්නේ මේ අය කැමරාවක් සවිකිරීම තුළින් මොකද්ද මේ අයට තියන බාධාව, කැලණියට පමණක් නොවේ... මෙය රට පුරා ව්‍යාප්ත වෙන්න ඕනේ... මේ අයගේ ශිෂ්‍යභාවය ජීවිත කාලයටම අහිමි කරන්න ඕනේ මේ අය තමයි අහිංසක ළමයින්ට නවකවදය දෙන්නේ..

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 687 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 698 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 873 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 380 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4050 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1164 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1467 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site