IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සීගිරිය මුදුණේ කර ඇති දේ චිත්තාකර්ශනීයයි - කෝලි

(දමින්ද විජේසූරිය)

දඹුල්ලට පැමිණෙන ඕනෑම සංචාරකයකුට සිගිරිය අමතක කළ නොහැකිය. කිසිවකු ඒ ගැන නොදැන සිටියද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන තරගයක් නැරඹීම සඳහා ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයට පිවිසෙන ඕනෑම අයකු ඈතින් දිස්වන පර්වතය කුමක්ද යන්න විමසීම සාමාන්‍යය තත්ත්වයකි.

මහනුවර පල්ලෙකැළේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ලැබුණු විවේකයෙන් වට පිටාව නැරඹීමේ විරළ අවස්ථාවක් ලද ඉන්දීය නායක විරාට් කෝලිට සීගිරිය පර්වතය ඉස්මත්තේ කර ඇති දේ පිළිබඳ පුරාවෘත්තය රසවත් කතාන්දරයකි.

ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (20 වැනිදා) පැවැත්නෙ පළමු වැනි එක්දින තරගයට සහභගි වීම සඳහා දඹුල්ලට පැමිණ සිටින විරාට් කෝලි සිගිරිය සහ ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“මා සීගිරිය පර්වතය දිහා බැලුවා. මා අහලා තියෙන විදිහට ඒක මුදුණේ කරලා තියෙන දේවල් හරිම චිත්තාකර්ශනීයයි.

“මා මේ වතාවේ ලංකාවේ සමහර තැන්වල ඇවිද්දත් සීගිරියට යන්න මට අවස්ථාව ලැබුණේ නෑ. මීට ඉස්සර වුණත් අපි ලංකාවට එන හැම අවස්ථාවලම තරගාවලිය හරිම අවිවේකියි විතරක් නෙමේ හරිම කෙටියි”

“ඇත්තටම ටෙස්ට් තරග අතරේ තියෙන දින තුනක විවේකයේදී අපට කොහේවත් යන්න බෑ.  ඒත් තුන්වැනි ටෙස්ට් තරගයෙන් පස්සේ අපට දින දෙකක අතිරේක නිවාඩුවක් ලැබුණ නිසා නුවර අවට ටිකක් ඇවිද්දා.

ඇත්තටම මට තව ටිකක් ශ්‍රී ලංකාව දැකබලාගන්න ලැබුණො නම් හොඳයි. මට දඹුල්ල ගැන නම් ඒ තරම් අත්දැකීම් නෑ. ඒත් ඊළඟ වතාවේ මෙහි එන විට ටිකක් හොඳින් සැලසුම් කරලා ඇවිදින්න පුළුවන් විදිහට එන්න පුළුවන් නම් හොඳයි තමා” යයිද ඉන්දීය නායකයා පැවසීය.

 

 

 

(වීඩියෝ සටහන - කාංචන කුමාර ආරියදාස)



අදහස් (6)

සීගිරිය මුදුණේ කර ඇති දේ චිත්තාකර්ශනීයයි - කෝලි

මම1 Saturday, 19 August 2017 03:57 PM

කෝලි ගැන මට ඇත්තේ තරහවක් බඳු හැඟීමක්. ඔහු කරන මේ වගේ ප්‍රකාශ ඉන්දියාවේ මාධ්‍ය වල පළවුණොත් අපිට ඉන්දීය සංචාරකයන් ගෙන්න ගන්න වාසියක් වෙනවා. අපේ බොහෝ දෙනෙකුට ඉන්දියානුවන් කිව්වම හිතෙන්නේ දුප්පත් හැම තැනම බුලත් කෙල ගහන කට්ටියක් වුණාට ඉන්දියාවේ ඉහළම මට්ටමේ 20% ලෝකේම පෝසත්තු. ඒ අයගෙන් 5% ක් එනවානම් ලංකාවට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම විශාල ලෙස වැඩි වෙයි.

:       402       386

Lalin Sunday, 20 August 2017 03:21 AM

අපේ ටීම් එකේ කට්ටිය ටුවරිස්ට් ගයිඩලා කරලා දාමු.

:       54       107

jayanthaSunday, 20 August 2017 06:24 AM

ඒක නියම අදහසක්....

:       0       26

arunaluMonday, 21 August 2017 04:11 AM

අපේ ටීම් එක ක්‍රීඩකයන් ටුවරිස්ලා කරනවා එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙ.

:       0       1

abaran Sunday, 20 August 2017 09:08 AM

කෝලී කියන්නේ දෙමළ භාෂාවෙන් කුකුලා කියන එකනේද? ... ඒක හින්දා පරෙස්සමෙන්...

:       17       4

ලපයා Sunday, 20 August 2017 10:34 AM

දඹුල්ලට පැමිණෙන ඕනෑම සංචාරකයකුට සීගිරිය අමතක කළ නොහැකිය. ඒ වගේම තමයි කොළඹට පැමිණෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මහබැංකුව අමතක කළ නොහැකිය.

:       121       527

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 842 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 978 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 559 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1499 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 78 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2612 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site