IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සීගිරිය - පිදුරංගල පේනමානයේ අවුඩංගාවේත් පරිසරය වනසති


(කාංචන කුමාර ආරියදාස)
 
සීගිරි පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින  මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළිපෙහෙළි කර  විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

 
මීට දින දෙක තුනකට පෙර  දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය ප්‍රදේශයේ වන අලින් ගහනව පවතින අක්කර 60කට අධික ප්‍රමාණයක් කැලෑව කපා අඹ, පොල් ආදී  පැළ වගා කරන බව දක්නට ලැබිණි. එම ඉඩම් කොල්ලය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා විසින් තහනම් කරනු ලැබීය.
 
දඹුල්ල දිගම්පතහ  ප්‍රදේශයේ අවුඩංගාව කොට්ඨාසයට අයත් සීගිරිය අභය භූමියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශාල වනයක් මෙයාකාරයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් ප්‍රාදේශීය දේශපාලනය කරන පිරිසක් එක්ව පුද්ගලයන් කුලියට යොදවා මහ ගස් කපා බිම දමා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති.
 
මේ පිළිබඳව බලධාරීන්ට කොතෙක් කීවද කිසිදු අවධානයක්  නොමැති බවත් මේවා දැනුම් දෙන ප්‍රදේශවාසීන්ට සිදුවන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් මැර කණ්ඩායම්වලින් දැඩි ලෙස තර්ජනය කිරීම් සහ පහරකෑම්වලට ලක්වීම බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම රජයකින් ලැබෙන සියලු වරප්‍රසාද අහිමි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙම පුද්ගලයන්ට දැඩි බියකින් පසුවන බවත් එමෙන්ම ව්‍යාපාරිකයන් විසින් විවිධ කණ්ඩායම් යොදවා මෙම සිද්ධීන් අනාවරණය කරන ජනතාවට සහ ඊට විරුද්ධ වන ජනතාවට තර්ජනය කරමින් පහර දෙන බවද ජනතාව කියති.
 
සීගිරිය ප්‍රදේශයේ කීපදෙනෙකු ඉතා රහසිගතව තම මුහුණු ආවරණය කරගනිමින් සීගිරිය අවුඩංගාව ප්‍රදේශයට පැමිණ දිනපතා කපා බිම හෙළන බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්  ඉනාමළුව වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරින් ද මේ සඳහා සහයෝගය ලබා දෙන බවක් ඔවුහු පෙන්වා දෙති.
 
එමෙන්ම සීගිරිය සහ පිදුරංගල පව්ව ඉතා අලංකාරව දර්ශනය වන සෑම කැලෑ ප්‍රදේශයක් ම මෙම සංවිධානාත්මක කණ්ඩායම විසින් කපා විනාශ කොට වැටවල් ගසා අත්පත් කරගෙන සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා පිටස්තර පුද්ගලයන්ට අති විශාල මිල ගණන් යටතේ අලෙවි කරන බව ද ඔවුහු පෙන්වා දෙති. අභයභූමියට රජයේ ඉඩම් වලට ඔප්පු  හා බලපත්‍ර හදන බව ද ඔවුහු කියාසිටිති. වන අලින් මෙන්ම වන සතුන් ගහනව සිටින සීගිරිය අවුඩංගාව ප්‍රදේශීය මහා  රක්ෂිත කපා දමා ඇති ඇත්තේ  කොහොඹ, කටකෑල, කොලොන්, බුරුත, මිල්ල, දමුනු, දබ,වෙලන් ආදී විශාල ගස්ය.
 
මේ මහා අපරාධය සිදුවන දෙස සීගිරි පව්වත් පිදුරංගල පව්වත් ඇස් දෙකෙන්  බලා ඉන්නා සේ මෙම ඉඩමට දර්ශනය වීම ද විශේෂත්වයකි.
 
මෙම මහා පරිමාණ පරිසර විනාසය ඉඩම් මංකොල්ල කෑම පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමාට මෙතෙක් ග්‍රාම නිලධාරිවරයා හෝ මේ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බවය. ප්‍රදේශයට ගොස් පෞද්ගලිකවම සොයා බලා මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම මෙම පරිසර පද්ධතිය වනය ආරක්ෂා කිරීම සඳහා බලය ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දඹුල්ල ඉනාමළුව බීට්ටු කාර්යාලයේ ප්‍රධානියා වෙත ය. එහි බීට්ටු අඩවි වන නිලධාරි   විජේවර්ධන මහතා හමුවීම සඳහා කාර්යාලය පරිශ්‍රයට ගියද එහි ආරක්ෂක නිලධාරින් කියා සිටියේ බීට්ටු වන නිලධාරී මහතා  නොමැති බවය. ඔහු  වෙනත් ප්‍රදේශයකට රාජකාරියකට  බැහැරව ගොස් ඇති බව ය.

(වන විනාශයේ තවත් ඡායාරූප පහතින්)



අදහස් (13)

සීගිරිය - පිදුරංගල පේනමානයේ අවුඩංගාවේත් පරිසරය වනසති

Perera Tuesday, 16 February 2021 03:55 AM

මේ යන විදිහට සීගිරිය ගලත් බෝර ගහලා කලුගල්වලට විකුණාවි. එහෙමත් නැතිනම් සීගිරිය උඩ ලොකු හෝටලයක් හදාවි.

:       3       26

Lala Tuesday, 16 February 2021 04:54 AM

ගෝඨාට ජයවේවා...!!! 

:       2       34

Ruhunu Tuesday, 16 February 2021 05:57 AM

රාජපක්ෂලා රජකරන අවසාන වාරයයි මේ...

:       5       36

සෙනෙවිරත්න Tuesday, 16 February 2021 05:58 AM

මේක තමයි අප 69 ලක්ෂයක් ප්‍රාර්ථනා කළ වෙනස...

:       5       34

duminda Tuesday, 16 February 2021 06:01 AM

මේ ආණ්ඩුව බලයට ගන්න වලිකාපු අය ඔක්කොම කැලෑ පාලුවොද කොහෙද...

:       4       33

Buwa Tuesday, 16 February 2021 06:32 AM

රාජපක්ෂලාගේ සෞභාග්‍යයේ දැක්මට කැලෑව බාධකයක් වගේ... ඔහොම යමු.

:       5       26

pradeep Tuesday, 16 February 2021 06:36 AM

‘සර්‘ ව්‍යාපාරිකයන්ට ලබාදුන් ආත්ම විශ්වාසය...

:       5       27

Rata Perata Tuesday, 16 February 2021 07:20 AM

නන්දසේන තව මාස 06ක් බලයේ හිටියොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැනේ..

:       6       27

thusharaTuesday, 16 February 2021 09:08 AM

ඒත් සර් ඡන්දෙට කලින් හැම මීටිමක්ම පටන් ගත්තේ පැලයක් සිටුවලා...

:       3       8

Raveendra Tuesday, 16 February 2021 08:02 AM

ගම සමග පිළිසඳරක් තියන්න කැලෑවල් සුද්ද කරන්න ඕනේ. වෙන මොනවා නැති වුණත් ගමට ක්‍රීඩා පිට්ටනියක් ඉල්ලුවොත් නම් සර් පහුවදාම ඩෝසර් එවලා හමුදාව දම්මලා පිට්ටනියක් හදලා දෙනවා. ඔය ටික කරගන්නනේ හිට්ලර් කෙනෙක් ඕනේ කියලා නහයෙන් අඬඅඬා උන්නේ... වැඩි දෙනෙක් මේ යන විදියට අටපිරිකර කඩ මුදලාලිලා කෝටිපතියන් වෙන එක නම් ෂුවර්.. සර්ලා කැලෑකපන විදියට ගස්වලට සිවුරු පොරවන්න මොන තරම් සිවුරු ඕන වෙයිද තව ඉස්සරහට..

:       1       16

fairoos Tuesday, 16 February 2021 08:03 AM

මේ ආණ්ඩුව ආපු දා ඉඳන්ම අහන්න ලැබෙන සාමාන්‍ය ප්‍රවෘත්තියක්.. මිනිස්සු විරුද්ධව අදහස් ප්‍රකාශ කළාට වැඩක් නැහැ.

:       0       17

මෝ Tuesday, 16 February 2021 08:05 AM

පොහොට්ටුවෙ හෙන්චයියලා රට වනසනවා. රාජපක්ෂලාගේ අවසාන පාලන සමයයි.

:       1       18

ඉන්දික Tuesday, 16 February 2021 05:08 PM

මෑණියො කියලවත්ද දන්නෑ. කෑලෑ අක්කර පන් හයදාහක් එලි කරලා ගස් කපලා මිත්‍ර සමාගම්වලට හිතුමනාපෙට දෙයක් කර ගන්න ඉඩ දෙන්න කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 0 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 11 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 42 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 392 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2977 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1663 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site