IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිසුවියට පහර දුන් ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට


 
(චමිල් රූපසිංහ)

නුගවෙල නයාපාන විද්‍යාලයේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක් දැල්පන්දු පුහුණුවට සහභාගී නොවුවැයි කියා ඇයට පහර දීම හේතුවෙන් එම  විද්‍යාලයේ ක්‍රීඩාභාර ගුරුවරයා අද (23) අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසිය කියයි. 

පහර දීමෙන් කනේ ඇතිවුණු ආබාධයක් නිසා ඇය ගම්පොළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා මහනුවර මහ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව අදාල පරීක්ෂණ සිදුකර නැවත ගම්පොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය වු දිනයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම ශිෂ්‍යාව පුහුණුවීම් කටයුතු වලට නොසිට නිවසට යැමට සැරසෙන අවස්ථාවේදි සැකකාර ක්‍රීඩාභාර ගුරුවරයා විසින් මෙම ශිෂ්‍යාවට පහර දෙනු ලැබීය.
 



අදහස් (8)

සිසුවියට පහර දුන් ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට

Pereakum Friday, 23 February 2018 07:59 AM

මේට වඩා යමක් සිදුවී ඇත්දැයි සොයා බැලීම වටී.

:       0       0

sampath Friday, 23 February 2018 11:34 AM

මෙයා ගුරුවෘත්තියෙන් නෙරපන්න ඕනේ.. ළමයින්ට ගහලා ළමයි හදන්න පුළුවන් නම් රැයිපියල් තෙන්නකෝන් කියලා තියෙනවා මේ රටේ හොඳම උගතුන් වෙන්නේ... මී හරක් කියලා මොකද ඒ සතුන්ට කොයිතරම් ගහනවද?

:       9       55

sas Friday, 23 February 2018 12:04 PM

පහරදීමක් සම්බන්ධව මේ ගුරුවරයාට විරුද්ධව තව නඩුවක් තියෙනවා කියලා මාධ්‍ය වාර්තා තිබුණා. මේ මිනිහට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරලා උපරිම දඩුවම් දෙන්න අවශ්‍යයි.

:       0       30

Bamunuarachchi Friday, 23 February 2018 12:39 PM

ළමයෙක් අසනීපයි කිව්වාම, නැතිනම් තමන් ක්‍රීඩාවට ෆිට් නැහැ කිව්වාම පහරදෙන්නේ කව්ද? එයා ගුරුකමට සුදුසු කෙනෙක්ද? මගේ ළමයෙකුට ගහලා තිබුණොත් මම මිනිහව කම්බස් කරනවා.

:       0       41

rocky Friday, 23 February 2018 02:11 PM

දෙපාර්තමේන්තුවෙන් වැඩ තහනම් කොට විනය පරීක්ෂණයෙන් වැරදිකාරයා වුණොත් වහාම රැකියාවෙන් නෙරපිය යුතුයි. උසාවියේ නඩුවෙන් වැරදිකාරයා වුණොත් දෙයියන්ගේ පිහිටෙන් දීර්ඝ සිර දඬුවමක් ලැබේවා!

:       0       37

විමලධම්ම හිමිFriday, 23 February 2018 04:38 PM

ඔව් වරදට එසේ දඬුවම් ලැබිය යුතුයි.

:       0       2

පිටිගල මිලානෝ Saturday, 24 February 2018 01:53 AM

ළමයින්ට ගහන ගුරුවරු, ප්‍රින්සිපල්ලා ඉන්නේ මේ රටේ විතරයි. මට ගුරුවරු, ප්‍රින්සිපල්ලා අනන්තවත් ගහලා තියෙනවා. අප විදුහලේ ප්‍රින්සිපල්ගේ කාමරේ සහ ගුරු විවෙකාගාරේ වේවැල් එල්ලා තිබුනා. මේ අය ගහපු ගැහිල්ලට අද මෙරට උගතුන්ගෙන් පිරුණු රටක්, ඇමරිකාවටත් වඩා දියුණු.

:       0       0

helaya Saturday, 24 February 2018 03:12 AM

ගැහැණු දරුවන්ට දඬුවම් කලයුත්තේ ඇයගේ මව පමණි දරුවා වැරදි කරනවා නම් දඬුවම් කලයුත්තේ මවට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 12 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 42 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 141 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 125 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 520 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 889 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site