IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරියානු හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් 300ක් ජීවිතක්ෂයට

බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
 
සිරියානු රජයේ හමුදා ඉකුත් දින තුනක කාලයේදී එල්ල කරන ලද ගුවන් හා රොකට් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණ අනාවරණය කරයි. 

 
සිරියාවේ ඩැමැස්කස් ආසන්නයේ පිහිටා තිබෙන නැගෙනහිර ගූථා ප්‍රදේශයට පසුගිය ඉරිදා (18) වැනිදා සිට එල්ල කරන ලද ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 300 ඉක්මවා ඇතැයි බව වාර්තා වන අතර ඒත් සමඟ සිරියානු රජයට පමණක් නොව රුසියාවටත් චෝදනා එල්ල වෙමින් තිබේ. නැගෙනහිර ගූථා ප්‍රදේශය 2013 වසරේ සිට කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන සිරියානු රජයේ හමුදා සහ රුසියානු ඒකාබද්ධ හමුදා එම ප්‍රදේශයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරයි. 
 
මෙම ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළුව සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ බටහිර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි අනුබද්ධිත සංවිධාන මෙන්ම මානව හිමිකම් සංවිධාන ඒ සම්බන්ධයෙන් සිරියානු රජයට චෝදනා එල්ල කරයි. ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවන් මිය යෑමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන ‘යුනිසෙෆ්’ සංවිධානය ඊයේ (20) විස්තරාත්මක පාද සටහන් දැක්වෙන විශේෂ ‘හිස් ලියවිල්ලක්’ ද ප්‍රසිද්ධියට පත් කළේය. 
 
සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ ඇතුළු ආධාර සැපයීම සඳහා මසක සටන් විරාමයක් නිවේදනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියානු රජය, කැරැලිකරුවන් සහ සිරියානු සිවිල් යුද්ධයට මැදිව සිටින අනෙකුත් සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියද කිසිදු පාර්ශවයකින් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. 
 
නැගෙනහිර ගූථා ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 1,400කට වැඩි යැයි ද වාර්තා වේ. මෙම ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය 2011 වසරේදී ඇති වූ සිරියානු සිවිල් යුද්ධයේ ඛේදනීයම තත්ත්වයක් යැයි ද මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. 
 
055



අදහස් (7)

සිරියානු හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් 300ක් ජීවිතක්ෂයට

daham Wednesday, 21 February 2018 11:52 PM

ලංකාවේ ම්ලේච්ච කොටි පරාජය කරද්දීත් මේ සංවිධාන මේ විධියටම තමයි සිවිල් වැසියන් ඝාතනය වෙනවා කියල අමු බොරු කිව්වේ. දැන් ලන්ඩනයේ අර සාමි වරයා කරුණු ඇතුව පෙන්වා දෙනවා ඒ චෝදනා බොරු කියල. මේ සංවිධානවලට ඕනේ ආණ්ඩු දුර්වල කරන්න. ආණ්ඩු විරෝධීන්ට සහාය දෙන්න.

:       0       36

Ravindra Gamage Thursday, 22 February 2018 04:12 PM

මෙහි පලවී ඇති ආකාරයට නැගෙනහිර ගොවුටා ප්‍රදේශයේ 2013 සිට ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ නැත. 2013 සිට මෙම ප්‍රදේශය සිරියානු හමුදා විසින් වටලා සියලු සැපයුම් මාර්ග අවහිර කර ඇත. විදේශ මාධ්‍ය වලට අනුව ඔවුන් ප්‍රහාර එල්ලකරන්නේ පසුගිය මාසයේ සිට මෙම ප්‍රදේශය අත්පත් කරගැනීම සදහාය.

:       0       0

rocky Thursday, 22 February 2018 01:31 AM

මේ ප්‍රදේශය අපේ හිටපු ජනාධිපතිට සහ හිටපු ආරක්ෂක ඇමතිට භාර දුන්නොත් වැඩේ නියමෙට දෙයි නේද?

:       29       61

DarshanaThursday, 22 February 2018 04:57 AM

දැන් ඉන්න දෙන්නට බාර දුන්නොත් කොහොම තියෙයිද.

:       26       143

NeelakaThursday, 22 February 2018 05:28 AM

අනිවර්යෙම්ම..... යුධ මුක්ත කලාපයක් හදල අසරණ සිවිල් වැසියොත් බේරගෙනම කැරලිකාරයන්ව ඉවරයක් කරලා දාවි. ලංකාවේ කලා වගේ නේද?

:       0       40

Sunil Thursday, 22 February 2018 05:11 AM

එක්සත් ජාතීන්ගේ සංවිදානය, ආරක්ෂක මණ්ඩලය, තවම ඇහැරිලා නොමැත.

:       0       39

chamal Thursday, 22 February 2018 05:53 AM

සිරියාව මුස්ලිම් නොවුනානම් සිරියාවේ සිරියාව කියල නිම කල නොහැක. ආගම වාදී අදහසක් නෙමෙයි. යථාර්තවාදී අදහසක්. සහජිවනෙට අවුල් නම් පල නොකර ඉන්න. එත් යථාර්තය එයයි.

:       0       131

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 241 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 683 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1760 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1964 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 602 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 266 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site