(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසීය.
මිනීමැරිම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වේ.
වයස අවුරුදු 65 ට වැඩි සිරකරුවන් සඳහා මෙම සහනය ක්‍රියාත්මක වන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා (පාලන) පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරකරුවන් 267කට ජනපති සමාව
රවින් Wednesday, 13 November 2019 09:46 AM
දැන් අර නිදහස දුන්නු කෙනා මොන වර්ගයට අයත්ද? හොඳට බලන්න හිටන් පිස්සුකෙලින එකේ සීමාවල් නැහැ. කොරහත් බිඳගෙන රටත් ඉවරෙටම ඉවරකරලා යන්නයි හදන්නේ...
MaheeThursday, 14 November 2019 03:23 AM
එයා අයිති "සාධු" වර්ගයට. මාධ්‍ය ඒකකයෙන් කියල තිබුනනේ ඒ සත්ගුණවත් තැනැත්තා නිදහස් කරන්න කියල ඉල්ලපු හාමුදුරුවරුන් තුන්දෙනෙකුගේ නම්.
ලසන්තThursday, 14 November 2019 03:47 AM
මනුෂ්‍යත්වය පිලිබඳ සැබෑ ලෙස සිතයිනම්, සුළු වැරදි වලට සිරගතවූ මුදල් ඇති නැති, දඩ ගෙවාගත නොහැකි, අවුරුදු 70 ට වැඩි සියලු ගැහැනු සිරකරුවන් සහ 75 ට වැඩි සියලු පිරිමි සිරකරුවන් නිදහස් කරන්න.
sena Wednesday, 13 November 2019 09:49 AM
මේ ටික එළියට ආපුවාම අපිට රටක් ඉතුරු වේද? එක අපරාධකාරයෙක් එළියට දාපු වැරැද්ද වහගන්න තවත් අපරාධ කාරයෝ මහගොඩක් එළියේ... ගිනිගහගෙනම යන්න වගේ කල්පනාව..
සචිත් Wednesday, 13 November 2019 09:51 AM
කුඩුකාරයෝ එල්ලනවා කියකිය ඉඳලා දැන් හිරේ ඉන්න අයවත් නිදහස් කරනවා. මහින්දව මිනිස්සුන්ට එපා වෙච්ච නිසා මෙයා ජනාධිපති වුණාට රටක් පාලනය කරන්න තරම් කොහෙත්ම සුදුසු නැහැ.
sirimal Wednesday, 13 November 2019 11:30 AM
නිදහස් කරගන්න ඔය තරම් වලිකන එක්කෙනා ඔය ගොඩේ නැද්ද අප්පා?
lankasri Wednesday, 13 November 2019 12:07 PM
UNP ය කෙරුවයින් කලේ නැහැ මේ වගේ දෙයක්. මෙයාව ගෙනැල්ල අන්තිමේ පක්ෂෙට තිබුණු තැනත් නැති කරගත්තා. රනිලුත් රට අරගෙන ඇදගෙන ගියා මිසක් දුෂණ නැති වුණාට හරියකට හොරු ඇල්ලුවේ නැහැ. සජිත් පරාද වුණොත් ඉතින් මේ අය තමයි වග කියන්න ඕනේ...
amila Wednesday, 13 November 2019 12:27 PM
ලක්ෂ 62ක් ඡන්ද ගත්තේ කොහොමද කියලා හිතාගන්න බෑ. ලංකාවේ මිනිස්සු ඒ වෙලාවේ මොනවා හිතාගෙනද මන්දා මෙයාට ඡන්දේ දුන්නේ...
පිටිගල මිලානෝ Wednesday, 13 November 2019 12:33 PM
දුමින්දවයි, තංගල්ලේ සභාපතියි එළියට දාගන්න නේද මේ කුරුමානම...?
gunarathna Wednesday, 13 November 2019 02:58 PM
ජනාධිපති ඡන්දෙන් පස්සේ එයාට කොහෙද බලයක් තියෙන්නේ ඒවාට ඇඟිලි ගහන්ට? ඔය හදන්නේ ඡන්දෙන් පස්සේ කුඩුකාරයන් එකතුවෙලා එල්ලුම්ගහ යවන්න හදාවි කියලා බයට...
පින්සිරි Wednesday, 13 November 2019 04:23 PM
සිරිසේන ජනපතිතුමනි ඔබට, අප රට නොවටිනා බව අප තේරුම් ගත්තෙමු. නමුත් අපට අපගේ ඉදිරි දරු පරපුරට මෙම රට වටිනා බැවින් එය කිලිටි නොකර පුටුවෙන් බැස යන්න. ඉන්පසුව ඔබතුමාට අවශ්‍ය පින්දහම් පුරන්න. සිරකරුවන් නිදහස් කර ලබාගත හැකි පින් නොව පව් පමණි.
Ruhunu Wednesday, 13 November 2019 06:49 PM
මේ රටේ ජනාධිපතිද? නැත්නම් උසාවියේ නඩුකාරතුමාද? මෙහෙම බලන්ගියොත් රටකට උසාවි වැඩක් නැහැනේ. ආවේ හොරු අල්ලන්න නමුත් දැන් ඉන්න හොරු ටිකත් නිදහස් කරනවා.
prasad Wednesday, 13 November 2019 10:27 PM
හිර ගෙදර සල්ලි ඉතුරු කරන්න කියලා ඔක්කොම හිරකාරයෝ නිදහස් කරයිද දන්නේ නැහැ. අපිටයි දැන් එල්ලෙන්න හිතෙන්නේ. අනේ අපිට මෙහෙම මෝඩ වැඩ දිහා බලන් ඉන්න වුනානේ?
Chathuri Wednesday, 13 November 2019 11:21 PM
ජනාධිපති වුනේ හොරු අල්ලනවා කියලා නමුත් අල්ලපු හොරෙක් නැහැ. කාට පේන්නද මේවා කරන්නේ, පෝයටත් නිදහස් කරන්න පටන් ගනියි ඔහොම යනකොට
kap Thursday, 14 November 2019 04:15 AM
මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුය කියපු කෙනාව මට හම්බ උනානම්...
de silva Thursday, 14 November 2019 05:19 AM
තංගල්ලේ සබාපති කොහොමත් තව අවරුදු 3-4 කින් එලියට එනවා ,
උපුල Thursday, 14 November 2019 06:57 AM
පින් රැස් කරනවා වගේ මට පෙන්නේ.
dd Thursday, 14 November 2019 06:36 PM
නීතිය අතට ගන්න එපා.