IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සියලු ආගමික මධ්‍යස්ථානවලට නොමිලේ විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක්

(රන්ජන් කස්තුරි)
 
සියලුම ආගමික ස්ථානවලට ඉදිරියේදී නොමිලයේ විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
මේ වනවිටත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයෙන් ආගමික ස්ථානවල විදුලිය ගාස්තු අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද ඇමති කරුණානායක මහතා සඳහන් කළේය.
 
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් සියලුම ආගමික ස්ථාන ආවරණය කිරීම ඉතා කෙටිකාලයකින් නිම කළ හැකි බවද ඇමතිවරයා කීය.



අදහස් (19)

සියලු ආගමික මධ්‍යස්ථානවලට නොමිලේ විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක්

පුරවැසියා Friday, 19 July 2019 10:04 AM

සියලු ආගමික මධ්‍යස්ථානවලට නොමිලේ විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක් ???? සියලුම ආගමික ස්ථානවලට ඉදිරියේදී නොමිලයේ විදුලිය ලබා දුනහොත් විදුලිය විශාල නාස්තියක් සිදුවනු නොඅනුමානය. කරුණාකර සාම මසකම විදුලි බිලෙන් බාගයක් රජය ගෙවන්න සුදානම් වන්න එවිට ආගමික මධ්‍යස්ථාන විදුලිය යම් කළමනාකරණයක් / පාලනයක් ඔවුන් විසින්ම කරගනු ඇත

:       0       105

RaveendraFriday, 19 July 2019 02:56 PM

ගොට්ටන්ගේත් හොඳම ගොට්ටා රවියා බව දන්නවද ..// සුත්තරයා එ් බව හොඳින් දන්නේ අද ඊයේ නොවේය..// පූජනිය ස්ථානවලට නොමිලේ විදුලිය දෙන හින්දා ..// බැහැ අඩුකරන්න මහජන බිල ලෙස කිව්වේ රවියා.. //

:       0       3

Sriyal Friday, 19 July 2019 10:13 AM

මණ්ඩලෙත් ඉවරයි...

:       0       19

sugath Friday, 19 July 2019 10:24 AM

නොමිලේ කියාදෙයක් නොමැත. මේ විදුලිය ලබාදීම මහජන බදු මුදලින් කරනවා යයි කියා කියන්න.

:       0       152

de silva berlin Friday, 19 July 2019 10:25 AM

දෙනවා නම් සම්පූර්ණ විදුලි බිලම නොමිලේ දෙන්න එපා. යම් එ්කක ප්‍රමාණයක් පමණක් නොමිලේ දෙන්න.. නැත්නම් ඔවුන් ඕනේ එකටත්, එපා එකටත් විදුලිය නාස්තිකරාවි. පැය 24ම විදුලි සැරසිලි දමාවි... පල්ලි, පන්සල්වල ලවුඩ්ස්පීකර් තොර තෝංචියක් නැතුව දවස පුරාම දමාවි... මේවා ඔබතුමාගේ පුද්ගලික මුදල් නොව මහජනතාවගේ මුදල් බව සිතට ගන්න. දූෂණ, වංචා, චෝදනා නිසා නැත්තටම නැතිව තිබෙන ඔබගේ මනාප ගොඩ වැඩි කරගන්න මහජන මුදල් භාවිතා කරන එක අන්තිම නරකයි.

:       0       141

ravi Friday, 19 July 2019 10:27 AM

අපේ රටේ තව කලුවරයෙන් පොතක් පතක් කියවාගන්න අපහසුතාවයෙන් පෙලෙන පාසල්.. දරු දැරියන්ගෙන් පිරුණු දුප්පත් පැල්පත්.. එහෙම තියෙනවද?

:       0       171

sharm warn Friday, 19 July 2019 10:59 AM

ඔව් ඉතින් ..ඒ වියදමත් අපෙන් ම කපාගෙන ... උඹේ මල්ලත් යටින් ගහල පුරවා ගනින්කෝ ...

:       0       111

උපුල Friday, 19 July 2019 11:15 AM

මේ මනුස්සය වැඩකට අත තිබ්බොත් එතන අනිවාර්යය කඩාවැටීමක්. මොන අලුගුත්තේරු මෝඩ වැඩක්ද මේ? පන්සල් පල්ලිවල ඉස්සර තිබ්බ පහන් එළි ඔක්කොම දැන් නිවාගෙන තොරන් වගේ පාරෙයි, නියරෙයි, වැටෙයි හැමතැනම පාට විදුලි බුබුළු වැල් එල්ලගෙන මොහිදීන් බෙග් මාස්ටර්ගේ සින්දු හමගහනවා. විදුලිය මෙලෙස භාවිතා කරන පන්සල්, පල්ලි එම ආගම්වල කියන සංකල්පවලට අනුකූලවද වැඩ කරන්නේ? පැහැදිලිවම මුත්‍රා වලින් පශ්චාත් භාග හෝදන මේ කාලේ ගැලරියට මෝඩ ජොලි දෙන්නේ නැතිව ඉන්න මිස්ට රවී...

:       0       337

රවින් Friday, 19 July 2019 11:49 AM

මෙයා දෙයි. අම්මගේ, අප්පාගේ දේපලනේ... ඊට පස්සේ ඔක්කොම වියදම් අපේ ලයිට් බිලට දාලා අපිට ගෙවන්න වෙයි. මොලේ අමාරුව හැදිච්ච උදවිය...

:       0       10

Bamunuarachchi Friday, 19 July 2019 11:56 AM

මුසල්මානු පල්ලිවලට නොමිලේ විදුලිබලය දෙන්න ප්ලෑන් එකක්...

:       1       5

Hafeel Friday, 19 July 2019 12:08 PM

ඕවාට කලින් විදුලි බල මණ්ඩලය පොලු දාල තියන දේශපාලකයන්ගෙන් හිඟ මුදල් අය කර ගන්න. පොහොට්ටුවේ සනත් නිශාන්තත් සහ ඩග්ලස් දේවානන්දත් අවුරුදු ගානකින් විදුලි බිල බිල ගෙවා නැති බව පල වුණා.

:       0       47

chandima Friday, 19 July 2019 12:11 PM

ඒ කියන්නේ මින් ඉස්සරහට සල්පිල් තියන්න, පිනකට වලට සල්ලි දාන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකද?

:       0       36

ප්‍රීති Friday, 19 July 2019 12:23 PM

මේ මනුස්සයට මොළේ විකාරේද? මම කතෝලික කෙනෙක්..අපේ දේවස්ථාන වලට රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය නැහැ. අපි, අපේ දේවස්ථානයේ විදුලි බිල ගෙවා ගන්නම්. දෙවියන්ගේ පිහිටෙන් අපි තවමත් හොර දේශපාලකයින්ගෙන් ආධාර ලබා ගන්න තරම් හිඟමනට වැටිලා නැහැ. පල්ලියේ පියතුමාවත්, අපිවත්, දේශපාලකයින්ගේ කකුල් ලෙවකාලා ජීවත් වෙන්න පුරුදු වෙලා නැහැ. හිතාගෙන ඇති අපිවත් අමන දේශපාලකයින්ගේ අතකොලු කරගන්න...

:       0       77

chandima Friday, 19 July 2019 12:26 PM

එතකොට විහාර දේවාලගම් ආපසු රජයට පවර ගන්නවද?

:       0       1

Kamal Friday, 19 July 2019 12:48 PM

නිකන් කෑම, නිකන් ලයිට්... මේවා දැකලා රටේ මිනිස්සු ඔක්කොම පූජකයෝ වුනොත් කවුද බදු ගෙවන්නේ?

:       0       46

යසන්ත Friday, 19 July 2019 01:23 PM

යකෝ විදුලි බල මණ්ඩලයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1500ක ණය මුදලක් ලබා ගැනීමට තීරණය කරල තියෙනවා. මේ හරකට පිස්සුද නිකන් දෙන්නේ? ඡන්දෙ බලාගෙන මේවගේ මෝඩ තීරණ ගන්න එපා .

:       0       11

ravi Friday, 19 July 2019 02:35 PM

ඔයතරම් ප්‍රාතිහාර්ය කරන්න පුලුවන් නම්.. ඇයි එයාලට එයාලගේ පූජනීය ස්ථානයන් ආලෝකමත් කරගන්නට බැරි? මෙව්වා ඔක්කොම අනුන්ගෙන් කන්න. බොන්න. අඳින්න හදාගත්ත බොරු නේද?

:       0       0

menna Friday, 19 July 2019 03:08 PM

නොමිලේ කියන එක අද කාලේට හොඳ දෙයක් කියලා හිතන්නේ නැහැ. ප්‍රවර්ධන, ප්‍රචාරණ කටයුත්තකට භාවිතා කරාට වර්තමානයේ හැමදේකටම මිලක් තියෙනවා. මිල අදාල භාණ්ඩයක හෝ සේවාවක ඇගයීමට වර්තමානයට අවශ්‍ය දෙයක්. ආගමික මධ්‍යස්ථානද සමාජයේම කොටසක් බැවින් නියමාකාරයට අදාල ගෙවීම් කර අනුගාමිකයින්ට ආදර්ශයක් වුණොත් හොඳයි. විදුලි බිල් වැනි දේවල් වලට උදව් කරන එක අනුගාමිකයන්ගේ උපකාරයෙන් වෙනු ඇතැයි සිතමි.

:       0       4

රනිල් Saturday, 20 July 2019 06:09 AM

ළමා නිවාස, වැඩිහිටි නිවාස, අනාථ නිවාස, රජයේ රෝහල් වගේ තැන්වලට කරන්න. මේ පන්සල්, පල්ලි, අාගමික ස්ථාන වලට දැනටත් බිලෙන් සියයට 50ක් විතරයි චාජ් කරන්නේ. තම වාසියට රටේ සල්ලි විනාශ කරන්න ඉපදුණු කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1699 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 839 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 691 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 339 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 593 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 539 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1404 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site