IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිංගප්පුරු-ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුම අත්හිටුවන්නැයි ඉල්ලයි

ආරියරත්න රණබාහු
 
දැනට අස්සන් කර ඇති සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කරවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඉංජිනේරු සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගෙන් ඉල්ලිමක් කළේය.

ඊට අමතරව දැනට යෝජනා වී ඇති ඉන්දු- ලංකා ගිවිසුම සඳහා කෙරෙන ද්වි පාර්ශවික සාකච්ඡා ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ද එම සංගමය වැඩිදුරටත් ඉල්ලීය.

ඉංජිනේරු සංගමය විසින් එම ඉල්ලීම් කරනු ලැබුවේ කොළඹ 7 විජේසුන්දර මාවතේ පැවති විද්වත් වෘත්තිකයින්ගේ ආයතනයේ අද (25) දහවල් පැවති මාධ්‍ය හමුවක දීය.

රජයට අවාසිදායක විදේශ වෙළඳ ගිවිසුම් වහා අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රජයට දැන්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.



අදහස් (18)

සිංගප්පුරු-ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුම අත්හිටුවන්නැයි ඉල්ලයි

palitha Wednesday, 25 April 2018 01:08 PM

තමන්ට හොරාකන්න බැරි වෙනකොට විරෝධය. මෝඩ පාලකයා මොකුත් දන්නේ නැති නිසා මේ අය කියන දේ ඇත්ත කියලා හිතලා මෝඩයා වෙනවා.

:       307       401

BamunuarachchiWednesday, 25 April 2018 04:25 PM

මේ කියන්නේ අති පණ්ඩිතයෙක් වගේ. විද්වත් වෘත්තිකයෝ කියන්නේ කවුද කියලවත් මේ හාදයා දන්නේ නැතුව ඇති...

:       211       170

UdayaWednesday, 25 April 2018 11:51 PM

කවුද ඔය විද්වත් වෘතිකයො කියන්නෙ? ඒ ගොල්ලො රටට ඔච්චර ආදරෙනම් ඇයි දෙශපාලනයට ඇවිල්ලා රට හදන්නෙ නැත්තෙ. දෙශපාලනයට එන්න කාටවත් තහනම් නෑ. කරන හැමදෙයම විවේචනය කරන එක ද විද්වත් කියන්නෙ?

:       75       114

BamunuarachchiThursday, 26 April 2018 12:36 PM

කවුද ඔය විද්වත් වෘත්තිකයො කියන්නෙ? ඒ ගොල්ලො රටට ඔච්චර ආදරෙනම් ඇයි දේශපාලනයට ඇවිල්ලා රට හදන්නෙ නැත්තෙ. කොළඹ 7 විජේසුන්දර මාවතේ තිබෙන OPA ආයතනයට ගොස් හෝ අන්තර් ජාලයට ගොස් OPA කියා ටයිප් කර බලන්න. එවිට කවුද ඔය විද්වත් වෘත්තිකයො කියන්නෙ කියලා සොයා ගන්න පුළුවනි. රටට ආදරේ මිනිසුන්ට චන්දෙන් පත් වෙන්න බැහැ.

:       0       0

abaranThursday, 26 April 2018 06:22 AM

ලංකාවේ ඉන්න විද්වත්තුයි සාමාන්‍ය ජනතාවයි දෙගොල්ලම මෝඩයෝ. ඒකයි රට ප්‍රපාතයට යන්නේ. කිසි දෙයක් කරන්ට දෙන්නෙත් නෑ. විකල්පයකුත් නෑ. කරන දෙයිනුත් රට අනතුරේ. දන්නාදා ඉඳලම අනිත් රටවලින් යැපෙන මෝඩයන්ගෙන් පිරුණු, නැති අභිමානයකින් පෙලෙන මිනිස්සු ඉන්න රටක්....

:       0       1

nishantha Wednesday, 25 April 2018 01:25 PM

රට අරාජික කිරීමට විටින් විට විවිධ කණ්ඩායම් විවිධ නාඩගම් නටා ආණ්ඩුවේ කාලය නිකරුනේ කා දැමීමටත් මිනිස්සුන්ට එපා කරවීමටත් කටයුතු කරන්නේ මුල්‍ය නඩු අපරාධ මිනීමැරුම් චෝදනා ලද අය බව ආණ්ඩුවට නොතේරීම කණගාටුවක්. කෙසේ හෝ 2020 තෙක් සියලු කටයුතු අනා විනාශකර නැවත බලයට ඒම අරමුණු කරගෙන කරන මෙවන් අතකොලු ව්‍යාපාර ප්‍රචාරය නොකර ඉන්න මාධ්‍යයටත් යුතුකමක් ඇත.

:       363       175

Thilina Wednesday, 25 April 2018 03:17 PM

මහබැංකුව හොරා කාලා ආර්ථිකය වට්ටලා පුද්ගලික අංශයට අධික බදු පටවලා විශාල ඇමැති මණ්ඩලයක් හදාගෙන පොහොර සහනාධාරය කපලා රටේ සම්පත් විකුණලා ... මෙකී නොකී මේ ඔක්කොම බලය ගන්න දඟලන විපක්ෂයේ කුමන්ත්‍රණ.. වැඩක් බැරි ටාසන්ලාව පත් කරපු අය වෙන මොනවා කියන්නද?

:       94       221

RajapakshaWednesday, 25 April 2018 04:26 PM

හරියට හරි... හම්බන්තොට වරාය හැදුවේ රාජපක්ෂලා පෞද්ගලික සල්ලි දාලා. ඒක හදන්න ණය ගත්තේ නැහැ. ණය තියෙද්දී පොළිය ගෙවා ගන්නවත් ආදායම් නැහැ කියා බොරු හදලා ණය හිලව්වට කියලා චීනයට දුන්නේ සම්පත් විකුණන්න ඕන නිසායි.

:       162       48

සමන්ත Wednesday, 25 April 2018 02:10 PM

අපේ රටේ නම් ඉන්නේ පුදුම ආත්මාර්තකාමී හරක්. ඒ අය තියෙන තණකොල කන්නෙත් නෑ. එහා ඉවුරේ ඒවා දිහා බලාගෙන තප්පුලනවා....

:       99       112

MO77 Wednesday, 25 April 2018 04:04 PM

ආත්මාර්ථකාමි පමණක් නොව, එක්කොම ඉරිසාකරන ජනතාව.

:       105       54

Shehan Wednesday, 25 April 2018 04:05 PM

මේකේ ප්‍රතිචාර දාන සමහරක්' හිතන්නේ මේ ආණ්ඩුව ගහන වෙළෙඳ ගිවිසුම් වලින් රට දියුණු වෙනවා කියලා. එක්සත් ජාක්ෂ පක්ෂය, ජවිපේ කුක්කෝ හිතන්නෙ මේ ආණ්ඩුවේ තකතීරු වැඩ හරි විදිහට විවේචනය කරන අය එහෙම කරන්නෙ මේ ආණ්ඩුව පෙරලන්න කියල උන් බයයි. රනිල් බැංකුව හොරා කපු එකේ වෙළෙඳ ගිවිසුම් වලින් රටට පාඩු වුණට මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් නෙවිනේ.

:       41       108

Jayasinghe Wednesday, 25 April 2018 04:46 PM

මේ ගොල්ලෝ කියන කතාව ඇත්ත. සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාවට පාඩුව ඩොලර් මිලියන10ක් කියලා සිංගප්පූරුවේ වෙළෙඳ අමාත්‍යාංශයම කියනවා. සිංගප්පූරුවේ ආණ්ඩුවේ ඉඩම් 90% ක් තියෙනවා. ඒවා මේ ගිවිසුමෙන් අයින් කරලා. අපේ මුහුදු සීමාවත් මුලුමුලින්ම සිංගප්පූරුවට දීලා. මලික් සමරවික්‍රමට මොනවා තේරෙනවද මේ ගිවිසුම් වගේ දේවල් ගැන. එයා රෝයල් එකේ ඉන්න කාලෙත් රනිල් එක්ක රගර් එහෙම ගහපු එක්කෙනේක්ලු නේද? ඉතින් ආර්ථිකේ ගැන මොනවා දන්නවද?

:       2       87

නාත් රණසිංහ Wednesday, 25 April 2018 04:47 PM

මේ වගේ තවත් ගිවිසුම් අවශ්‍යයි. අවලංගු නොකළ යුතුයි.

:       193       103

BamunuarachchiThursday, 26 April 2018 12:39 PM

ගිවිසුම කියෙව්වාද ගිවිසුමේ තිබෙන්නේ මොනවාද කියා දන්නවාද?

:       0       0

ලුම්බිණි Thursday, 26 April 2018 02:26 AM

සමහරවිට සිංගප්පුරු-ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුම ලංකාවට අවාසි එකක් වෙන්න පුළුවන්. මොකද සිංගප්පුරුව අපට වඩා කාර්යක්ෂම සහ තරඟකාරී රටක්. ඒත් මේ ගැන අධ්‍යනයක් කරලා කරුණු සහිතව ඔප්පු කරන්න ඕන කොපමණ පාඩුවක් වෙනවද කියලා.

:       0       4

සෙනෙවි Thursday, 26 April 2018 05:44 AM

මේ පුවත දෝෂ සහිතයි .ඉංජිනේරු සංගමය නොව එය ශ්‍රිලංකා ඉංජිනේරු ආයතනය IESL ලෙස නිවැරදි විය යුතුයි .

:       0       20

Ravi Thursday, 26 April 2018 08:58 AM

මෙහි දෝෂයක් නැත. ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වුයේ ඉංජිනේරු සංගමයයි (ඇසෝසියේෂන් ඔෆ් ඉංජිනියර්ස්). ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය නොවේ.

:       0       0

Nalaka Thursday, 26 April 2018 02:13 PM

මේ පුවත නිවැරදියි. මේ සංගමය 'ඉංජිනේරු සංගමය හෙවත් "Association of Engineers". මාධ්‍යය සාකච්චාව පැවැත්වුයේ මේ සංගමයයි. එහි සභාපති ඉංජිනේරු ආචාර්ය ආනන්ද රණසිංහ මහතායි. මෙය IESL එනම් "ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය" නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 203 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 290 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 77 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 971 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 257 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 306 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site