මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදා ගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳූන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකගතාවය පළ කර තිබේ.
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඩෙස්මන්ඩ් ලී මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් අද (24) මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එකඟතාවය පළ කෙරිණි.
(28535)
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිංගප්පුරු මත්ද්‍රව්‍ය නිවාරණ ශිල්පීය ක්‍රම ලංකාවට
sam Thursday, 24 January 2019 07:03 AM
ඇයි පිලිපීනේ ක්‍රමවේදය මේ දවස් දෙක තුනට එපා උනාද ?
Rata Perata Thursday, 24 January 2019 07:10 AM
ඔය එක එක රටවල රවුම් ගහ ගහ ඉන්න ඕන නෑ ඕකට අපේ සල්ලි ටික නාස්ති කරගෙන. හරියට පොලිසියට, හමුදාවට බලය දුන්නොත් මාස 3 න් නවත්තයි. මෙයාලම තමයි කුඩු කාරයෝ ආරක්ෂා කරන්නේ. දැන් මෙතන බොරු සංදර්ශන දානවා.
senaThursday, 24 January 2019 09:15 AM
කිව්වත් වගේ අපේ පොලිස් නිලධාරීන් මත්කුඩු ටොන් ගණන් අල්ලන්නේ පිලිපිනෙන් ඇවිල්ල උගන්නලාද? සිදු වෙන්න ඕනේ එයාලට නිදහසේ කටයුතු කරන්න ඉඩ දීම පමණයි.. අවශ්‍යම නම් ලොකුම ලොකු කුඩ්ඩෝ කීප දෙනෙක් හංගලා තියෙන අවි හොයන්න එක්කරන් ගියත් වැරැද්දක් නැහැ..
Hafeel Thursday, 24 January 2019 10:36 AM
මෙහෙ කුඩු එතනෝල් කාරයන්ට ඇමතිකම් තනතුරු දීලා එහෙන් ආධාර ඉල්ලනවා.
PandithThursday, 24 January 2019 01:00 PM
සහතික ඇත්ත ඒ අය ඔක්කොම ඉන්නේ ඔඩොක්කුවේ. අනික රංගේ..රංගේ..කියපු කෙනාව සහ හිටන්... හිටන්... කියපු කෙනාව එක්කගෙන ගියේ. ඒ අය ආණ්ඩුවේ නැහැනේ.
Raveendra Thursday, 24 January 2019 07:22 AM
මේ හාදයෝන්ගෙන් වත් අහගමු නේද අර්ජුන අඩුතරමින් දැක්කදවත් කියලා.
ase Thursday, 24 January 2019 07:23 AM
හැමදාම අපි රවුමේ ගන්නවානේ... බලමු තව කොයි කාලයක්ද කියලා..?
නිමල් Thursday, 24 January 2019 07:38 AM
කට්ටියක් තොග වශයෙන් ගිහින් පිලිපීනයෙන් හෙව්වා, දැන් සිංගප්පුරුවෙන් හොයනවා කියනවා. එත් මෙහෙ අහුවෙන ඒවා වල වටිනා කම දවසෙන් දවස ඉහල යනවා කියාලා මාධ්‍ය කියනවා. අනේ මන්දා මේ මොනවද කියාලා.
Indhika Thursday, 24 January 2019 07:55 AM
අපේ ජනාධිපති ගිහින් හම්බ වෙන්නේ එහෙ නියෝජ්‍ය ඇමතිව. නරක නැහැ.
Sunil Thursday, 24 January 2019 08:29 AM
සුරංගනා කතා තවත් නොකියනු මැන මට.
ජයන්ත මිලානෝ Thursday, 24 January 2019 08:53 AM
ඇත්තම තමයි... අපේ හමුදාවේ, පොලිසියේ තරම් දක්ෂ අය කොහෙවත් නැහැ. මේ අයට නිසි බලය දුන්නා නම් ඉවරයිනේ...
Nuwan Thursday, 24 January 2019 10:07 AM
පිට රට දැනුම නෙමේ ඕන ලංකාවේ වැටලීම් හරියාකාරව කරානම් ඔය හැම වැරදි වැඩක්ම නවත්වන්න පුළුවන්.
ravi Thursday, 24 January 2019 11:52 AM
අපේ රට " සිංගප්පුරුවක් " කරන්න කියලා තමයි, සිරිසේන මහත්තය ජනාධිපති වුනේ.. අපි තාමත් බලාගෙන ඉන්නවා.
du Thursday, 24 January 2019 01:42 PM
ඇත්තටම මේ අල්ලන මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ...? මං නොදන්නා නිසයි අහන්නේ... රාජසන්තක කරන්නේ කොහොමද? ඇත්දල නම් පිච්චුවා. රත්තරන් නම් උණුකර රාජ්‍ය භාණ්ඩාගාරේට යවනවා ඇති. ඒත් සියලුම මත්ද්‍රව්‍ය වර්ග නිසි පරිදි විනාශ කරන්නේ කොහොමද?
casmir Thursday, 24 January 2019 01:53 PM
මේවගේ මිනිස්සුන්ට ඡන්දය දීලා පත්කළ අපිට පිස්සු.., මේ මනුස්සය ගිහිල්ලා තියෙන්නේ ඩීල් එකෙක්ට කියලා තමයි කියන්නේ... කුඩු නවත්තන්න පුළුවන් නම් දේශපාලනයෙන් තොරව එස්.ටී.එෆ් එකට බලය දුන්නා නම් ඇති...
danil Thursday, 24 January 2019 02:51 PM
කුඩු නතරකිරීමට ගතයුතු ක්‍රියාමාර්ගය ගන්නවා කියා ඔබතුමා මීට මාස ගණනකට පෙර කිව්වා. 12 දෙනෙකුගේ නම් ඔබතුමාට ඒවා ඇති බව ඊයේ මාධ්‍ය මගින් දුටුවා. පැමිණි වහාම ඔබතුමාගේ නිර්දේශය දෙන්න...
Thushara Thursday, 24 January 2019 07:20 PM
රටේ ජනතාව අන්දලා ඉවරයිනේ, දැන් බලමු ලෝකෙ ජනතාව වත් අන්දලා ගෙදර යන්න කළින් ලෝකෙ වටේ පොඩි සංචාරයක් දාන්න.
Chanak los angeles Thursday, 24 January 2019 10:23 PM
ඇයි පසුගිය දවසක නායකයෙක් විසින් කුඩු එතනෝල් කාරයෙක්ව මහපාරේ බදාගත්තේ ..ඒ වුනාට එම නායකයා දැන් පවතින පාලනයට ඇඟිල්ල ඔසවනවා රටේ පාතාලය මත්කුඩු රජවෙලා කියා ..සාටකෙන් එල්ලන්නයි වටින්නේ ..
de silva Friday, 25 January 2019 05:26 AM
ඕක කරන්න ලෝකේ වටේ කරක් ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ , දැනට කුඩු ජාවාරම් නිසා අධිකරණයෙන් මරණ දඩුවම නියම කරපු මිනිස්සු එල්ලලා මරණ දින සහ වෙලාව නියම කර , කුඩු සම්බන්ධ නඩු සදහා විශේෂ අධිකරණයක් පිහිටවූව නම් දැනට ලංකාව හරහා කුඩු ජාවාරම් කරන දේශීය සහ විදේශීය අනෙකුත් කුඩු කාරයොත් ඕව කරන එක නතර කරවී , කවුද කැමති මැරෙන්න .
de silva Friday, 25 January 2019 09:14 AM
ලංකාවට කුඩු ගෙන්වන්නන් ඉන්නේ සිංගප්පුරුවේ නොවේ... ලංකාවේ පාර්ලිමේන්තුවේ, පළාත්සභාවල, සිංගප්පුරු ගියවෙලාවේ ඔය විකාර නවත්වලා අර අර්ජුනව ගෙන්වාගන්න ක්‍රමයක් ගැන සාකච්ඡා කරගත්තා නම් හොඳනැද්ද? සිංගප්පූරුවෙන් කියන්නේ අර්ජුන ඉල්ලලා ලංකාවෙන් නිසිපරිදි රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර නොමැති නිසා ඔහු මෙරටට බාරදෙන්න... කිසිම අවශ්‍යතාවයක් නැත කියලා, අඩුම තරමේ ඔහේ තිබෙන මලගෙදරකදී හෝ මගුල්ගෙදරකදී කතාවක් පවත්වන කොටවත් කියන්න පුලුවන්නම් අර්ජුනව අල්ලලා දෙන්න කියලා..