(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ගිවිසුමේ කුමක් තිබුණත් සිංගප්පුරුවේ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයි උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ නීතිය අනුව පිටරටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයිද ඔහු කීය.
සමරවික්‍රම මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා සිංගප්පුරු ගිවිසුම පිළිබඳ විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයනට පිළිතුරු දෙමිනි.
එහිදී විමල් වීරවංශ මහතා මෙසේ කීවේය.
අපද්‍රව්‍ය ගෙන්නේ නැත්නම් ගිවිසුම දැම්මේ මොකටද? මේ ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසුව සිංගප්පූරුවේ නාගරික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, විකිරණශීලි අපද්‍රව්‍ය, ආවම අපේ රටේ ලොකු විනාශයක් ඇති වේවි. අපේ දරුවන්ට න්‍යෂ්ඨික අපද්‍රව්‍යවලින් මියැදෙන්න වේවි. මෙම ගිවිසුමට ගත්තු මුදල් වලට ශාප වෙනවා.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිංගප්පුරු අපද්‍රව්‍ය මෙරටට ගෙනඒමේ හැකියාවක් නෑ
manoj Tuesday, 17 July 2018 02:42 PM
ගිවිසුමක් තියනවනම් ඒ කියන්නේ එකඟයි කියන එකයි, මෙයා මොනවා කිවුවත් අත්සන් කරලා ඉවරනම් ඉතින් කුණු ලංකාවට ගෙන්න වෙනවා. දැන් ඉතින් ආසියාවේ අනිත් රටවලුත් අහයි ලංකාව ආසියාවේ කුණු ගොඩ කරන්න බැරිද කියල.
nuwan Tuesday, 17 July 2018 03:28 PM
ඒ කියන්නේ ගිවිසුමට දාලා. එතකොට මෙයා ගිවිසුම හැදුවේ නීතිය නොදැනද? නැත්නම් දැන් බොරුවට කියනවද? මේවගේ මුළු රටටම බොරු කරලා ගිවිසුම් ගහන්නේ ලංකාවට අවාසි වෙන විදියට. මේ ඇමතිලා ලංකාවේද නැත්නම් සිංගප්පූරුවේද? කතාවක් තියෙනවා ලංකාවේ හම්බන්තොට වරාය හදන්නේ නැතිවෙන්න 1980 ගණන් වල ඉදල සිංගපූරුව මැදිහත් උනා කියල.
Lakmal Tuesday, 17 July 2018 05:20 PM
ඔබතුමාව සිංගප්පූරුවට පටවන්න බැරිද?
Thilina Tuesday, 17 July 2018 06:15 PM
කෝ මේ සත්‍යපාල..? කුණු වෙන්කරලා හොඳ ටික විතරක් පෙරලා ගන්න හැටි පැහැදිලි කරලා දුන්නොත් නරකද?
Rizna Tuesday, 17 July 2018 10:58 PM
ගිවිසුම් තිබ්බට ලෝකේ හැමදේම නිදහසේ වෙලදාම් කරන්නට බැහැ.අවිආයුධ , මත්ද්‍රව්‍ය , වෘක්ෂලතා , ඇත්දළ,වඳ වී යන සතුන් සහ ප්ලාන්ට්ස් ආදී නොයෙක් විශේෂ භාණ්ඩ සඳහා ජ්‍යාත්‍යන්තර නීති තියනවා. හැමදාම ඒ නීතිවලට යටයි....
Bamunuarachchi Wednesday, 18 July 2018 12:47 AM
මොනවද මේ කතා මේ ගිවිසුමම රටට ගෙනෙන අපද්‍රව්‍යක්
Sana Wednesday, 18 July 2018 12:57 AM
ගිවිසුම ගැහුවනම් ගේන්න වෙනවා
Sunil gikiyanage Wednesday, 18 July 2018 01:13 AM
එකට ඉතින් ඒ නිතිය ඉවත් කරන්න
Chandima Wednesday, 18 July 2018 02:02 AM
අපේ කරුමයක්ද මන්ද දැන් කාලේ කෙරෙන හැම දෙයක්ම අපේ රටට එක්කෝ මරාලයක්.එහෙමත් නැත්නම් ගෙවාගන්න බැරි ණයක්. පාර්ලිමේන්තුවේදී උනත් නිකම්ම කෑ කෝ ගහල අන්තිමට තිබෙන විදියටම ඒවා කෙරීගෙන යනවා. ඒකාබද්ධ විපක්ෂෙට බැරිද ඕක නීති විරෝධිනම් අධිකරණයට ගිහින් අභියෝග කරලා රටට හානියක් නම් අඩුගානේ තහනම් නියෝගයක් වත් ලබාගන්න? සම්බන්ධන් විපක්ෂේ නම් මෙලෝ වැඩක් නැහැ.
දිලුම් Wednesday, 18 July 2018 03:12 AM
පවුලක් පන්සලක් නැති කාලකණ්නින්ට තේරෙනවද ඕවා. මුන්ට රටට ජාතියට ආගමට ළමයින්ට මොනව උනත් එකයි. ගිවිසුමේ මොනව තිබුණත් කියන්නේ එකේ තියන දේ මූ දන්නේ නැද්ද අත්සන් කරද්දී. වෙන රටවල අපද්‍රව්‍ය මේ රටට ගේන්න දෙනනේ ලංකාව කුණූ ගොඩක් කියල හිතාගෙනද.
ramaniWednesday, 18 July 2018 05:58 AM
පන්සලක් තියා පල්ලියකවත් හිත හොඳින් පයගහන මිනිස්සුනම් තමන් උපන් රටට වින කටින්න හිතයිද.
Senarath Wednesday, 18 July 2018 03:15 AM
මෙයා අපුරු උපාය මාර්ග ඇමතියෙක්නේ. "ගිවිසුමේ කුමක් තිබුනත් සිංගප්පුරුවේ අපද්‍රව්‍ය ලංකාවට ගෙන්න බැහැ " . මෙයා අඩුම තරමේ ගිව්සුමක් කියන්නේ මොකක්ද කියල දන්නවද දන්නේ නැහැ. එහෙම නැත්නම් මෙහෙම මෝඩ කතා කියනවද ? මේ වගේ අම්ම්බරුවන්ට ඡන්දෙ දෙන්න එපා පක්ෂය කුමක් උනත්. මුදලට රට විකුණන දේශද්‍රෝහීන්.
kalani Wednesday, 18 July 2018 03:43 AM
' ගිවිසුමේ මොනවා තිබුනත් ' යන්නෙහි අර්ථය පැහැදිලි නැහැ. සිංගප්පුරුව අපිව ගොනාට අන්දලා වගෙයි. ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු කරන්න වෙනවා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය පෙරදිග කසල ගොඩ වෙන්න පුළුවන්.
dasun Wednesday, 18 July 2018 05:54 AM
සිංගප්පුරුවේ තිබුන ලොකුම අපද්‍රව්‍යය ගෙනත් මහ බැංකුවට දැම්ම එකේ ඔය අනික් අපද්‍රව්‍ය දාන එක මෙයාලට මහ කජ්ජක් නෙවෙයි.
Lal Wednesday, 18 July 2018 06:54 AM
මේ රජය යම්කිසි රටක් සමඟ ගිවිසුමකට එළඹුනානම් එය අනිවාර්යෙන්ම අපේ රටට බරපතල ලෙස අයහපත් ප්‍රතිඵල ගෙනෙන දෙයක්බව රටේ සියළු දෙනාම දැනගතයුතුයි. මේවනතුරු මේ රජය රටට යහපතක් වෙන ආකාරයේ මොන ව්‍යපෘතිය වෙනුවෙන්ද අන් රටක් සමඟ ගිවිසුම්ගත උනේ? දැනෙන්න එකක්වත් නැහැ.
Ranjan Wednesday, 18 July 2018 07:34 AM
මහජනයාට මේ ගිවිසුම් කියවන්න ලබා දී තිබෙනවාද ?