(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
කෝටිපති ව්‍යාපාරික සැමියාට නිවස තුළදී පපුවට පිහියකින් ඇන ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ නිවසින් එම ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ යම් ආරවුලක් හේතුවෙන් නිවසට පැමිණි පසු අඹූසැමියන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.
නිවසේ පහත මහලේ එම බහින් බස්වීම සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවට සිදුකළ මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි පොලිසිය පැවැසීය.
සැමියා තමාට බැන වදිමින් පහර දුන් බවත් එම අවස්ථාවේ සැමියාගෙන් බේරීමට අවස්ථාවක් නොතිබීම හේතුවෙන් මුලුතැන් ගෙයි තිබූ පිහියකින් පහරදුන් බවත් සැකකාර කාන්තාව ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඝාතනයට යොදා ගත් ලේ තැවරුණු උල් පිහියද සොයා ගත් බව පොලිසිය පැවැසීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සැමියාට පිහියකින් ඇන මැරූ බිරිඳ අත්අඩංගුවට
ජයන්ත මිලානෝ Friday, 22 March 2019 02:28 PM
විහාරස්ථානයට දානය පිරිනමා කොපමණ බැති සිතකින් ගෙදර එන්න ඕනෑද? එහෙත් කොපමණ පිරිහීමකට බැතිමතුන් ලක්වෙලාද? මෙත් සිත කටින් විතරයි ක්‍රියාවෙන් නැහැ. සමහර හිමිවරු ඩෙගානටන විට දායකයන් ගැන කවර කතාද?
RaveendraFriday, 22 March 2019 04:12 PM
සහතික ඇත්ත..
sirimal Friday, 22 March 2019 02:45 PM
මැදින් පෝයට හොඳ පින්කමක්නේ කරගෙන තියෙන්නේ.
thusha Friday, 22 March 2019 03:43 PM
විහාරස්ථානයට පූජා කරපු දානේ වේලටත් මිනී මරාගන්නා, සැදැහැවත් මිනිසුන් ගැන අහන්නත් අප්පිරියයි.
Nihal Friday, 22 March 2019 05:42 PM
ඒකටත් භික්ෂූන් වහන්සේලාගේ වරදක්ද? මෙහෙමවත් මේ රට තියන්නේ භික්ෂුව නිසයි, නැත්නම් මේක පරංගි ඉතුරු ටිකත් වනසල යන්නේ. මේ වගේ සිද්දි වෙන්නේ සමහරු බණ අහනවා විතරයි. ක්‍රියාවෙන් නැති නිසා වෙන්න ඕනේ...
Ravendra Friday, 22 March 2019 05:50 PM
දුන්දේ සුවඳයි.. කෑ දෙය ගඳයි යන කියමන මතකයට නැගෙනවා..
Raveendra Friday, 22 March 2019 06:22 PM
පින්කම් කලත් සිත් පිරිසිදු නැතුවානේ... පින්කම් කරන්නෙත් ප්‍රසිද්ධිය තකාමනේ.. නිවසට පැමිණි වියදම ගැන සිතනවනේ.. කෝටිපතියෝ වුනු අපි මසුරන් වුනානේ..
Jehaan Friday, 22 March 2019 07:48 PM
දානයකුත් තිබුනා, ඇති හැකි නිවසක ඒ වෙලාවේ සිද්ධිය සිදු වෙනකොට කවුරුත් හිටියේ නැතිලු. අනේ මන්දා අපේ ගෙවල් වල නම් ඔහොම අවස්තාවක උදව්වට පැමිණි නෑදෑයන් හෝ අඩු වශයෙන් අසල්වැසියෙකුවත් ඉන්නවා. පුදුමයි පිහියෙන් අනින්කන් මේ රණ්ඩු දුර දිග යනවා ඔය ගෙදර සිටි කාටවත් ඇහුනේ නැහැ කියන එක. සමහරවිට ගෙදර බකිංහම් මාලිගය වගේ ඒ කොනේ සිට අනෙක් කොනට සැතපුම් ගානක් දිග එකක් වෙන්න ඇති.
RuwanSaturday, 23 March 2019 07:21 AM
කියවලා බලලා අදහස් දාන්න.. ගෙදරින් දානෙ ගෙනිච්චා කියලනෙ තියෙන්නෙ...
JehaanSunday, 24 March 2019 01:36 AM
පන්සලට ගෙනියන්න ගෙදරින් පිලියල කරද්දී වුනත් ඊට සහභාගී වෙන්න පිටින් එක්කෙනෙක් දෙන්නෙක් වත් එන්නේ නැද්ද. එළවළුවක් ව්‍යාංජනයක් උයාගෙන නැති නම් පිරිකරක් අරගෙන කෙනෙක් දානෙට සහභාගී වෙන්න ගෙදරට ඇවිල්ලාම නැද්ද. පොහොසත් තැනක් නම් කුස්සියේ උදව්වට කෙනෙකු නැහැ කියලා හිතන්න පුලුවන්ද. කෝටිපති ගෙදරක තනියම වෙසෙන අඹුසැමි යුවලක් තනියම දානය හදා ගෙන පන්සලකට ගෙනිහින්???
sandy123 Saturday, 23 March 2019 08:26 AM
මිනිස් සිත් දුෂ්‍ය වෙලා තියන තරම්?
rocky Sunday, 24 March 2019 02:46 AM
මුස්ලිම් ආගමේ වගේ ගැහැනුන්ට පන්සලට යාම තහනම් කිරීම සුදුසුයි!
Uditha - London Sunday, 24 March 2019 05:49 AM
මේක ඔවුන්ගේ පෙර සංසාරේ ගෙන ආ කාර්මය... ඔය අඹු සැමියෝ ලබන ආත්මෙදිවත් හොදින් ජීවත් වෙන්න බලන්න... සැමියා පලි ගැනීමේ චේතනාවෙන් මෙරුන නම් ඔය දෙන්න ලබන ආත්මෙදිත් මුණ ගැහෙනවා
Sarasi Sunday, 24 March 2019 06:57 AM
ගැහැණු අපි මොකටද මෙච්චර කරදර වෙන්නේ? දන්ත ධාතුවේ සිට ශ්‍රීමහා බෝධිය දක්වා වඩම්මන්න හොඳයි හැබැයි පන්සල් තහනම් .?
එම්.කේ.ජී.උපාලි Monday, 25 March 2019 10:00 AM
අනිවාර්යයෙන්ම මේකට හේතුව ඔය පවුලට එබෙන තුන්වැනියෙක් විය යුතුයි.