(හේමලතා ඩී හේවගේ)
පන්නල ඉහළ හුන්දිරාපොල වෙල්පල්ල ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් අද (02) සැමියා විසින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුතුනායක පේලිගේ ෂෙහානි ජයන්තිකා සල්මාලි නැමති 28 හැවිරිදි ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර 35 හැවිරිදි සැකකාර සැමියා සති දෙකකට පෙර රක්ෂිත බණ්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි අයෙක් බව පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව සැමියා සමඟ වාසය කිරීමට නොහැකි බව පවසා දරුවන් තිදෙනා සමඟ වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ ඇයගේ මවගේ නිවසේ වාසය කර ඇති බව පොලිසිය කීය.
ඝාතනයට ලක්වූ කාන්තාව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල රැඳී සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි සැකකාර සැමියා ඇය නිවස වෙත කැඳවාගෙන ගොස් ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් නිවස ඉදිරිපිටදී පහරදී ඝාතනය කර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලාගිය සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට
පූජා Thursday, 02 July 2020 03:27 PM
එකට ජීවත්වීම ගැටලුකාරී නම් වෙන් වෙන්ව ජීවත්වීමේ වරද කුමක්ද? දියුණු රටවල මෙන් පවුල් ප්‍රශ්න විසඳීමට උපදෙස් දෙන, උපදෙස් සේවාවන්ගේ උදව් උපකාරයන් ලැබුවේ නම් ඇය තවමත් ජීවතුන් අතර.. දැන් දෙමාපියන් නැතුව මුලු ජීවිත කාලයම, විඳවන්නට සිදුවන්නේ අර අහිංසක දරු තුන් දෙනාටයි. ලොකු මිනිසුන්ගේ පව්වලට කිසිත් නොදත් දරුවන්ට කරගහන්න සිදුවීම නම් මහත් ඛේදවාචයකි.