IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සැමියා මැරූ බිරිඳ රිමාන්ඩ්

රාත්‍රී 7

(ක.ග කරුණාරත්න)
 
හබරණ අරුණෝදාගම ප්‍රදේශයේදී අද (17) අලුයම පොරවකින් ගසා තම සැමියා ඝාතනය කළැයි  සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාව නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේ ය. 

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ මාතර ආරච්චිගේ කාන්ති ප්‍රියදර්ශණී නමැති 44 හැවිරිදි සිව් දරු මවකි.

 


(කාංචන කුමාර ආරියදාස)

හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අරුණෝදාගම ප්‍රදේශයේදී පොරවකින් පහරදී සැමියා ඝාතනය කළ බිරිඳ පොරවද සමග පොලීසියට භාර වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මරා දමා ඇත්තේ 46 හැවිරිදි සිව් දරු පියෙකි.

හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හෝටලයක් පවත්වාගෙන යන මෙම යුවළ නිතර නිතර අඩ දබර ඇතිකර ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අද(17) අලුයම දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් බිරිඳ විසින් නිවස තුළදීම සැමියාට පොරවකින් පහර දී පොරවද  රැගෙන  හබරණ පොලිසියට පැමිණි බවත් පොලිසිය සඳහන් කරයි.

 කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ දරුවන් ඥාති නිවසක  සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයා මීට පෙර විවාහයක් අසාර්ථක වී දෙවැනි විවාහය සිදු කරගෙන සිටි අයකු බවත් ඔහු යුද හමුදා සේවයේ යෙදී සිට යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවත් පොලිසිය පවසයි.

ඝාතනය කළ බවට සැක පිට පොලීසියට භාර වූ මියගිය පුද්ගලයාගේ බිරිඳ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (6)

සැමියා මැරූ බිරිඳ රිමාන්ඩ්

Padmini Friday, 17 November 2017 05:31 AM

පාන්දරම අහන්න ලැබෙන්නේ අපරාධ. මේ දේවල් වලට හේතුව බොහෝ විට මත්පැන්. මත්පැන් විකුණන එකත් සහගහන අපරාධයක්.

:       2       44

sumith Friday, 17 November 2017 06:22 AM

මේවට ප්‍රධානම හේතුව මිනිස්සු, ආගම දහමට පටහැනිව ජීවිත් වීම, ඉස්සර අපි පුංචි කාලයේ අපේ අම්මා ඕනෑම දෙයක් වුණාම ඉස්සෙල්ලම අපිව අරන් යන්නේ පන්සලේ හාමුදුරුවෝ ලඟට, ඉස්සර පන්සල්වල හාමුදුරුවෝ, මිහිපිට ඉන්න දෙවියන් වගේනේ, ඕන දෙයක් දන්නවා. සිංහල වෙදකම, හඳහන් බලන්න, කොඩිවින, අනවින, හූනියන් ඕනෑම දෙයක් දන්නවා. මිනිස්සු බොහොම බයෙන් ඉන්නේ හාමුදුරුවන්ට... දැන් ගොඩක් ඒවා වෙනස්වෙලා. හාමුදුරුවෝ පන්සල් බෙදා ගන්න නඩු කියනවා.

:       7       84

Perakum Friday, 17 November 2017 07:46 AM

මේක මහා පව්කාර රටක්. කවදාවත් ගොඩඑන්න බැරි අගාධයකට අපි වැටිලා ඉන්නේ.

:       1       161

රෝහිත Friday, 17 November 2017 08:13 AM

පැරකුම් මට මෙතන සැකයක් තියෙනවා! බිරිඳද මැරුවේ? නැත්නම් බිරිඳත් එක්ක හිටපු වෙන කෙනෙක්ද? පසුව බිරිඳ වරද භාර ගත්තද? මොකද මොහුගේ ළමයින් ඉඳලත් නැනේ.

:       3       110

banda Friday, 17 November 2017 07:12 PM

තව අවුරුදු 100ක් ගියත් අපේ රට ඔතනමයි....

:       0       82

ධම්ම Saturday, 18 November 2017 04:42 PM

පොළොන්නරුවේ අය පොරව පාවිච්චි කරන්නේ දර පලන්න නොව මිනිසුන් මරන්නයි. මට මතකයි මීට පෙරත් බොහොම ප්‍රසිද්ධ කෙනෙකුගේ සහෝදරයා මරලා තිබුනේ පොරවෙන් ගහලා.

:       0       59

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 521 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 68 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 223 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 687 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 230 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 285 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site