IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සැප්තැම්බරයේ පොලිතින් තහනම ආවත් වැටලීම් ජනවාරියේ සිට

(ඩයනා උදයංගනී)

පොලිතීන් තහනම සැප්තැම්බර් 1 වැනිදා සිට ක‍්‍රියාත්මක නමුත් ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීම ආදිය ආරම්භ වන්නේ 2018 ජනවාරි 1 වැනි දා සිට බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (23) පැවසීය.

මෙම තහනම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බලපෑමට ලක්වන නිෂ්පාදකයින්, පොලිතීන් ආශ‍්‍රිත ඇසුරුම්කරණ කර්මාන්තවල නිරත වන්නන් හා පොලිතීන් තොග වෙළදුන් පොලිතීන් සඳහා විකල්ප හඳුන්වා දී ඔවුන් එම විකල්ප වෙත යොමු කිරීම සඳහා ජනවාරි 1 වැනිදා දක්වා කාලය වෙන් කරන බව ද ඇමැතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ පොලිතීන් ආශ‍්‍රිත කර්මාන්තයන්හි නිරත වූවන් ක‍්‍රමානුකූලව විකල්පයන්ට යොමුකිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි. 

මුදල් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය ආදී අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් එම කමිටුව සමන්විත බව ද ගයන්ත කරුණාතිලක මහතා කීවේය. 



අදහස් (5)

සැප්තැම්බරයේ පොලිතින් තහනම ආවත් වැටලීම් ජනවාරියේ සිට

vipula Wednesday, 23 August 2017 10:53 AM

රථවාහන සදහා වෙනම පොලිස් ඒකකයක් තියෙනවා වගේම පරිසරය සදහා වෙනම පොලිස් ඒකකයක් පිහිටවන්න. පරිසරයට තර්ජනය වන ප්‍රශ්න සදහා එම ඒකකයට භාර දෙන්න පුළුවන්. නැත්නම් එම ප්‍රශ්නත් හොරු අල්ලන පොලිස්සියට ගියහම ප්‍රමාදයන් වෙනවා.

:       0       0

දිමුත් Wednesday, 23 August 2017 11:59 AM

ඒක හොදයි!

:       0       0

sara Wednesday, 23 August 2017 08:27 PM

මුදලාලිලා ළඟ තව බඩු ඇති

:       0       0

sanjaya Thursday, 24 August 2017 05:40 AM

දැනට මිනිසුන් ළඟ ඇති පොලිතීන් වලට කුමක් කල යුතුද? මිනිසුන් ඒවා අනුභව කල යුතුද? ඒවා එකතු කරන්නේ කවුද?

:       0       0

M M W A Bandara Saturday, 26 August 2017 08:11 PM

ලෝකයේ කිසිම රටක පොලිතීන් නිෂ්පාදන කිසිවක් තහනම් නෑ. හැබැයි නිසි කසල කලමනාකරණයක් තියෙනවා. ආණ්ඩුවේ කසල කලමනාකරණයේ නොහැකියාවට නිෂ්පාදකයෝ පලිද? පොලිතීන් අපද්‍රව්‍යයක් නෙමෙයි සම්පතක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 35 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 55 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 68 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 222 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 163 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 605 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site