IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සැප පුටු මිලට ගන්න කිසිදු නීතිමය ගිවිසුමක් අත්සන් කර නෑ


 
 
මුදිතා දයානන්ද

       
බස්නාහිර පළාත් සභාවේ සැප පුටු මිලදී ගැනීමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නැතැයි පවසන බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ගිවිසුමක් නැති ඇණවුමක් නැවැත්වූවැයි කියා සතයකවත් පාඩුවක් සභාවට සිදුවන්නේ නැතැයිද පැවසීය.


ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මේ බව පැවසුයේ රාජගිරිය ජනජයසිටි හි පිහිටා තිබෙන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල කාර්යාලයේදි අද (13) පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් ඔහු මෙසේද පැවසීය.


පාර්ලිමේන්තුවට සමාන පුටුවක් මිලදි ගැනීමට සභා කටයුතු කාරක සභාවේදි තිරණ කර තිබුණත් එහි මිල ගණන් දැනුම් දී තිබුණේ නැහැ. ඒවගේම අමාත්‍ය මණ්ඩලයත් මේ මිල ගණන් දැන නොසිටි බව තමයි ඔවුන් කියා සිටියේ. ටෙන්ඩර් කැඳවීමේදි පළමු වතාවේ ලැබී තිබුණේ එක් අයදුම්පතක් පමණයි.

ඒ අය ප‍්‍රතික්ෂේප වුණේ කෙසේ දැයි පුටුගැන සෙවීමට පත්කළ කමිටු වාර්තාවේ සඳහන් වන්නේ නැහැ. දෙවන වතාවට ලැබුණ අයදුම්පත් තුනමත් අසමත්. එසේ තිබියදි තමයි මුල්‍යමය යෝජනාව පමණක් විවෘත කර බලා මෙට්‍රොපොලිටන් සමාගම තෝරාගෙන තිබෙන්නේ. එය සම්පූර්ණ වැරදි කි‍්‍රියාවක්.  පුටු මිලදි ගැනීමට පෙර ටෙන්ඩරයෙන් අනුමත වූ පුටුවේ සම්පූර්ණ විස්තරයක් මා වෙත ලබාදෙන ලෙසද ප‍්‍රධාන ලේකම්ට දැනුම් දෙනවා. 
       
මේ විදිහට ජනතා මුදල් නාස්ති කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා මෙරට මේ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අහෝසි කර මෙරට නිෂ්පාදිත, මෙරට ආර්ථිකයට ගැලපෙන සාධාරණ මිලකට නව පුටුවක් මිලදී ගන්නා ලෙසත් එලෙස මිලදි ගැනීමට තීරණය කරන පුටුවේ මිල ගණන් ඇතුළු විස්තර මා වෙත දැනුම් දෙන ලෙසත් මා ප‍්‍රධාන ලේම්කවරයාට ලිඛිතව දන්වනවා.
 



අදහස් (6)

සැප පුටු මිලට ගන්න කිසිදු නීතිමය ගිවිසුමක් අත්සන් කර නෑ

OMG Thursday, 13 September 2018 12:28 PM

හරි හරි. ඔබ තුමා ඇත්තම තමා කියන්නේ. අපි පිළිගන්නම් හොදේ.

:       0       2

chathuri Thursday, 13 September 2018 02:03 PM

සැපට ඉදගෙන ඉන්න පුටු මිලදී ගන්න යනවා මේ කට්ටිය. දවසට පැය කියක් වැඩ කරනවද ඕනෑම තැනකට ගියොත් වැඩක් කරගන්න ඇමති, මන්ත්‍රී අද නැහැ හෙට එන්න කියනවා ඉතින්. මෙහෙම අයට ලී පුටු ටිකක්. ඇනවුම් කරන්න.

:       0       24

රවින් Thursday, 13 September 2018 02:14 PM

මහා නස්පැත්තියක් වෙන්නයි යන්නේ.

:       0       22

analyzer Thursday, 13 September 2018 05:32 PM

අනේ ආණ්ඩුකාරතුමෝ, ආර්ථිකයට ගැලපෙනවා කියන පු‍ටුවේ ගාණ කීයද? ආයතනයකට ගැණුම් ඇණවුමක් යවනවා කියන්නේ ලංසු ලේඛනයේ තිබෙන කොන්දේසි බලාත්මක වෙනවා කියන එක. අදාළ පිරිවිතරය අනුමත කරන්න කලිනුයි මේවා හිතන්න තිබුණේ.

:       0       8

Bamunuarachchi Friday, 14 September 2018 01:39 AM

මෙරට ආර්ථිකයට ගැලපෙන්න දෙනවානම් ඉතින් ලී බංකු තමයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවේ ලෝඩ්වරුන්ට වාඩිවෙන්න පුලුවන්නම් මේ ගොයියන්ට බැරිමෝකෝ? ඒගොල්ලන්ට සංසන්දනය කොරනකොට මෙගොයියෝ කව්රුද අපිට?

:       0       4

Bamunuarachchi Friday, 14 September 2018 09:09 AM

ලක්ෂ 10 කට වුණත් කමක් නැහැ. ඇමරිකාවෙන් ගෙන්වලා විදුලිපුටු දෙනවා නම් හැබැයි රිමෝට් එක ජනතාවට දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 90 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 213 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 946 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 119 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 278 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site