(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කාන්තාවන්ගෙන් ලබාගන්නා තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙනයන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අද (25 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවදී රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව දැනුම් දුන්නේය.
සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යයි කුරුණෑගල රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇතැයිද වීරබණ්ඩාර මහතා පැවසීය. එම වෛද්‍යවරයා සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් යටතේ කුරුණෑගල පොලීසිය විසින් දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේවනවිට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටීනම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය .
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සැත්කම්වලින් හානියක් වූ අය ඇත්නම් ඉදිරිපත් වන්න‘යි ඉල්ලීමක්
රවින් Saturday, 25 May 2019 10:28 AM
ඔච්චර දෙයක් වෙනකම් රෝහලේ අනිකුත් අය නිදාගෙනද හිටියේ? සිද්ධිය ඇත්තනම් අනිකුත් අයව ආධාර හා අනුබල දීම යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි නොවේද? මෙහිදී දේශපාලකයන්ගේ අදහස් හෝ ක්‍රමවේද තඹයකට මායිම් නොකළ යුතුවේ.
sirimal Saturday, 25 May 2019 11:08 AM
කෝ අපේ අර වෙදකමට කිසිම සම්බන්ධතාවයක් නැති කරුණු අල්ලාගෙන හිටි හැටියේ වැඩ වර්ජනයකරන වෛද්‍ය සංගමයේ වීරවරයෝ? මේ ගැන කිසි සද්දයක් නැහැනේ. අනේ අනිච්චං...
Raveendra Saturday, 25 May 2019 11:10 AM
කරුණාකර අදාළ කාන්තාවන් ඉදිරියට පැමිණ තමන්ට වූ ජාතිවාදී අසාධාරණය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. මෙය හොඳම අවස්ථාවක්... ජාතිවාදී මෙවන් පාපතර "දොස්තර හොරුන්ට" එරෙහිව නැගීසිටීමට. අප වෛද්‍ය සංගමයෙනුත් ඉල්ලා සිටිනවා මෙවන් "දොස්තර හොරුන්ව" බේරාගැනීමට ඉදිරිපත් නොවන ලෙස. එසේ ඔබලා මෙවන් ජාතියක් විනාශ කිරීමට සූක්ෂම ලෙස ක්‍රියාකළ පාපතරයින්ට කිසියම් හෝ ලෙසකින් උදව් කරන්නේ නම් ඔබලාද හොර දොස්තරලා ලෙස සමාජයේ හංවඩු ගැසීම නිරායාසයෙන්ම සිදුවෙනු ඇත. අපගේ මතෘභූමියට ජය!!!
sameera Saturday, 25 May 2019 11:54 AM
මෙවැනි දොස්තරලාගෙන් බෙහෙත් ගන්න එපා. වඳ සැත්කම් ගැන මිනිස්සුන්ට තේරුණාට තව නොතේරෙන ගොඩක් දේවල් තියෙනවා. හෙම්බිරිස්සාවක්, උණක් හැදුනම ඇන්ටිබයෝටික් දුන්නම ඉක්මනට ලෙඩේ සනීප වෙනවා. නමුත් ටික කාලයක් යද්දී ඇන්ටිබයෝටික් රෙසිස්ටන්ට් වෙනවා. ඊටපස්සේ ලොකු ලෙඩක් හැදිලා ඇන්ටිබයෝටික් දුන්නට වැඩක් වෙන්නේ නෑ. සමහර දොස්තරලා මේ වැඩේ කරනවා. එ්ක නිසා පරිස්සමෙන්...
Amila Saturday, 25 May 2019 11:59 AM
එහෙම දෙයක් වුනා නම් ඒක වෙන්න ඇත්තේ මොහුගේ දැනුවත් භාවයත් එක්කනේ. මොහුගේත් වැඩ තහනම් කර ඉහළ මට්ටමේ පරීක්ශණයක් කළ යුතුයි. අනික කවුද දන්නේ මේ දෙන්නා එකතුවෙලා ගහපු ගේම් එකක්ද එහෙම නැත්තම් දෙන්නා අතර තිබුණු සීතල යුද්ධයක්ද කියලා. අනික මේකේ ගැටලුව සැකකටයුතු ලෙස වත්කම් උපයා ගත්තා නම් ඒකට පියවර ගත යුත්තේ පොලීසිය නොවෙයිනේ. ඒකට අදාල වෙනම ආයතනයක් තියෙනවනේ.
shyam Saturday, 25 May 2019 12:10 PM
සැත්කම්වලට භාජනය වුණු මව්වරුන් සහ එම සැත්කම් කළ වෛද්‍යවරුන් ගැන වාර්තා රෝහලේ තියෙන බැවින් අදාල මව්වරුන් නැවත කැඳවා පරීක්ෂා කළ හැකි නොවේද?
Arjuna Saturday, 25 May 2019 12:23 PM
කට්ටිය බයේ ඇත්තේ, ඔප්පුකරන්න අාපහු සැත්කමක් කරන්න වෙයි කියලා...
Karu Saturday, 25 May 2019 01:33 PM
මේ යකා ජී එම් ඕ ඒ පාදෙනියගේ හොඳ ගෝලයක් .
Sarasi Saturday, 25 May 2019 01:37 PM
ලොකුම හානිය තවත් දරුවෙකු අවශ්‍ය උදවියට එයට අවස්ථාව අහිමි වීම ඇරෙන්න වෙන මොකද්ද ? තමන්ට හානියක් උනාද නැද්ද කියන්න මේ කාන්තාවන් නාරිවේද දොස්තරලා නෙවෙයිනේ. අනෙක කාන්තා ශාරීරික ගැටළු එහෙම සැක පිට තමන්ට අවශ්‍ය වෙලාවට දන ගන්න පුළුවන් ඒවා නෙවෙයි. මේ දොස්තරගෙන් ප්‍රතිකාර ගත සියලුම කාන්තාවන් පරික්ෂා කල යුතුයි. සැක කර කර ඉන්නකොට පෙරහැර ගිහින් තියේවි.
Rupawathie Saturday, 25 May 2019 02:59 PM
කුරුණෑගල ඉස්පිරිතාලේ දරුවන් ලැබීමෙන් පසුව අස්වභාවික ලෙස මිය ගිය තරුණ මව්වරු ගොඩක් වාර්තා උනා පලවෙනි දරු ප්‍රසුතියෙන් පසුව ලේ වහනය වීමෙන්. කියලයි වාර්තා උනේ ?? ඊට එහා දෙයක් අපිට දැනගන්න ලැබුනේ නැහැ ??? පව් අසරණ අපේ අම්මල මුන්ගේ සියලුම දේපල රාජ සන්තක කළ යුතුයි.....
janahitha Saturday, 25 May 2019 04:19 PM
මොහුගෙන් ප්‍රතිකාර ගත් කාන්තාවනි දැන් ඔබගේ වාරය... කරුණාකර නොපැකිලව සහයෝගය දක්වන්න. ස්තුතියි...!!!
Chanak los angeles Saturday, 25 May 2019 04:26 PM
මෙය අමූලික බොරුවක්. සැත්කමක් කරනවිට තව දොස්තරවරුන්, හෙදියන් කීපදෙනෙක් එතන සිටිනවා. එහෙනම් ඔවුනුත් ඔය ක්‍රියාදාමයට එකතු විය යුතුයි. රටේ මුස්ලිම් ව්‍යාපාර කඩා ගිනිතියන්න කැසකවන අන්තවාදීන් පිරිසක් මාන බලමින් ඉන්නවා. නමුත් එම ස්ථාන වල වැඩිම පිරිසක් හැටියට සේවය කරන්නේ සිංහල ජනයා බව මොවුන් සිතන්න ඕනේ... ව්‍යාපාර විනාශ කළොත් ඔවුන් ඒවා රක්ෂණ මාර්ගයෙන් ඒවාට වන්දි ලබාගෙන නැවත ආරම්භ නොකර සිටියි. එතකොට එහි සේවය කළ සිංහල අයට ඔය අන්තවාදීන් වගකියනවද?
PA - RA Saturday, 25 May 2019 04:28 PM
මේ විස්තරය මට බස් රථයේදී කිව්වා. එය සත්‍යයක්... දැන් තමයි රට දන්නේ. මෙය මිනී මැරුමක් වැන්නකි. ඒ නිසා මරණ දඬුවම දිය යුතුය. එය කරන්න බැරි රට කුමකටද?
sriyal Saturday, 25 May 2019 04:35 PM
මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑනේ.. අනික ඕවාට ඉදිරිපත් උණාම කරදර වෙනවා කියලා බයයි. ඒ නිසා මොහු සැත්කම් කළ මව්වරුන් පෞද්ගලිකව හමුවී ගැටළු සොයාගත හැකිය.
kule Saturday, 25 May 2019 05:55 PM
දියවන්නාවේ ඉන්න යහපාලනේ සියලු දෙනාම වඳ කරලයි තියෙන්නේ...
Asoka Saturday, 25 May 2019 06:36 PM
මෙච්චර හානියක් උනාට පස්සේ තමයි මෙයාලට දැනුනේ.
Jaliya Saturday, 25 May 2019 08:14 PM
මුස්ලිම් ඇමතිලා දැනටමත් මේකව නිදහස් කරගන්න දගලනවා ඇති. මට හිතෙන්නේ සල්ලි විසි කරලා මේක යට ගහනවා.
Justinian Sunday, 26 May 2019 01:42 AM
මෙම “වරද” ට අත්අඩංගුවට ගන්න තව අය ඉන්නවා නේද? රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, ඊට අමතරව කොච්චර “ බිස්නස්“ කාරයෝ, පෙරකදෝරුතුමාලා, නඩුකාර උන්නාන්සේලා වගේ අය, දොස්තර මහත්තය මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න තියෙන්නේ... එයාව ඇරෙස්ට් කරපු එකට පොලිසියට විරුද්ධව...!
jayath Sunday, 26 May 2019 03:39 AM
සමීර "ප්‍රතිජීවක ප්‍රතිරෝදය " හැදෙන්න්නේ දොස්තරලා දෙන බෙහෙත් වලින්ම නෙමෙයි. අපේ උදවිය ෆාමසි වලට ගිහිල්ලා "ඕවර් ද කවුන්ටර් " ගන්න ප්‍රතිජීවක හින්දා.. ප්‍රතිජීවකයක මාත්‍රාව සහ දෙනු ලබන කාලය ඉතා වැදගත්... ෆාමසියෙන්, වෛද්‍ය නිර්දේශයකින් තොරව ඉල්ලගෙන කරල් 6 ක් 7 ක් බීල නිකන් ඉන්නවා. මෙතන දී ෆාමසියත් වැරදියි. නමුත් මේක සිරි ලංකාව නොවැ! වඳ සැත්කම් ගැන කියන්න තියෙන්නේ සිසේරියන් නෙමෙයි. ඕන සැත්කමක් "ටීම් වර්ක් " එකක්... එතන තව කට්ටිය ඉන්නවා. අනිත් අයට නොපෙනෙන්න පැලෝපීය නාල 4000ක් ගැට ගැසීම තරමක් අසීරු වැඩක්! නමුත් මිනිහ අරයගෙ යාලුවෙක් නොවැ! ඒ හින්ද සැකයක් තියනවා.
අචලා Monday, 27 May 2019 01:55 PM
පුදුමයිනේ, කාන්තා සංවිධාන මේවාට මොකුත්ම කියන්නේ නැතුව ඉන්න එක... හාවි වින්ස්ටන් කාන්තාවන් 50ටද කොහේද අතවර කරා කියලා බටහිර මාධ්‍යය මැරෙන්න හැදුවා. තාම නිව්ස් අඩු නැතුව යනවා. නමුත් කාන්තාවන් 4000ක් වඳ කරපු මේ වගේ දොස්තර කෙනෙක්ට මොකුත් කියන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි එන්.ජී.ඕ. අයත් මේ මනුෂ්‍යයාට සහාය පළකරනවා. ට්විටර් සමාජ මාධ්‍යයේ... මේ ඔක්කොම ලැජ්ජා වෙන්න ඕනේ අසරණ දුප්පත් කාන්තාවන්ට කරන වින්නැහියට...
rehan Wednesday, 29 May 2019 05:31 AM
ඇත්තෙන්ම මෙම සැකකරු වරදකරු බවට ඔප්පු වුණානම්, ඔහු කල ක්‍රියාව සහරාන් කල ක්‍රියාවටත් වඩා ඉතාමත් දරුණු බරපතල වරදක්.
DM Wednesday, 29 May 2019 10:17 AM
ලාහට ගෙම්බෝ එකතුකරනවා වගේ වෙයි...
amarabandu Wednesday, 29 May 2019 10:20 AM
වීරබන්ඩාටත් කුට්ටිය කැපෙන්න ඇති... හොයලා බැලුවා නම්...
jeev Wednesday, 29 May 2019 10:43 AM
500 ක් ආවත් 0.1 % ය